- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්
Author: Dhanushka
දිවයින පුරා සිටින පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් හෙට දින මැයි පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා. ලෝක කම්කරු දිනය නිමිත්තෙන් දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 2100 ක පමණ ප්‍රමාණයක් හා රථ වාහන රාජකාරි සඳහා නිලධාරීන් 1300 ක ප්‍රමාණයක් රාජකාරි සඳහා යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
2021 වසරේ සිට මේ දක්වා වතු කම්කරුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසනවා. පසුගිය 2021 දී වතු කම්කරුවන් එක් ලක්ෂ තිස් තුන්දහසක් රැකියාවේ නිරත වූ නමුත් මේ වන විට එම පිරිස 86,000 දක්වා අඩුවී ඇති බවත්, ඔවුන් බොහෝ ප්‍රමාණයක් රැකියා සඳහා කොළඹට සංක්‍රමණය වී ඇති බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්ටන් සෙල්වරාජ් මහතා සඳහන් කරනවා. වර්තමානය වන විට තේ කර්මාන්තශාලා 198 ක් වසා දමා ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ. දෛනික වැටුපක් ඉල්ලා තම සංගමය අඛණ්ඩව අරගල කරන බවද වර්තමාන ජීවන වියදම හමුවේ වතු කම්කරුවන්ට රුපියල් 2000 ක වැටුපක්…
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේදී සිදුවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන් ඉන්ධන මිල පහළ යනු ඇති බවටයි වෙළදපොල ආරංචි මාර්ග පවසන්නේ. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවුණේ පසුගිය මාර්තු මස 31 වන දායි.
ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2007 වර්ෂයේ ජනවාරි 31 වන දිනට පෙර උපන් වැසියන් ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ. එසේ නොමැති නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිස ඒ පිළිබදව තොරතුරු නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කරගන්නා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියා.
වසරේ පළමු මාස 4 ට පමණක් මෙරටින් පුද්ගලයින් 2,064 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාල රැකියා සඳහා 1708 දෙනෙකු සහ ධීවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකු දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශීි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ඔවුන් මුහුණ දුන් තරග 9 න් තරග 8 ක් ජයග්‍රහණය කරමින්. දෙවන ස්ථානයේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමත්, තෙවන ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් පසුවනවා. සන්රයිසස් හයිද්‍රාබාද්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන සහ හයවන ස්ථානයන්හි පසුවනවා.
ජා-ඇල රුක්මණි දේවි හන්දිය අසලදී ගජමුතු 5 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගජමුතු 5 රුපියල් හත් කෝටි විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 34 හා 40 යන වයස්වල පසුවන නිකවැරටිය, හැටන්, වැලිමඩ සහ තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
චීනයේ ග්වැන්ග්ෂූ නගරයට බලපෑ ටොනේඩෝවකින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. චීනයේ දකුණුදිග නගරයක් වන ග්වැන්ග්ෂූ වෙත බලපෑ මෙම තත්ත්වයෙන් නිවාස රැසකට ද හානි සිදුව ඇති අතර පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ට්‍රක් රථ හා මෝටර් රථ ඇතුළු වාහන රැසකටද මෙම ටොනේඩෝවෙන් හානි සිදුව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙසයි මන්ත්‍රිවරයාට දැනුම් දී ඇත්තේ. රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මෙලෙස පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා. ක්‍රිඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ කේන් විලියම්සන්ටයි. ඩොවොන් කොන්වේ, ටිම් සවුති සහ ටේරන්ට් බෝල්ට් ද නවසීලන්ත විස්සයි විස්ස සංචිතයට කැඳවීම විශේෂත්වයක්. එමෙන්ම රචින් රවින්ද්‍රා සහ මැට් හෙන්රි ද පළමු වරට නවසීලන්තය වෙනුවෙන් පන්දුවාර විස්ස ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















