Author: Dhanushka

අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම දාගැබේ පැලුම් පරීක්ෂා කිරීම සඳහා හෙට දිනයේ විශේෂ කණ්ඩායමක් අනුරාධපුරය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊට එක්වන බවයි. ඊට අමතරව දාගැබේ පැලුම් පරීක්ෂා කිරීමට පත්කළ විද්වත් කමිටුවේ සාමාජිකයින් ද ඊට එක්වනු ඇති බව සදහන්. අමාත්‍යවරයා පැවසුවේ පැලුම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ සඳහා කඩිනමින් යෙදිය යුතු ප්‍රතිකර්ම පිළිබඳ නිගමනයකට එළඹෙන බවයි.

තව කියවන්​න

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙන්නේ උත්සව සමයේ ජනතාවගේ දේපළ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවයි. උත්සව සමය හේතුවෙන් ගැටකපන්නන් වැඩිවශයෙන් මහජනතාව රැඳී සිටින තැන්වල ගැවසීම හේතුවෙන් සිය බඩුබාහිරාදිය මෙන්ම මුදල් පසුම්බිය පිළිබදව ද ජනතාවද අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රැඳවුම් නියෝග මත පූජාපිටිය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවෙන් මිදි පලායාමේ සිද්ධියකට පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස පලා ගොස් ඇත්තේ පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙක්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3000 ක් සොයාගෙන ඇති අතර පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින අවස්ථාවේදියි ඔහු මෙලෙස පළාගොස් ඇත්තේ.

තව කියවන්​න

දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන සංචාරකයින් විශේෂ පරීක්ෂාවකට ලක්කෙරන බව පොලිසිය පවසනවා. දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග දුම්රියෙන් පැමිණෙන සංචාරකයින් මෙලෙස පරීක්ෂාවට ලක්කෙරෙන බවයි පොලිසිය සදහන් කළේ. හැටන් කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතයි මෙය ක්‍රියාත්මක වන්නේ. මේ අතර ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට විශේෂ ලංගම බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 යි 20 තුන්කොන් තරගාවලියේ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම ලකුණු 7 කින් පරාජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 117 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

තව කියවන්​න

එළඹෙන මැයි මාසය වන විට වතු පාසල් සදහා ගුරු සහයකයින් 2535 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. ඊට අදළ අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි ඔහු සදහන් කළේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දී ඇති අවසරය මත මෙම බඳවා ගැනීම් සිදුකරනු ලබනවා.

තව කියවන්​න

රත්නපුර ශ්‍රීපාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100 පමණ ප්‍රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දි රෝහල් ගත කිරිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස නැමති 25 හැවිරිදි තරුණයෙකි. තුවලකරු තවත් පිරිසක් සමග රත්නපුර ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව වෙත ගමන් කර ඇති අතර අද අලුයම 4.45 ට පමණ භාරත් චන්ද්‍රදාස් එම මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදි ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100 පමණ ප්‍රපාතයට ඇද වැටි ඇත. සිදුවිම සම්බන්ධයෙන් ශ්‍රීපාද උඩමළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ…

තව කියවන්​න

2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා මාස 08 ක කාලයක් තුළ මෙරටට වාහන 5,300 ක් ආනයනය කර ඇති බව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවකින් පෙනවා දෙනවා. 2023 ජනවාරි 10 වැනිදායින් පසු ආනයනය කළ වාහන අතුරින් යතුරුපැදි 4,193ක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති බවයි එම වාර්තාවේ සදහන් වන්නේ. කෙසේ වෙතත් 2022 වසරේදී මෙම කාලසීමාව තුළ යතුරුපැදි 10,017 ක් ආනයනය කර තිබූ බව සදහන්. ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මෙම කාලසීමාව තුළ යතුරුපැදි ආනයනය කිරීම් 5,824 න් පහළ ගොස් තිබෙනවා. 2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා මාස 08 ක කාලයක් තුළ මෝටර් රථ 596…

තව කියවන්​න

විකිරණ තාක්ෂණවේදී සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 10 ක සී.ටී ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. එමෙන්ම බොහෝ වෛද්‍ය පරීක්ණ කටයුතු සිදු කිරීමේදී ද විශාල ගැටළු ප්‍රමාණයක් මතුව ඇති බවයි රජයේ විකීරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සදහන් කරන්නේ. පොළොන්නරුව විශේෂිත වකුගඩු රෝහල තුළ නිලධාරීන් 06 ක් සේවය කළ යුතු වුවත් එම රෝහළ තුළ ස්ථීර වශයෙන් එක් නිලධාරියෙකුවත් සේවය නොකරන බව සදහන්.

තව කියවන්​න

කුඩා දරුවන් අතර මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබද සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් කරනවා. වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගය ආසාදනය විය හැකි බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කළේ. එහිදි රෝගය වැළඳුනු දරුවන්ගේ මුඛ්‍ය තුළ සහ අත් පා මත කුඩා බිබිළි හටගැනීමට ද දැකගත හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙන්වා.

තව කියවන්​න