Author: Dhanushka

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් විදාරණය වීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගිනිකන්ද අද දිනයේදී පස් වතාවක් පුපුරා යාමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව ගිනි කන්ද අවට පදිංචිව සිටි පුද්ගලයින් 11,000 ක් පමණ කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර සංචාරකයින් සහ එම ප්‍රදේශයේ පදංචි පුද්ගලයින්ට ගිනි කන්ද පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර 6 ක් පමණ දුරින් සිටින ලෙසට ද එරට බලධාරින් අනතුරු අඟවා තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය මැයි මස 9 වන දා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා. ඒ, අදාළ නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින් සදහා විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බවත් දක්ෂතා ඇති සහතිකපත් නොමැති වෘත්තිකයන්ට සිය අමාත්‍යාංශය යටතේ කෙටි පුහුණුවකින් සහ පරීක්ෂණයකින් සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි. ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙල මේ වනවිටත් මුදල් අමාත්‍යංශයට ඉදරිපත් කර ඇති බවයි අමත්‍යවරයා කියා සිටියේ. ලක්ෂ 12 ක ජනතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

මියන්මාරයේදී සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඔවුන් තායිලන්තයේ සිට කටුනායකට පැමිණීමට නියමිත බව සදහන්. මේ අතර එම සන්නද්ධ කණ්ඩායමේ ග්‍රහණයේ සිටින අනෙක් 48 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා සදහන් කළා.

තව කියවන්​න

මෙම වසරේ ජනවාර් 01 වැනිදා සිට අප්‍රේල් 31 වැනිදා දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම් 30 ක් සිදුව ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මීට හේතුව වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ. මෙම පීළි පැනීම්වලින් 18 ක් මගී දුම්රිය පීළි පැනීම් වන අතර ඉතිරි දුම්රිය 13 දුම්රිය අංගනවල පීළිපැනීම් බව ස‘දහන්. මෙලෙස වැඩිවශයෙන් දුම්රිය පීළිපැනීම සිදුව ඇත්තේ උඩරට මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ වන අතර දුම්රිය නිසි ලෙස නඩත්තු නොකරන්නේ නම් ඉදිරියේදී පීළිපැනීම් වැඩි වියහැකි බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

තව කියවන්​න

මෙම වසර අවසන් වන විට මෙරටට සංචාරකයින් ලක්ෂ 25 ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි අමාත්‍යවරිය මේ බව සදහන් කළේ. මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට සිදුවන හිරිහැර වැළැක්වීමට නිසි පියවර ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සදහන් කළා.

තව කියවන්​න

ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ ගැට`ඵ වසර 10 කට අධික කාලයක් විසඳීමට කටයුතු නොකිරීම හේතුවෙන් සංකේතාත්මක වැඩවර්ජනයක නිරත වීමට ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගම තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 29 වන දා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ සභාපති අනුරාධ සෙනවිරත්න මහතා සදහන් කළේ.

තව කියවන්​න

ක`ඵතර දකුණ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. එම කාන්තාවන් දෙදෙනා දින කිහිපයක සිට අතුරුදන්ව සිට ඇති අතර අදාළ නිවස ආසන්නයේ දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසින් 119 දුරකථන අංකයට ලබාදුන් පණිවිඩයක් අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ. මියගිය කාන්තාවන් දෙදෙනා 65 සහ 79 යන වයස්වල පසුවන අතර මෘතශරීර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

තව කියවන්​න

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සදහන් කර ඇත්තේ. ඒ අනුව ලබන සතිය තුළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා. අක්කර දෙදහසකට ආසන්න වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම ගොවිපලවල සිටි සතුන් 200 කට අධික සංඛ්‍යාවක් ගංවතුරට හසුව ඇති බව ද සදහන්.

තව කියවන්​න