- දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පිළිබද අනාවරණයක්
- කන්කසන්තුරය අනුරාධපුරය දුම්රිය ගමන් අද සිට ඇරඹෙයි
- උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම් මැදිරියක්
- ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
- සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
- පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
Author: Dhanushka
ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ සමත් වුණා. ඒ ප්‍රංශයේ පියර් හියුග්ස් හර්බට් පරාජයට පත් කරමින්. මෙහිදී 6 ට 4 ක්, 7 ට 6 ක් සහ 6 ට 4 ක් ලෙසයි ජොකොවිච් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ. ඒ අනුව ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ දෙවැනි වටයේදී නොවැක් ජොකොවිච් ස්පාඤ්ඤයේ රොබර්ටෝ කාර්බල්ස් බේනා සමග තරඟ කිරීමට නියමිතයි.
පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව වාර්තා වනවා. පවතින උෂ්ණාධික කාලගුණය තවදුරටත් අධික විය හැකි බවටයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. මේ හේතුවෙන් රට පුරා රෝහල් රැසකින් හදවත් රෝගීන් වාර්තා වීම ද ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ද අධික උෂ්ණත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව සදහන්. උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් දිල්ලි නගරයට රතු නිවේදන නිකුත් කර ඇති අතර ඉදිරි දින 3 ක කාලය පුරා එය බලපැවැත්වෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව අද දින කොළඹ දිසා අධිකරණය ඉදිරියේ අදාළ නඩුව කැඳවනු ලැබුවා. එහිදී අදාළ වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසිනුයි අදාළ නඩුව අධිකරණය ඉදිරියේ ගොනු කරනු ලැබුවේ.
අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිල දැනුම් දීමකින් තොරව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටු වෘත්තිය සංගමය පවසනවා. දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බැහැරව සේවයට වාර්තා කරන ලෙසට විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තිය සමිතිවලින් අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ දින ඉල්ලීමක් සිදු කළා. අදාළ අමාත්‍යංශය සදහන් කළේ ඔවුන්ගේ ගැටලු පිළිබදව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.
අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා . නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8 කින් පමණ ශක්තිමත් වී ඇති බවයි. රුපියලේ අගය ඉහළ යාම උද්ධමනය අඩු කිරීමට සහ සමස්ත ජීවන වියදම අඩු කිරීමට සහ විදේශ ණය ගෙවීමට පහසුවක් වනු ඇති බව සදහන් . එමගින් ගෝලීය වශයෙන් මෙරට මූල්‍ය ශක්තිය පිළිබඳ විශ්වාසය වැඩි කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා .
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟාවලිය යටතේ අද පැවති තරඟයෙකින් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේරලියානු කණ්ඩාම සමත් වුණා. ඒ නැමීබියා කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 119ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේරලියානු කණ්ඩායමට පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 123ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදිවියේ පසුවන සවුත්බාර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මීරිගම සිට කොළඹ බලා ධාවනය වූ මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදීයි කාර්මික දෝෂයට ලක්ව ඇත්තේ. ඒ අනුව කඩිනමින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.
2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන 31 වන දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මෙවර උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් සහ පෞද්ගලික අයදුම්කරුවන් තුන් ලක්ෂ හතලිස් හයදහස් නවසිය හැත්ත හය දෙනෙකු පෙනී සිටියා. එම අපේක්ෂකයන් අතර පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ අසූ එක්දහස් හාරසිය හතලිස් පහක් සහ පෞද්ගලික අයදුම්කරුවන් හැටපන්දහස් පන්සිය තිස් එක් දෙනෙකු සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















