Author: Dhanushka

වැල්ලවත්ත මුහුදු මාවතේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව වැල්ලවත්ත පොලිසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ නින්දවුර් අලිම් පාර පදිංචිව සිටි බි එල් ඉලානි නැමැති 29 හැවිරිදි පුද්ගලයෙක්. දෙහිවල දෙස සිට බම්බලිපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය ඉදිරියෙන් ගමන් ගත් වාහනයකට ඉස්සර කිරීම සඳහා විරුද්ධ දිශාවට වෑන් රථය යොමුකර ධාවනය කිරීමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා. මුහුදු මාවතේ මැද දූපත බහුතරයක් රියැදුරන් ගණන් නොගෙන විරුද්ධ දිශාවට සිය වාහනය යොමුකර ධාවනය කිරීම හේතුවෙන් මෙම මාර්ගයේ බහුලව අනතුරු සිදුවන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය…

තව කියවන්​න

ජූනි 3 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලු ආයතන මහ බැංකුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලියාපදංචි නොකළ හෝ බලපත්‍ර රහිත් මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන පුද්ගලයින්ගේ මෙහෙයුම් විධිමත් කිරීම සදහා විධිමත් මාර්ග හරහා මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරත වීමට මහ බැංකුව විසින් අවස්ථාව සලසා දීමටයි මෙම ක්‍රියාමාර්ගය ගෙන අත්තේ.

තව කියවන්​න

ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. එම කලාපයේ පළමු ස්ථානය බංගලාදේශයටත්, දෙවන ස්ථානය නේපාලයටත් හිමිව ඇති අතර පස්වන ස්ථානයේ ඉන්දියාවත්, හත්වන ස්ථානයේ පාකිස්ථානයත් පසුවන බවයි ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය ප්‍රකාශ කර ඇත්තේ. ප්‍රධාන මානයන් 4 ක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන අතර එය 2006 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අතර ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර පළමු ස්ථානය අයිස්ලන්තයටත්, දෙවන ස්ථානය පින්ලන්තයටත් හිමිව ඇති අතර තෙවනි ස්ථානයේ පසුවන්නේ නෝර්වේ රාජ්‍යයයි.

තව කියවන්​න

“පර්පෙචුවල් ටේ‍රෂරීස්” සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝසප් අලෝසියෙස්ට පනවා තිබෙන විදෙස් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යෑම සදහා එළඹෙන ජූලි මස 01 වන දා සිට සැප්තැම්බර් 12 වන දා දක්වා පිටත්ව යාමටයි ඔහුට අවසර ලබා දී ඇත්තේ. ජෙෆ්රි ජෝසප් අලෝසියෙස් මහ බැංකු බැඳුම්කර නඩුවේ 6 වැනි විත්තිකරු වන විත්තිකරු වනවා.

තව කියවන්​න

රුසියානු හමුදාව විසින් යුක්රේනයේ ක්‍රිව් රිහි වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි උපන් ගමට වන බව සදහන්. මෙහිදි මිසයිල ප්‍රහාරය මහල් නිවාස සංකීර්ණයකට එල්ල වී ඇති අතර තුවාල ලැබූ පිරිසෙහි ළමුන් 5 දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදි මානව අස්ථි කොටස් සහ සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කර තිබෙනවා. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙ`ඵම් පොකුණ ශාලා පරිශ්‍රයේදියි මෙම භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කරනු ලැබුවේ. ඒ අනුව මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් ගැඹුරු හැදැරීමක් සිදු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කළේ.

තව කියවන්​න

රුපියල් ලක්ෂ 50 ක වටිනකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවාග අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 601 ක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් රුපියල් තුන් ලක්ෂ දහ තුන් දහසක මුදලක් වැටලීම සිදු කළ නිලධාරින් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේග ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණාග

තව කියවන්​න

මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. මේ වන විට මෙරට උපතේදී ආයු කාලය අවුරුදු 79 ඉක්මවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම ආසියාවේ ඉතා සීග්‍රයෙන් වයස යන ජනගහනයක් සිටින රට බවට ද ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

තව කියවන්​න

ගාසා තීරය තුළ සිදු කරන සියලු යුද මෙහෙයුම් අත්හිටුවිය යුතු බවට වන සටන් විරාම යෝජනාවට හමාස් සංවිධානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාවට අදාළ ප්‍රතිචාරය නිවේදනයක් මගින් හමාස් සංවිධානය විසින් භාර දී තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාව මගින් යොජිත සටන් විරාමය සදහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් යෝජිත සටන් විරාමය සදහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබුණද ඒ සදහා වන ඊශ්‍රායලයේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

තව කියවන්​න

කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොලේදී අද උදෑසන අනතුරක් සිදු වුණා. ඒ අනුව පාදුක්කේ සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එක්වරම බස් නැවතුම්පළේ ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. බස් රථයේ තිරංග ක්‍රියාවිරහිත වීමෙන් රියදුරුට බසය පාලනය කර ගත නොහැකි වීම අදාළ අනතුරට හේතුව වී ඇති බව සදහන්. අනතුරින් බස් නැවතුම්පළට ද දැඩි අලාභහානි සිදු වී ඇති අතර බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න