- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Dhanushka
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහත දැමීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව ලොකු `ඵණූ කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කර ඇති අතර, රතු කව්පි රුපියල් 52 කින් සහ සුදු කව්පි මිල රුපියල් 50 කින් අඩු කර තිබෙනවා. එමෙන්ම සුදු සහ දුඹුරු සීනි මිල රුපියල් 5 කින් අඩුකර ඇති බව සදහන්. මීට අමතරව බාස්මති සහල් රුපියල් 20 කින් ද, රතු `ඵණූ රුපියල් 10 කින් ද මිල අඩුකර තිබෙනවා. එමෙන්ම සෝයා මීට් මිල ද රුපියල් 5 කින් මිල පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ස්මාර්ට් ෆෝන් වෙළදපොල තුල නීතිවිරෝධී ලෙස ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් අමෙරිකාව විසින් ඇපල් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. ඇපල් සමාගම සිය පාරිභෝගිකයින් පාලනය කිරීම සදහා අයි ෆෝන් යෙදුම් වෙළදපල පාලනය අනිසි ලෙස භාවිත කරන බවයි අමෙරිකා අධිකරණය දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත්තේ. ප්‍රාන්ත 16 ක නීතිපතිවරුන් සමග නිව්ජර්සි හි ෆොඩරල් උසාවියක මෙම නඩුව ගොනුකර ඇති බව සදහන්.
මහ කන්නයේ වී මිලදී ගැනිමේ කටයුතු සදහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 1000 ක මුදලක් ලැබී තිබෙනවා. මේ අනුව මහ භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500 ක් ද ගොවි භාරකාර අරමුදලින් රුපියල් මිලියන 500 ක් ද වශයෙන් මිලියන 1000 ක මුදලක් ලැබී ඇති බවයි වී අලෙවි මණ්ඩලය සදහන් කළේ. පසුගිය 18 වන දා සිට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම ආරම්භ කළ අතර මේ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා දෙක බැගින් මේ වන විට විවෘත කර තිබෙනවා. මේ අනුව ගත වූ දින 5 තුළ වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී ප්‍රමාණය කිලෝග්‍රෑම් නව ලක්ෂ හාරදහස් දෙසිය…
දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ලබන මාසයේ එම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බවයි. පසුගියදා පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පවත්වනු ලබනවා. ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඔවුන් පුරප්පාඩු සහිත පාසල්වලට අනියුක්ත කරන බවයි.
මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාමිණී දිසානායක මහතාගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ අතර එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ගාමිණී දිසානායක මහතා ආරම්භ කළ මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත් රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
රට මුහුණ දෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්ල තම වැටුප සහ සියලු ප්‍රතිලාභ අත්හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින් විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබෙනවා. රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇති වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ අනුව ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා සිදුකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම පසුගිය සතියේදී ද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා සිදු කර තිබුණා.
160 වෙනි ජාතික පොලිස්විරු අනුස්මරණ දිනය නිමිත්තෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ සැමරුම් උත්සවය හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ ප්රමධානත්වයෙන් අද දින හැටන් පොලිස් ක්‍රීඩාංගණයේදි පැවැත්විණ. මෙම අනුස්මරණ උත්සවයේදි පොලිස් සේවයේදි මිය ගිය පොලිස්විරුවන් සිහි කරමින් පුෂ්ප උපහාර පිදිමක් සිදු කල අතර මෙම අනුස්මරණ උත්සවයට පොලිස් සේවයේදි දිවි පිදු පොලිස් නිලධාරින්ගේ පවුලේ ඥාතින් සහ අබාධිත වු පොලිස්විරුවන් කිහිපදෙනෙකු සහභාගි විය. 160 වෙනි ජාතික පොලිස්විරු අනුස්මරණ දිනය නිමිත්තෙන් පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබු පණිවිඩය හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.
ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ දියත් කළ විරෝධතා පාගමන අතරතුර අත්අඩංගුවට ගත් 33 දෙනා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව මෙන්ම තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතා පාගමන ඊයේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ කර තිබුණා. කෙසේ වෙතත් අදාළ පාගමන විසුරුවා හැරීම සදහා පොලිසිය ජල සහ කඳු`ඵ ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත් අතර එහිදි ඇති වී නොසන්සුන්තා මධ්‍යයේ විරෝධතාකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන්වහන්සේ දෙනමක් සහ කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්.
දේශීයව නිෂ්පාදනය කළ බිත්තරවල මිල අඩු වී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂාපදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සදහන් කළේ අද වන විට වෙළදපොලේ ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තරවල මිලට වඩා දේශීය බිත්තරවල මිල අඩු වී ඇති බවයි. ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක් රුපියල් 45 ක මිලකට අලෙවි වන විට ඒ හා සමාන බරින් යුතු දේශීයව නිෂ්පාදනය කළ බිත්තරයක් රුපියල් 40 කට අලෙවි වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222