Author: Dhanushka

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල් ප්‍රාණඇපකරුවන් 130 දෙනෙකුගෙන් 34 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එසේ මියගිය 34 දෙනාගෙන් 12 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවයි. ප්‍රාණ ඇපකරුවන් මියගොස් ඇත්තේ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් බවයි හමාස් සංවිධානය පවසන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණ ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවට භාර දී තිබෙනවා. දේශපාලන මණ්ඩල රැස්වීමේදී කරන ලද නව පත්කිරීම් සම්බන්ධයෙන් එහිදී කොමිසම දැනුවත් කර ඇති බව සදහන්.

තව කියවන්​න

ජනමතයත් කොටස් වෙළදපොළේ කොටස් මිල මෙන් දිනෙන් දින වෙනස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඉදිරි මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කරන්නේද යන්න කිසිවිටෙකත් මාස 6 කට ප්‍රථම ප්‍රකාශ කළ නොහැකි බවයි ඒ මහතා කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ.

තව කියවන්​න

2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අදින් ආරම්භ වනවා . මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්. එස් රත්නායක මහතා සඳහන් කළේ ඡන්දහිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූවා නම් ඒ සඳහා අද සිට මැයි මස 06 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බවයි. නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාමසේවා නිලධාරිවරයා හෝ මැතිවරණ කාර්යාලය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනිමට හැකියාව පවතිනවා.

තව කියවන්​න

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලිසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බවයි.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ඔවුන් මුහුණ දුන් තරග 4 ම ජයග්‍රහණය කරමින්. දෙවන ස්ථානයේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමත්, තෙවන ස්ථානයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමත් පසුවනවා. චෙන්නායි සුපර් කිංග්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන හා හයවන ස්ථානයන් හි පසුවනවා.

තව කියවන්​න

දේශගුණික ක්‍රියාකාරිනයක වන ග්‍රේටා තුන්බර්ග් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. නේදර්ලන්තයේ හේග් අගනුවර පැවති විරෝධතාවයක් අතරතුරදියි ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොසිල ඉන්ධන භාවිතයට විරෝධය පළකරමින් සංවිධානය කර තිබු විරෝධතාවයකට ඇය සහභාගි වී තිබුණා. ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් එම විරෝධතාවය පැවැත්වීම හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කළ අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

තව කියවන්​න

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ඊයේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමින්.

තව කියවන්​න

විනාශ වු ඛාන් යුනිස් ප්‍රදේශයට පලස්තීනුවන් නැවතත් පැමිණෙමින් සිටිනවා. ගාසා තීරයේ දකුණු දිග නගරයක් වන ඛාන් යුනිස් වෙත ඊශ්‍රායල හමුදා දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමත් සමග එම ප්‍රදේශය නටඹුන් බවට පත්වුණා. කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රදේශයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමත් සමග යළිත් පලස්තීන වැසියන් එම ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසන්නේ ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශයෙන් ඉවත් වුව ද ඉදිරි මෙහෙයුම් සැලසුම් කරමින් සිටින බවයි. ගාසා තීරයේ නුසෙයිරාත්, රාෆා හා වෆා ප්‍රදේශවලට එල්ල වු ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තව කියවන්​න

මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යාත්‍රාවේ සිටි බවට විශ්වාස කෙරෙන 130 දෙනෙකුගෙන් පස් දෙනෙකු පමණ මේ වන විට බේරාගෙන ඇති බවයි නාම්පුලා පළාතේ නිලධාරීන් පවසන්නේ. මියගිය අය අතර කුඩා දරුවන් රැසක් ද සිටින බවයි නාම්පුලා රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. එහිදී ඔහු සඳහන් කර සිටියේ තදබදය හේතුවෙන් යාත්‍රාව දියේ ගිලී ඇති බවයි.

තව කියවන්​න