- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
- ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Author: Dhanushka
රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් වියට්නාමයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා. රුසියාව විසින් මෙම කලාපය තුළ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරය තුළින් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කෙසේ වෙතත් මෙම සංචාරය පිළිබද අමෙරිකාව විවේචන එල්ල කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශන අංශයට වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155 ක් ලැබී ඇති බව එම කාර්යාංශය පවසනවා. එලෙස ලැබුණු පැමිණිලි 1051 ක් සදහා නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි එම කාර්යාංශය සදහන් කළේ. ඊට අමතරව නීතිවිරෝධි රැකියා නියෝජිතායතන 11 ක් වැටලීම් කිරීමට ද විමර්ශන නිලධාරින් පියවර ගෙන ඇති අතර වංචාකරුවන් 65 දෙනෙකු ද එහිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද සොයාබැලීම සදහායි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට තුළ සංචාරයකට එක්ව ඇත්තේ. මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට නියමිතව තිබෙනවා.
බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය හා වෛද්‍ය පීඨය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම පර්යේෂණ සඳහා මන්නාරමේ සිට බූරු පිරිමි සතුන් තිදෙනකු, ගැහැනු සතුන් තිදෙනකු හා බූරු පැටවෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙනවිත් තිබෙනවා. බූරු කිරිවල පෝෂණ ගුණය බොහෝ දුරට මව් කිරිවලට සමාන බවත් ඒවා උපයෝගි කර ගනිමින් සකස් කරන චීස් සදහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා පවසනවා. මෙම පර්යේෂණ සාර්ථක වී, චීස් නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් ඒවා අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින…
2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය දෙන රටවල් සමඟ ඉදිරි සාකච්ඡා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමග ඉදිරි සති කිහිපය තුළදී නව ගිවිසුමකට එළඹීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. එමෙන්ම කාර්මික අංශය නංවාලීම සඳහා තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහාත්, නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නම් ආයතනයක් නිර්මාණය කිරීමත් මෙහි සැලසුම වනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයාබැලීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ. තවද ශ්‍රී ලංකාවේ සිදුවන ඉන්දීය ආයෝජන පිළිබඳව ජයශංකර් මහතා සහ ජනාධිපතිවරයා අතර පවතින සාකච්ඡා සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
තැපැල් මුද්දරයක මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසනවා. ඒ සදහා භාණ්ඩාගාර අනුමැතිය බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ. 2022 වන තෙක් රුපියල් 15 ක්ව පැවති මුද්දරයක මිල මේ වන විට රුපියල් 50 ක් වන අතර පාඩු ලැබීම හේතුවෙන් එම තත්ත්වය දිගින් දිගටම සිදු කිරීමට නොහැකි බවටයි ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ.
ලෝකයේ වටිනාම සමාගම බවට එන්වීඩියා සමාගම පත් වී තිබෙනවා. මෙම සමාගම විසින් කෘත්‍රීම බුද්ධිය භාවිත කරන මෙවලම්වලට අවශ්‍ය පරිගණක චිප් නිපදවනු ලබනවා. එන්වීඩියා සමාගමේ කොටසක වටිනාකම සියයට 3.5 කින් ඉහළ ගොස් ඇති අතර එහි අගය දැක්වුණේ ඩොලර් 136 ක් ලෙසයි.
මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. මිහින්තලා පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම හේතුවෙන් මෙවර පොසොන් පොහෝ දින වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ.
මෙවර හජ් වන්දනා සමයේදී ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ, දැඩි උණුසුම් කාලගුණය සහ තෙරපීම් හේතුවෙන් බවයි සෞදි රජය පවසන්නේ. මෙම මිය ගිය ඉස්ලාම් බැතිමතුන් දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවද වාර්තා වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














