- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
ඊශ්‍රායල් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා ලෙස කටයුතු කරන මර්වාන් ඊසා මියගොස් ඇති බවට ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ මර්වාන් ඊසා මියගොස් ඇත්තේ ඔවුන් විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බවයි. ඊසා මියගොස් ඇති බව මෙතෙක් තහවුරු වී නොමැති අතර එය තහවුරු වුවහොත් ඊශ්‍රායල- හමාස් යුද්ධයේ දී මියගිය හමාස් සංවිධානයේ ඉහළම නායකයා මොහු වනවා. ඊශ්‍රායලය නිකුත් කර ඇති අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ද මර්වාන් ඊසායි.
අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එමෙන්ම අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
ඊයේ දින කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු සේවකයින් ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා. ඉන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ භාණ්ඩ ලක්ෂ 02ක් පමණ සහ දිවයින පුරා ඇති තැපැල් කාර්යාලවල ලක්ෂ 15කට ආසන්න තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.
හයිටි රාජ්‍යයේ අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්වීමට එකඟ වී ඇතැයි කැරබියන් රටවල් සමූහයේ සභාපතිවරයා පවසනවා. රට තුළ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය හමුවේ අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි සදහන් වන්නේ. 2021 වසරේ ජූලි මාසයේ එරට ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ දිනයේ සිට ඒරියල් හෙන්රි විසින් හයිටි රාජ්‍ය කටයුතු මෙහෙයවා තිබුණා. කෙසේ වෙතත් අගමැති ඒරියල් හෙන්රිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝර්ට් ඔර් ප්‍රින්ස් හි දැඩි ප්‍රචණ්ඩකාරි ක්‍රියා හටගැණුනා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අහිමි වී තිබෙනවා. ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු එක්දින තරගය අහිමිව ඇති බවයි ක්‍රීඩා වාර්තා සදහන් කළේ. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය හෙට සවස 2 ට චිතගොන් හිදි ආරම්භ වීමට නියමිතයි.
එළඹෙන උත්සව සමය වන විට මිල ඉහළ ගොස් ඇති ලොකු ලූණු වල මිල ගණන් පහත වැටෙනු ඇති බවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සදහන් කළේ වෙනත් රටවලින් ඇණවුම් කළ ලොකු ලූණු තොග මෙරටට ලැබීමත් සමග මෙම තත්ත්වය සමථයකට පත්විය හැකි බවයි. කෙසේ වෙතත් පාකිස්ථානය තම නිෂ්පාදන අපනයනය තහනම් කිරීම හමුවේ මේ වන විට දේශීය වෙළදපොලේ රට ලොකු ලූණු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙරට වෙළපොලේ ලොකු ලූණු කිලෝවක මිල සටහන් වන්නේ රුපියල් 560 ත් 580 ත් අතරයි.
කුලුබඩු වර්ග කිහිපයක්, ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟුරු හා කරදමුංගු ආදි මෙරට කුලුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටයි පියවර ගත්තේ. කෙසේ වෙතත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ කුලු බඩු වර්ග ප්‍රතිඅපනයනය සදහා ආනයනයට අවසර ලබාදීම මගින් දේශීය කුලුබඩු ගොවියා අධෛර්්‍යමත් වන බවයි.
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා. උඩුගං බලා යන අපේ සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක් අවශ්‍ය බවත් සංගායනාවක් පැවැත්වීමට සූදානම් බවත් දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමික් සංස්කෘතික සංගයනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීම ඇවැසිම කාලය එළඹී ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පැවසුවා. උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්‍රයේ “උරුමයක අස්වැද්දුම” ජනගත කිරීමේ මහෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව මාතලේ බෞද්ධ මන්දිරයේ දී පවසන ලදී.
නයිජීරියාවේ නිරතදිග කුරිගා නගරයේ පිහිටි පාසලක සිසුන් 280 දෙනෙකු අවිගත් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. පැහැරගෙන ගොස් සිටින සිසුන් වයස අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පසුවන අතර මෙය සතියක් තුළ එරටින් වාර්තා වූ දෙවන සමූහ පැහැර ගැනීම බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පාසල් සිසුන් ක්‍රීඩාංගණයේ රැස්වී සිටියදී අවිගත් පිරිස යතුරුපැදි කිහිපයකින් පාසල තුළට ඇතුළු වී පැහැරගැනීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට හොරොව්පොතාන කන්තලේ රක්ෂිතයේ නිධන් හෑරූ සැකකරුවන් පස්දෙනෙකු සහ නිධන් හෑරීමට යොදාගත් උපකරනත් ඔවුන් පැමිනි වෑන් රියත් හොරොව්පොතාන පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. හොරොව්පොතාන පොලිස් ස්ථානයට අද 11 අලුයම 3ට පමන කන්තලේ රක්ෂිතයේ දෙඹටවෑව අලුත්ගම්මානයේ කායංගොල්ලෑව ප්‍රදේශයේ ගල්තලාවක පිරිසක් විසින් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරක් මත කල වැටලීමකදී මෙම සැකකරුවන් අත්ඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස රක්ෂිතය තුල ගල්තලාවක අඩි 15ක් පමන වලක් හාරමින් සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ගල් විදින ග්‍රයින්ඩරයක්, ගල් කපන ග්‍රයින්ඩරයක්, ජෙනරේටරයක්, ඇමෝනියම් කිලෝ තුනක්, ජෙලට් නයිට් කූරු හතක්, කම්ප්‍රේශර් යන්ත්‍රයක්, පූජා භාණ්ඩ හා ඔවුන් පැමිණි වෑන් රථය පොලිසිය විසින් අත්අඩංගුවට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222