Author: Dhanushka

බගවන්තලාව නගරයට කිසියම් ප්‍රදේශයක විසු රිලවුන් රංචුවක් අල්ලා ගෙනවිත් දැමිම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රඡාව සහ ප්‍රදේශවාසින් පවසයි. දැනට මාසයක පමණ කාලයක් තුල මෙම රිලවුන් රංචුව රැගෙනවිත් බගවන්තලාව ප්‍රදේශයට දමා ඇති බවත් මේ වන විට එම රිලවුන් තම වෙලදසැලේ ප්‍රදර්ශනය කර ඇති එලවළු සහ පලතුරු රැගෙන පලා යන බවත් පවත්නා තත්ත්වය මත එම රිලවුන් රංචුවෙන් ගැටළු රැසක් මතු වි ඇති බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ. රිලවුන් බිය ගැන්විම සදහා ගොරිල්ලෙකුගේ රුව සහිත වෙස් මුහුණක් පළතුරු සහ එලවළු මත තබා ඇති බවත් එම වෙස් මුහුණු දෙස නොබලා රිලවුන් පළතුරු සහ එලවළු රැගෙන පලා යන…

තව කියවන්​න

ගුරුවරුන් සේවයට පැමිණෙන තුරු පාසලේ දරුවන් රැකබලා ගැනීම මෙන්ම පාසල ආරම්භ කිරීමේ කටයුතු දෙමව්පියන්ට පැවරී ඇති පන්ති රැසකට වසර කිහිපයකින් උගන්වා නැති අපූරු පාසලක් පිළිබඳ තොරතුරු ලග්ගල ප්‍රදේශයෙන් වාර්තාවේ. විදුහල්පතිවරයා සහ ගුරුවරුන් පැමිණීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමේදී මාධ්‍යවේදීන් කලින් දැනුවත් කර පාසලට පැමිණෙන්නේ නම් ගුරුවරුන් කලින් ගෙන්වා ගැනීමට හැකි බව කියයි. ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රමාද වී පාසලට එන්නේ කුමක් නිසාදැයි විමසීමේ දී ගුරුවරියන් කියා සිටින්නේ තමන්ට නිවසේ සහ තම දරුවන්ගේ වැඩකටයුතු තිබෙන නිසා ප්‍රමාද වන බවය. පාසැලේ දරුවන් බොහෝ දෙනකු පාසැල් නොපැමිණෙන බවත් වහාම මෙම පාසලට බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි දෙමව්පියෝ ඉල්ලා සිටිති.

තව කියවන්​න

මෙරට ග්‍රාමීය ප්‍රදේශ තුළ විද්යුත් දුම්වැටි උවදුරක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසුවේ මේ වන විට කොළඹ, ගම්පහ, පානදුර සහ හදුනාගත් ප්‍රදේශවල වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් සහ පාසල් ළමුන් අතර විද්යුත් දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි. මේ අතර අද උදෑසන ජාඇල සුරාබදු වැටලීමේ ඒකකය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී විද්යුත් දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එම විද්යුත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වන බවයි සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේ.

තව කියවන්​න

ඇලපාත නිරිඇල්ල ප්‍රදේශයේ කාන්තාවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. 40 හැවිරිදි කාන්තාවක් ඝාතනයට ලක්ව ඇති අතර 43 හැවිරිදි ඝාතනය සිදු කළ සැකකරු පොලිසියට භාර වී තිබෙනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ Women In Need සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පිටකොටුවේදී පැවැත්වුණා. එම වැඩසටහනේදී කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ අපයෝජනයන් පිළිබඳ කරුණු ඇතුළත් පුවත්පත් පිටු යොදාගෙන නිර්මාණය කරන ලද කාන්තා මූර්තියක් නිරාවරණය කරනු ලැබුවා. දිවයින පුරා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මෙම ගැටලු මෙන්ම ඒවාට මුහුණ දුන් කාන්තාවන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන දුෂ්කර අභියෝගයන් පිළිබඳව මෙහිදී ජනතාවගේ අවධානයට යොමු කෙරුණා.

තව කියවන්​න

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට සිරගතව සිට නිදහස ලැබූ වී. ශ්‍රී හරන් නොහොත් මුරුගන් විසින් තමාට එංගලන්තයට යාමට අවශ්‍ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ. එහිදී ඔහු අවසර ඉල්ලා ඇත්තේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලයට ගොස් තම ගුවන් ගමන් ලේඛන සාදා ගැනීමට සහ එංගලන්තයට යෑම සඳහා වීසා ලබාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට අවසර දෙන ලෙසයි. ඔහුගේ අරමුණ වන්නේ එංගලන්තයට ගොස් එහි සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීම බව වාර්තා වනවා.

තව කියවන්​න

ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසන්නේ එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්,වත්කම් හා වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි. ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ කාණ්ඩයක්ද සකස් කර ඇති අතර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක් ද අනියුක්ත කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තවදුරටත් අයහපත් වන බව කාලගුණ අංශ පවසනවා. කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන බවත් එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු තත්ත්වයකට පත්වන බවත් අදාල බලධාරීන් පවසනවා. කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය ද අයහපත් බව කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.

තව කියවන්​න

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින්. මෙවර කාන්තා දිනයේ ජාත්‍යන්තර තේමාව වන්නේ , “කාන්තාවන් සඳහා ආයෝජන කරන්න – ප්‍රගතිය වේගවත් කරන්න” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද පැවැත්වුණා. මෙවර එහි තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි.

තව කියවන්​න

ගර්භණී සායනයන්හි ඇතැම් ඖෂධ වර්ග සහ සෞඛ්‍ය උපකරණ නොමැති වීමෙන් ගර්භණි මව්වරුන් දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. ඇතැම් ගර්භනී සායනයන්හි කැල්සියම් පෙති නිකුත් කිරිම සිදු නොවන බව ද සදහන්. එමෙන්ම රුධිර සහ මුත්‍රා පරීක්‍ෂණ සදහා අවශ්‍ය උපකරණවලද අඩුවක් පවතින බව ගර්භණී මව්වරුන් පවසනවා.

තව කියවන්​න