Author: Dhanushka

ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් ඉතා තියුණු තරගයකින් අනතුරුව ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරේව් පරාජයට පත්කරමින් ප්‍රංශ විවෘත පිරිමි ටෙනිස් ශූරතවාය හිමිකරගෙන තිබෙනවා. 21 හැවිරිදි කාලෝස් තරග වට 2 ට 1 ක් ලෙස ආරම්භයේදී පසුබෑවද පසුව දැඩි සටනකින් අනතුරුව තරග වට 3 ට 2 ක් ලෙස ජයගෙන තිබෙනවා. මෙම තරගය පැය 4 යි විනාඩි 19 ක් පුරා පැවති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තව කියවන්​න

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ අමාත්‍යවරයෙකු වන බෙනී ගැන්ට්ස් හදිසියේ ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙනවා. ඔහු මීට පෙර ගාසා තීරයේ ආක්‍රමණය සම්බන්ධයෙන් සිදු කළ සැළසුම් දෝෂ දර්ශනයට ද ලක් කර තිබුණා. කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමටයි එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කරනු ලැබුවේ. ටෙල් අවිව් අගනුවර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ බෙනී ගැන්ට්ස් මහ මැතිවරණය වෙනුවෙන් දිනයක් නියම කරන ලෙසට ද එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. හමාස් සංවිධානය පසුගිය ඔක්තෝම්බරයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර 1,200 කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසු රට තුළ යුද තත්වයක් ප්‍රකාශයට පත් කර හදිසි ආණ්ඩුවක් සහ යුද කැබිනට්ටුවක් ප්‍රකාශයට පත් කර විපක්ෂ…

තව කියවන්​න

මහනුවර දිගන මාර්ගයේ කෙංගල්ල ප්‍රදේශයේදී දිරාගිය ගසක් මාර්ගයට කඩාවැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන කෙංගල්ල ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ පාලු ඉඩමක තිබූ දිරාගිය සියඹලා ගසක් මෙලෙස එක්වරම මාර්ගයට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. එම අවස්ථාවේදී දිගන සිට මහනුවර දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ගමන් කර තිබූ බවද සදහන්. මේ අනුව ඇදවැටෙමින් තිබූ විශාල ගස දුටු වෑන් රථයේ රියදුරුට රිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ පැති බැම්මක හා දුරකථන කු`ඵණක ගැටී තිබෙනවා. එම අවස්ථාවේදී වෑන් රථයේ පාසල් ළමුන් සිව්දෙනෙකු සහ ගුරුවරියන් දෙදෙනෙකු ඇතු`ඵ 6 දෙනෙක් ගමන් කර ඇති අතර එහිදි…

තව කියවන්​න

උසස් වීම් ලබානොදීම ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය එංජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් අද දිනය තුළදී දුම්රිය ගමන් වාර 64 ක් අවලංගු කර ඇති බව සදහන්. කෙසේ වෙතත් මෙම වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සදහා අද සිට විශ්‍රාමික දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

මුලතිව්, පුදුකුඩිඉරිප්පු දේවපුරම ප්‍රදේශයේ ලිඳකින් ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් සොයා ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා. එම ළිඳ පිරිසිදු කිරීමේදී ඒ තුළ තිබී මෙම උණ්ඩ හමුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙම උණ්ඩ යුද සමයේ ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් භාවිත කළ ඒවා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

තව කියවන්​න

ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිත කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එම සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පැවසුවේ වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ප්‍රමිතියෙන් තොර බාල සබන් බිළිඳුන් සඳහා භාවිතා කිරීම එයට හේතු වන බවයි.

තව කියවන්​න

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 06 වනදා පැවැත්වෙනවා. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල්වලට අයත් බොහෝ විදේශිකයන් පිරිසක් ඇසළ පෙරහැර නැරඹීමට එක්වන බවයි.

තව කියවන්​න

ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් අද අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා. එමෙන්ම හෙට දින සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද අඛණ්ඩව සිදුකරන බවයි එම සංගමය සදහන් කළේ. එමෙන්ම මෙම සතිය තුළ සිය ඉල්ලීම් සදහා විසදුම් නොලැබෙන්නේ නම් එළඹෙන සතියේ සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද රජයේ මිනින්දොරු සංගමය වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

ප්‍රංශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලබන ජූනි 30 වන දා සහ ජූලි 07 වන දා යන දෙදින තුළ මැතිවරණය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර ඇත්තේ පැරිස් ඔලිම්පික් උළෙලට පෙර මැතිවරණය පවත්වා අවසන් කරන බවයි.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා පැවති පළමු තරගයට සහභාගි වීමේදී ගුවන් ගමන් ප්‍රමාදයකට ලක් වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේ.

තව කියවන්​න