Author: Dhanushka

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුමාරදාස හන්දියේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළි ගොස් අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස්රථ රියදුරු ඇතු`ඵ 15 දෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. බස්රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

තව කියවන්​න

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුම මගින් ගෙමම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 450 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 670 ක් සියභාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වන බවටයි මීට සු`ඵ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. එමෙන්ම අද පෙරවරුවේ කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව නම් කළ නමුත් අද පාර්ලිමේන්තුවේදී තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි වසන්ත යාපා බණ්ඩාර මහතා සදහන් කළේ. මේ අනුව මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකයින් 10 දෙනෙකු පමණ සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සදහා රන් සම්මාන පිරිනමා තිබෙනවා. ඒ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇයගීම සදහා පැවති රන් සම්මාන උළෙලේදීයි. සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද එක්ව සිටියා.

තව කියවන්​න

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. මේ වන විටත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් එක් මාර්ගයක් පමණක් භාවිත කරමින් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අනුව තවදුරටත් දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව සදහන්.

තව කියවන්​න

ආසාදිත සෛලවලින් එච්.අයි.වී. සෛල වෙන්කර ගත හැකි නව ක්‍රමවේදයක් සොයා ගැනීමට විදෙස් විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. නොබෙල් ත්‍යාගලාභී ක්‍රිස්පර් නම් ජාන තාක්ෂණය යොදාගනිමින් මෙම ක්‍රියාවලිය සිදුවන බවයි එම වාර්තා සදහන් කළේ. එම තාක්ෂණය උපයෝගි කරගනිමින් ආසාදිත සෛලවල ඩී.එන්.ඒ. ඉතා කුඩා කොටස්වලට විච්ඡේදනය කර එම ආසාදිත සෛල ඉවත් කිරීම හෝ අක්‍රීය කිරීම මෙමගින් සිදුකරනු ලබනවා. මේ අනුව යම් අයෙකුගේ සිරුරේ ඇති එච්.අයි.වී.වෛරසය මෙමගින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකි බවයි එම විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ ඵලදායි බව සහ ආරක්ෂාකාරි බව තවදුරටත් තහවුරු කරගැනීම සදහා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවද එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා. දැනට එච්.අයි.වී. සදහා පවතින ඖෂධ…

තව කියවන්​න

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද දින කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පාගමන වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද දින ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති මගින් වාරණයට ලක් කළ නොහැකි බව සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රත්වරයා පෙන්වා දුන්නා.

තව කියවන්​න

යතුරු පැදියකින් මත් කුඩු බෙදමින් සිටි තරුණියක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මාදම්පේ පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් දුම්මලසූරිය විලත්තව මාර්ගයේදී යතුරු පැදියකින් තරුණයකු සමග යමින් සිටි මෙම සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය යතුරුපැදිය නවත්වන ලෙස අණ කරද්දි එම යතුරු පැදිය පැදගෙන පැමිණි තරුණයා තරුණියව අතහැර දමා පොලීසියෙන් මිදී පලා ගොස් තිබෙනවා. මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ විලත්වව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්. මෙම තරුණිය තම පෙම්වතා සමඟ කලක සිට මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක යෙදී සිට ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය විසින් එම තරුණිය පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසියට සොයාගැනීමට හැකි වී…

තව කියවන්​න

විදෙස්ගතව සිටින මැති ඇමැතිවරුන් හත් දෙනකු වහාම දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා උපදෙස් ලබා දී තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබා දීම සදහායි මෙලෙස අදාළ පිරිස යළිත් දිවයිනට ගෙන්වනු ලබන්නේ. මෙලෙස කැඳවා ඇත්තේ  බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, මනුෂ නානායක්කාර, මධුර විතානගේ, අනුර ප්‍රියදර්ශන යාපා යන පිරිසයි.

තව කියවන්​න

ඉදිරි දින 5 තුළ දී චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග දිවයිනට ලැබීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා. එම ළුෑණු තොග ලැබීමත් සමග වෙළදපොළේ දැනට පවතින ලොකු ළුෑණු මිල පහළ යනු ඇති බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. ලොකු ළුෑණුවලට ආදේශකයක් වන රෝස ළුෑණු ආයනය කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න