Author: Dhanushka

මාදුරුඔය රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවී මොණරෙකු දඩයම් කර පුළුස්සා අනුභව කළ වීඩියෝවේ පෙනී සිටි ආදිවාසීන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා මාදුරුඔය – දෙහිඅත්ත ඇළ ප්රටදේශයේදී සිදුකල මෙම සිද්දිය විදේශිකයෙකුට අයත් යූ ටියුබ් නාළිකාවට 2020 වසරේදී රූ ගත කල බව සදහන් වනවා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ

තව කියවන්​න

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක් විවර කිරීමට එහි සාමාජික රටවල් ප්‍රතිඥා දී තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටනයේ පැවති සමුලුවකදී මෙම එකඟතාවට එළැඹුණා. එහෙත් ඒ පිළිබඳ විධිමත් කාල සටහනකට එකඟ නොවූ අතර යුක්‍රේනයේ යුද ක්‍රියාමාර්ග වලට අඛණ්ඩ සහාය ලබා දෙන බව නේටෝ සාමාජික රටවල් 32 සහතික වී තිබෙනවා.

තව කියවන්​න

මෙරට තුළ ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්රීන ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබෙනවා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්යෙවෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඔවුන් රැගෙනවිත් තිබෙනවා මෙලෙස රැගෙනවිත් ඇත්තේ කොළඹල නුගේගොඩ ප්රොදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත්,බබී, නැමැත්තා සහ මට්ටක්කුලියල සමිට්පුර ප්රවදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අපරාධකරුවන් දෙදෙනාය

තව කියවන්​න

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන්වන අදියරේ සංවර්ධන කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙසයි බිංගිරිය අපනයන සැකසුම් කලාපය සැලකෙන්නේ.

තව කියවන්​න

අද සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ටවැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

බුදුන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බවල ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රල එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළේයග ඉන්දියාව මෙම 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ සාමයේ පණිවුඩය රැගෙන බවත්ල ඉන්දියාව සැමවිටම සාමය වෙනුවෙන් කැපවී සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේයග

තව කියවන්​න

රාජගිරියල බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ හා ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංර්වධනය කිරීමේ සංස්ථාව විසින් මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ ශ්‍රී ජයර්වධනපුර ‌කෝට්ටේ කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි වගුරු ඉඩම් කොටස් ජල රැඳවුම් ස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට අත්කර ගෙන ඇත

තව කියවන්​න

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ජැෆ්නා කිංස් කණ්ඩායම සමත් වී තිබෙනවා . ඒ ඔවුන් ක්‍රීඩා කල තරග 06 න් 04 ජය ගනිමින් ප්‍රසාද ලකණු 08 ක් ලබා ගනිමින් . කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 08 ක් ලබා ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ මෙම සටහනේ දෙවන ස්ථානයයි. ඒ ජැෆ්නා කණ්ඩායමට වඩා ගෝල් කණ්ඩාමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වීම හේතුවෙන් . මෙම සටහනේ තුන්වන හතරවන සහ පස්වන ස්ථාන පිලිවෙලින් කලම්බු ස්ට්‍රයිකර්ස් , දඹුල්ල සික්සර් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් විසින් හිමි කරගෙන තිබෙනවා .

තව කියවන්​න

එල්.ටී.ටී.ඊ. යුධ සමයේදී භාවිතා කිරීම සදහා වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා . කරදියනාරු ප්‍රදේශයේ දී මෙම යුධ උපකරණ තොගය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ. මෙහිදී පුද්ගල නාශක බිම් බෝම්බ 299ක්, ඩෙටනේටර් 38 ක් සහ ජීව උණ්ඩ 19,930 ක් සොයා ගෙන තිබුණා. විශේෂ කාර්ය බලකාය පැවසුවේ මෙම යුධ උපකරණ තොගය අඩි අටක ගැඹුරින් වල දමා තිබු බවයි .

තව කියවන්​න

ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40ත් -50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න