- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Dhanushka
විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන සමාලෝචනය අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව එම අවස්ථාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැදගත් සංධිස්ථානයකට පත් වනු ඇති බව සදහන්. මෙම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත තුන් වන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330 ක මුදල ලැබෙනු ඇති බවට අපෙක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකි වුණා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමගයි. මේ අතර අද පෙරවරුවේ පැවති තරගයෙන් නැමීබියා කණ්ඩායම පරාජය කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 9 ක ජයක් ලැබීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 72 ක් පමණයි. පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 12 ට කඩුල 4 ක් දවා ගත් අතර ජොෂ් හෙසල්වුඩ් සහ මාකස් ස්ටොයිනීස් කඩුලු 2…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ක`ඵතර දකුණ දුම්රිය ස්ථානයේ සහ කටුකුරුන්ද දුම්රිය ස්ථානය අතර සාගරිකා සීග්‍රගාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සදහා මේ වන විට කණ්ඩායම් යොදවා ඇති බව ද සදහන්.
2024 ඡන්ද හිමි නාමලේඛනය ලබන මාසය අවසාන වන විට සහතික කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ දිනවල එහි මූලික කෙටුම්පතට ලැබුණු අභියාචනා විභාග කිරීම ආරම්භ කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.එල්. රත්නායක මහතා සදහන් කළේ. ඒ අනුව ලබන මාසයෙන් පසුව පැවැත්වෙන සියලු මැතිවරණ 2024 ඡන්ද හිමි නාමලේඛනය අනුව පැවැත්වීමට හැකියාව ලැබෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙකුට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. ඒ, චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී සංචාරය කරමින් සිටින අවස්ථාවකදියි. එම අමෙරිකානු ජාතිකයින් සිව්දෙනා පන්සලක් වෙත පාගමනින් යමින් සිටියදි තියුණු ආයුධයකින් සන්නද්ධ පුද්ගලයෙකු අදාළ පහරදීම් සිදුකර ඇති අතර තවමත් චීන බලධාරින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද සදහන්.
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ මහතා සඳහන් කළේ. මේ අතර අද සිට අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා. එමෙන්ම සරසවි අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 40 වන දිනටත් ක්‍රියාත්මකයි.
මධුසමය ගතකිරීම සදහා ලොව හොඳම රටවල් 20 අතුරින් ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමිව තිබෙනවා. මේ අනුව “එන්ජෝයි ට්‍රැවල්” නමැති ජාත්‍යන්තර වෙබ් අඩවියක් නිකුත් කළ නවතම වාර්තාවක පළමු ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එම වර්ග කිරීමේදී තෙවන ස්ථානය හිමිව ඇත්තේ මීදුම් සහිත කඳු පන්තීන්, විචිත්‍රවත් තේවතු, අලංකාර වෙරළ තීරයකින් සමන්විත වීම බවයි වැඩිදුරටත් අදාළ වෙබ් අඩවිය මගින් දක්වා ඇත්තේ. එමෙන්ම අදාළ වර්ගීකරණයට ගාල්ල නගරයේ පවතින ආකර්ෂණීය ස්ථාන ද ප්‍රමුඛත්වය ගෙන ඇති බව සදහන්.
මෙම වසරේදී උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම 2025 වර්ෂය වන විට යළිත් උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේදී පැවැත්විමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ. අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශයද මේ අනුව කඩිනම් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
රූපලාවන්‍ය ආලේපන නියාමනය සිදු නොවීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැ`ඵවකට තරුණ ප්‍රජාව ලක්වෙමින් සිටින බව චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනවා. ලියාපදංචි වී නොමැති ආයතන බොහෝ ප්‍රමාණයක් වෙළදපොල තුළ පවතින බවත් රසදිය වැනි පිළිකා කාරක බැර ලෝහවලට දීර්ඝ කාලීනව සම නිරාවරණය වීම හේතුවෙන් සම ආශ්‍රිත පිළිකා රෝග වර්ධනය වෙමින් පවතින බවටයි විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.
මෙරට කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඕමානයේ තානාපතිවරයා අතර ඊයේ දින අත්සන් කළ මෙම ගිවිසුම හරහා අධ්‍යයන හා පර්යේෂණ කෘෂිකාර්මික නිෂ්පාදන ආයතන හා අපනයනය දෙරටටම බලපාන පරිදි මෙමගින් ශක්තිමත් කෙරෙනු ඇති. එම අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඕමානය සමග අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුම ඵෙතිහාසික දෙයක් වනු ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222