- රට ගොඩනගන මෙහෙයුමට එකසත් ජාතීන්ගේ සංවිධානයත් එක්වෙයි
- නුවරඑළියේ බෝට්ටු පැදීමට අවසර නොමැතිවීමෙන් කම්කරුවන් පීඩාවට
- Photos: නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගය සැහැල්ලු වාහනවලට විවෘත වෙයි
- වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කොට ලක්ෂ පහක දඩකයි
- දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මත වෙයි
- ආපදාවට ලක්වූ් 85,000 කට වැඩි පිරිසක් තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථානවල
- බිත්තර මිල වැඩි නොවන බවට නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්
- බදුල්ලේ නායයාමේ අවදානමක් – පවුල් 238 ක් ආරක්ෂිත ස්ථානවලට
Author: Dhanushka
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අතිරේක ගුවන් යානාවක් සහිතව පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම සදහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුවයි මෙම පත්කිරීම සිදු කර තිබෙන්නේ.
කලවාන නගරයේ වාහන අලුත්වැඩියා කරන ආයතනයක් අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ගොණගලකන්ද ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්. බහින් බස් වීමක් දුර දිග යාම මෙම ඝාතනයට හේතුව වී ඇති බවයි කලවාන පොලිසිය පවසන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන්ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැරයාමේ ප්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි. ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සහිත රටක් වන ඉන්දුනීසියාවේ අන්තර් ආගමික සහයෝගය ශක්තිමත් කිරීමට සහ ආගමික ප්‍රජාවන් අතර වැඩි අවබෝධයක් ඇතිකිරීමේ අරමුණින් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිදුකළ ආරාධනයකට අනුවයි පාප් වහන්සේ මෙම සංචාරයේ නිරතවන්නේ. එරට තුළ ආසන්න වශයෙන් මුස්ලිම්වරුන් මිලියන 242 ක් සහ කතෝලිකයන් මිලියන 8 ක් ඇතුළුව මිලියන 29 ක් පමණ කිතුනුවන් වාසය කරනවා. ඉන්දුනීසියාවට අමතරව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අගෝස්තු මාසයේදී පැපුවා නිව්ගිනියාවේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව අක්‍රීය ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. 2015 වර්ෂයේදී විමල් වීරවංශ මහතා සතුව අක්‍රීය ගමන් බලපත්‍රයක් තිබෙන බවට දත්ත පද්ධතිය පෙන්නුම් කිරීම හේතුවෙන් අදාළ නඩුව ඔහුට පවරනු ලැබුවා. මේ අනුව දීර්ඝව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුවයි මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ.
අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු සහ කළමනාකරණ කටයුතු අද සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා දී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස 6 ක් ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට ද නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්යමණ්ඩලය වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට තීරණය කර ඇති බව සදහන්.
මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි බවටයි ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.
දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පසුගියදා පක්ෂ මූලස්ථානයේදී රැස් වී දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ඉවත් කිරීමට තීරණ කර තිබුණා.
බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු වුවහොත් කේක් කිලෝවක මිලද රුපියල් 100 කින් පහත දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. උත්සව සමයේදී දේශීය බිත්තරයක මිල රුපියල් 35ට වඩා අඩු මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේ. විශේෂයෙන් උත්සව සමයේදී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපළට සැපයීමට පියවර ගන්නා බවත්, ඒ අනුව අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු වුවහොත් පමණක් කේක් ඇතුලු බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල පහත දමන බවයි සමස්ත ලංකා බේකරි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















