Author: Dhanushka

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට ඇරඹීමට කටයුතු කර තිබෙනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මෙලෙස මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමටයි තීරණය කර ඇති බවයි.

තව කියවන්​න

සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව තිබෙනවා. ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරටයි එම මහත්මියගේ නම අතුලත් කර ඇත්තේ. කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් වනවා. ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවයි  ටයිම්ස් සඟරාව වාර්තා කර ඇත්තේ.

තව කියවන්​න

ටික්ටොක් තහනම් කිරීමේ පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙනවා. ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට ඒ අනුව එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9 ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිත වනවා. මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.

තව කියවන්​න

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළා. තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ.

තව කියවන්​න

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙකු රුපියල් 5,000 ක අල්ලසක් ලබාගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා. පසුව ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙන්නේ පුත්තලම ක්වාසි උසාවියෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළ වූ දික්කසාද සහතිකයක් ලබාදීම සඳහායි.

තව කියවන්​න

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය මාර්තු 2 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස 29 වන දින සිට මැයි මස 9 වන දින දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි. සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පවත්වාගෙන යන තවත් ආයතන 08 ක් නම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ එසේ හඳුනාගත් ආයතනවලට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාගේ සහාය ඉල්ලා ඇති බවයි. කෙසේ නමුත් මහ බැංකුව පවසන්නේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදුවනවා. දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරු 04 ට මෙම හමුව සිදුවනු ඇති බවයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අදාල හමුව සිදුවන අතර එය තීරණාමත්ක වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිලිබද මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතව ඇති බව සදහන් . මීට පෙරද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර ඒවා එකගතාවයකින් තොරවයි අවසන් වුනේ .

තව කියවන්​න

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය පවසනවා. ඉරාන ජනාධිපතිවරයා පාකිස්ථානයේ සිදුකරන ලද සංචාරකයකින් අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව අනිද්දා දින ජනතා අයිතියට පත් කරන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ලද ආරාධනයකට අනුවයි ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

තව කියවන්​න

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව යුද හමුදාව පවසනවා . 21 වැනිදා සිදු වූ මෙම අනතුරෙන් හත්දෙනෙකුට දිවි අහිමි වුණා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු මෙම තරගාවලිය සංවිධාන කළ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිත බවයි යුද හමුදාව සඳහන් කළේ. මෙම අනතුරින් තුවාල ලැබූ 21 දෙනෙකු දියතලාව සහ බදුල්ල රෝහල් වෙත ඇතුළත් කෙරුණු අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. සෙසු 18 දෙනාගෙන් 11 දෙනෙකු දියතලාව මූලික රෝහලේත් 07 දෙනෙකු බදුල්ල රෝහලේත් ප්‍රතිකාර ලබන…

තව කියවන්​න