Author: Dhanushka

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග 13 න් තරග 9 ක් ජයග්‍රහණය කරමින්. දෙවන ස්ථානයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩාමත්, තෙවන ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් පසුවනවා. සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලූරු යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන සහ හයවන ස්ථානයන් හි පසුවනවා.

තව කියවන්​න

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා සම්බන්ධයෙන් මෙම සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්්‍ය සුරේන් රාගවන් මහතා පවසනවා. මහ භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකා බලා මෙම තීරණය ගන්නා බවයි ඔහු සදහන් කළේ. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් බිලියන 1.3 ක් පමණ වැයවන බවද රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා සදහන් කළා.

තව කියවන්​න

අනාගත රජයක් යටතේ රටේ දරු පරපුර වෙනුවෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි අවම කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මහර පැවති හුස්මක් වැඩසටහනේ 60 වැනි අදියරට එක්වෙමින්. එහිදී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මල්වතු හිරිපිටිය රෝහලට රුපියල් ලක්ෂ 13 ක් වටිනා යන්ත්‍ර පරිත්‍යාග කිරිමක් ද සිදු කරනු ලැබුවා.

තව කියවන්​න

විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් මිලියන 162ක අමතර වියදමක් දැරීමට සිදුවී ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණ වුණා. ලංකා විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී වැඩිදුරටත් අනාවරණය වුණේ එම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවලින් උත්පාදනය කිරීමට තිබූ විදුලි ඒකක කිලෝවොට් 1,95,000ක් අහිමි වී ඇති බවයි.

තව කියවන්​න

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට ශ්‍රී ලංකාව බවත් මේ වන විට දූෂණය පිටුදැකීම වෙනුවෙන් විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බවයි. තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා

තව කියවන්​න

පොලිතීන් තහනම් කිරීම හේතුවෙන් වෙසක් සැරසිලි සඳහා ද එම ද්‍රව්‍ය භාවිත කිරීම සිදු නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබෙනවා. වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී, පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිතා කිරීමට කටයුතු කරන ලෙසයින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

මහනුවර ඇසළ පෙරහර පවතින කාලසීමාවේදීම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර මංල්‍යය යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගි කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලිඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහර සදහා යොදාගැනීමට ඒ අනුව සැලසුම් කර ඇති බවයි එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සදහන් කළේ.

තව කියවන්​න

පසුගිය සතිය තුළදී පමණක් ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියන් හාරලක්ෂ පනස් දහසක් පමණ පලාගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. රෆා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බැවින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය ජනතාවට දැනුම් දුන්නා. ඊට ප්‍රතිචාරයක් ලෙසයි මෙම පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇත්තේ. ඊශ්‍රායල යුද ටැංකි රෆා ප්‍රදේශයේ සීමාවන් අසලටම මේ වනවිට පැමිණ සිටින අතර ඕනෑම මොහොතක එම ප්‍රදේශය ආක්‍රමණය කිරීමේ හැකියාව පවතිනවා.

තව කියවන්​න

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාඳුරු රෝගීන් 264 ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාඳුරු මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ ඉන් 24 දෙනෙකු අවුරුදු 15 ට අඩු දරුවන් බවයි.

තව කියවන්​න

රුසියා – යුක්රේන යුද්ධයේදී මෙරට විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී මේ පිළිබද අනාවරණය වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. මෙම සිද්ධියේදී රජය වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

තව කියවන්​න