- හානි වූ නිවාස යළි ගොඩනැගීමට සහයවීමට කැමැති අය වෙනුවෙන් දුරකථන අංක දෙකක්
- දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
- නුවරඑළියෙන් රට වටේටම එළවළු කිලෝ 88,000ක්
- නායගිය පාරක් හදන්න පළාත් පාලන ආයතන රැසක් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වය
- රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
- VIDEO: ෆේස්බුක් සාදයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත්
- සුංගාවිල – සෝමාවතිය පාර තාවකාලිකව වසා දැමේ
- නුවරඑළිය තිබුණටත් වඩා හොඳ තත්ත්වයට ගෙන ඒමට සියලු දෙනා එක්විය යුතුයි
Author: Dhanushka
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව අමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පවසා තිබෙනවා. ජේක් ස්ලිවන් මේ බව සඳහන් කළේ ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමඟ දුරකතන සාකච්ඡාවකට එක්වෙමින්.
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක අදට යෙදී තිබෙනවා. නැකත් සිට්ටුවේ සඳහන් වන්නේ අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයත් අදට යෙදී ඇති බවයි. පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්. සිංහල දෙමළ අලුත් අවුරුද්ද තවත් දින තුනකින් උදාවීමට නියමිතයි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 200 ක පාඩුවක් සිදුව තිබෙනවා. අදාළ ව්‍යාපෘතියට 2008 වසරේදී කැබිනට් අනුමැතිය හිමිව තිබු අතර ඊට 2010 වසරේදී සැලසුම් කළ වියදම ඩොලර් මිලියන 529 ක්. මෙම ව්‍යාපෘතියේ වැඩ 2015 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් මේ වන විට එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ඇති අතර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෙම මාසය තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
රුපියල් කෝටි 6 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාළිගාවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රැම් 105 ක තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 7,50,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙන බව සදහන්.
ඊශ්‍රායාලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු ශ්‍රී ලාංකික කණ්ඩායමට ගුවන් ටිකට් පත් පිරිනමා තිබෙනවා. ඒ, විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි. ඊශ්‍රායාලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා 20,000 ක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. ඒ අනුව 125 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැකියා සදහා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ .
අප්‍රේල් සහ මැයි මාස සඳහා සහල් කිලෝග්‍රෑම් 10 ක් ලබාදීමේ වැඩසටහන ලබන 21 වැනිදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ අනුව පවුල් ලක්ෂ 27 ක් සඳහා මෙම සහල් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙම සහනාධාරය ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයකට හිමිවනු ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.
2024 වසරේ මුල් මාස 3 තුළ බන්ධනාගාර රැඳවියන් 53 දෙනෙකු මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. ඔහු පැවසුවේ පහරදීම්, සියදිවිනසා ගැනීම්, අසනීප තත්වයන් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවයි. 2023 වර්ෂයේදී බන්ධනාගාර රැඳවියන් 209 දෙනෙකු මියගොස් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් කියා සිටියේ උත්සව සමයේ හදිසි අනතුරුවලින් සියයට 36 ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන බවයි. එමෙන්ම සියයට 17 ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.
මේ අනුව බස්රථ 1000 ක් ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා කියා සිටියේ. එමෙන්ම සාමාන්‍ය දුම්රිය ගමන්වාර හැර විශේෂ දුම්රිය 12 ක් ධාවනයට එක් කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින් සදහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද දින ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම වැටුපට රාජ්‍ය සේවකයින් සදහා වැඩිකළ රුපියල් 10,000 ක දීමනාව ද එක් කර ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














