- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
Author: Dhanushka
අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද උදැසන සිට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. මේ හේතුවෙන් එම ජලාශ අවට ජනතාවට දැඩි අවදානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මීගහතැන්න, මොරටුවත්ත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගහතැන්න පොලිසය සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අතර 38 හැවිරිදි හිමි නමක්ද සිටින බවයි පොලීසිය සදහන් කරන්නේ.
ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් නාවික හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ 10 දෙනෙකු නාවික හමුදා මෙහෙයුමකින් අනතුරුව සිය භාරයට ගෙන තිබෙනවා. එම පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇති වූ ගැටුමකදියි මෙලෙස එක් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ “විකිලීක්ස්” හි නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා. අමෙරිකාව සමඟ ඇතිකර ගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මතයි ඔහුට මෙලෙස නිදහස හිමිව ඇත්තේ. “විකිලීක්ස්” වෙබ් අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් ජූලියන් අසාන්ජ්ට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා 18 ක් ගොනු කර තිබුණා.
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දීමට අනුමත කර තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිවයි මෙම මුල්‍යාධාරය අනුමත කර ඇත්තේ. ඒ අනුව ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල භාවිතය ඉහළ නැංවීමට සහ ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරි වනු ඇති බව මෙම මුදල් අනුමත කරමින් ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.
මෙරට සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදි මුණගැසුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මෙම සංචාරයේදී ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවල සංධිස්ථාන 3 ක් අත්කර ගැනීමට හැකිව තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ත්‍රිකුණාමලයේ සෑම ආදර්ශ ගම්මානයකටම නිවාස 24 බැඟින් ලබා දීමට්යි මෙහිදි කටයුතු කර ඇත්තේ. මීට අමතරව ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ නිවාස 106 ක් සදහා වූ සමරු ඵලකය ජනාධිපතිවරයා සහ ආචාර්ය ජයංශකර් මහතා එක්ව විවෘත කිරීමට ද කටයුතු කර තිබෙනවා.
චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා එරට පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කර තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය සිය උපරිම සහාය ලබා දෙමින් සිටින බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ. අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීනය ඉදිරියේදී කටයුතු කරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව හෙට දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමටයි අවස්ථාව සලසා දී ඇත්තේ.
දිවයින පුරා පොසොන් කලාප 322 ක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. මේ අනුව බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් 20,000 ක් පමණ යොදවා ඇති බවයි ඔහු සදහන් කළේ.
පොසොන් පොහොය මූලික කරගනිමින් අනුරාධපුරයේ අටමස්ථාන වැදපුදාගැනීම සදහා පැමිණෙන ජනතාවට අනුරාධපුරයේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දැනුම් දීමක් සිදුකරනවා. එහිදි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පූජා භූමිය අපවිත්‍ර නොකර හැකි පමණින් පරිසරය පිරිසිදු කිරීමට දායකත්වය දක්වන ලෙසයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















