- රජය අපහසුතාවයට පත් කරන බොරු ප්‍රකාශ කරන්න එපා
- පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි
- ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි
- ජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
- සොබා දහම අපිට දඬුවම් දුන්නා – කාදිනල් හිමි – VIDEO –
Author: Dhanushka
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතිය යටතේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක දායකත්වයක් මෙම මස අවසන් වන විට එක් කිරීමට නියමිත බව සඳහන් වනවා. මෙම ව්‍යපෘතිය අප්‍රේල් මස අවසන් වන විට විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව වාරිමාර්ග, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා. පසුගියදා එම අමාත්‍යාංශයේ පැවති මෙම ව්‍යපෘතිය පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.
මෙම වසරේ පළමු මාස 03 ඇතුළත සංචාරකයින් 6 ලක්ෂ 35,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එමඟින් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,025 ක් බව අමාත්‍යවරයා සඳහන් කළා. වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට ඉඩ තිබෙන බව ද ඔහු කියා සිටියා. මේ වන විට වසරක දී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ 2018 වසරේ දී වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 23 ක් බවයි සඳහන් වන්නේ.
කොම්පඤ්ඤ වීදිය, විනිසුරු අග්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිතව ඇති අතර සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 5 කට අධික බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
අප්‍රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජයේ අවදානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන තීරණය ගැනීම සදහා මෙම යෝජනාව අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට දැනුම් දීමටයි නියමිතව ඇත්තේ. අප්‍රේල් මස 14 වන දිනයේ අලුත් අවුරුදු නැකත් පැවැත්වෙන අතර 15 වන සඳුදා සාමාන්‍ය රාජකාරි දිනයක් වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට රජයේ අවදානය යොමුව තිබෙනවා.
ගාසා තීරයට ආධාර ලබාදීම සදහා වන නව මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබාදුන් බව ඊශ්‍රායලය පවසනවා. ඒ හරහා මානූෂීය ආධාර ලබාදීමට හැකියාව පවතින බවට ඊශ්‍රායලය සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ගාසා තීරයේ සිවිල් වැසියන්ට හානි කිරීම වැළැක්විය යුතු බවට අමෙරිකාව විසින් අනතුරු ඇඟවීමක් සිදු කළා. ඒ අනුව මෙම ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඊශ්‍රායලයට අමෙරිකානු සහය අඛණ්ඩව ලබානොදෙන බවයි ප්‍රකාශ කර තිබුණේ. එම අනතුරු ඇඟවීමෙන් පසුව කෙටි කාලයක් තුළ මෙම පියවර ගැනීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා.
විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සදහා විද්්‍යුත් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවෙන් ලබාදුන් නියෝගයකට අනුවයි. විදුලි වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකරනු ලබන වෝහාරික විගණනය අවසන් වන තෙක් මෙම අත්හිටුවීම බලපැවැත්වෙන බවයි ක්‍රම සහා විධි පිළිබද කාරක සභාව සදහන් කළේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවෙන් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 5 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මෙලෙස පොලිස්පතිවරයාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වන විට වාණිජ ණය හිමියන් සමග එකඟතාවකට එළඹීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට බැඳුම්කරහිමියන් සමග ඩොලර් බිලියන 12 ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සදහා සාකච්ඡා කරමින් පවතින අතර එය ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය පියවරක් ලෙසයි සැලකෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාවක් වන ජූලි කොසැක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම කරුණු සදහන් කර තිබුණා.
මෙරට ජේ්‍යෂ්ඨ පුරවැසියන් සදහා ලබාදෙන පොලිය යළ් සියයට 15 ක් දක්වා ඉහළ දමන තුරු අඛණ්ඩව හඬනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සක්වල වැඩසටහන යටතේ මුලතිව්, වැලිඔය, අහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාරමයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
2022 වසර හා සන්සන්දනය කරන විට 2023 වසරේදී රාජ්‍ය ආදායම සියයට 50 කට වඩා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් රට තුළ වර්තමානයේ නිර්මාණය වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රත්නපුර නගරයේ ඉදිකෙරුණු මැණික් කු`ඵණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















