- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
Author: Dhanushka
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගු ගෙන තිබෙනවා. ඒ කොළඹ කොටුව පොලිසිය වෙත එ් මහතා අද(22) පෙරවරුවේ පැමිණීමෙන් අනතුරවයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(23) අර්චුනා මහතාට වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ ඔහුට එරෙහිව ඇති නඩුවකට අදාළව අධිකරණයේ පෙනි නොසිටීම හේතුවෙන්.
ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබුණේ, නවසීලන්තය සමග ඇති කර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන බවයි . එමෙන්ම එය තුලින් වෙළෙඳපළ ප්‍රවේශය වැඩි දියුණු කරන බව ද ඉන්දියාව පැවසුවා. එමගින් දෙරට අතර ආයෝජන ප්‍රවාහ ප්‍රවර්ධනය කරන බව ද ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා. තවද අගමැති නරේන්ද්‍ර මෝදි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් ඊයේ දෙරට අතර ”ඓතිහාසික” නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන බව නිවේදනය කර තිබුණා. අගමැතිවරුන් දෙදෙනා දුරකථන සංවාදයක් පවත්වා තිබූ අතර, ඉන් පසුව නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ…
රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 යි ග්රෑම් 201 ක් සැකකරුවෙකු සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ සිට මෙරටට එවූ පාර්සලයක් තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසුවේ. මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් ඊ එම් එස් අංශයේ විදේශ පාර්සල් පරීක්ෂාවේදී එම කුෂ් තොගය සොයාගෙන තිබුනා. මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් .
විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම තාවකාලික රියදුරු බලපත්‍රය විදේශ වලදී ඔවුන් භාවිත කළ රියදුරු බලපත්‍රය පාදක කර ගනිමින් නිකුත් කෙරෙනු ඇති. කටුනායක ගුවන්තොටුපළේ පිහිටුවා ඇති කවුළුව මගින් මේ වන
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායම හිමි කර ගත්තා. එහිදි එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 82 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා. පසුගිය 17 වන දා ඇඩිලේඩ් ඕවල් හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 371 ක් ලබාගත්තා. අනතුරුව එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 286ක් රැස්කර ගත්තා. ඒ අනුව ඔස්ටේ්‍රලියාව ලකුණු 85ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, එහිදී ඔවුන් ලකුණු 349 ක් රැස්කර ගැනීමට සමත්වුණා. ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා…
දිවයිනේ ප්‍රදේශ රැසක වායු තත්ත්ව දර්ශකය තව දුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා. ජාතික ගොඩනැගිලි පර්යේශණ සංවිධානයේ වායු තත්ත්ව දර්ශකයට අනුව මේ වන විට වැඩිම වායු තත්ත්ව දර්ශකය වන ඒකක 107 ක් ගාල්ල නගරයෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම පුත්තලම ඒකක 75 ක් අනුරාධපුර ප්‍රදේශයේ ඒකක 73 ක් සහ කෝට්ටේ නගරයේ ඒකක 71 ලෙස වායු තත්ත්ව දර්ශකය සටහන්ව තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වාය් තත්ත්ව දර්ශකය පවතින්නේ ඒකක 58 ක් ලෙසයි.
හානි වූ දුම්රිය මාර්ග රැසක් මේ වන විට අලුත්වැඩියා කිරීමට හැකි වී තිබෙනවා. ඒ අනුව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කළේ මාර්ග කිහිපයක දුම්රිය ධාවන කටයුතු නැවත ඇරඹීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව යාල්රාණි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රියන් මෙසේ අතරමැදි දුම්රිය ස්ථානයන් සිට ධාවන කටයුතු ආරම්භ කෙරුණා. අද දින සිට කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව මෙම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යාල්රාණි දුම්රියෙන් අද සිට ආරම්භ වනවා.
එළඹෙන උත්සව සමය මූලික කරගනිමින් මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරදි මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ. උත්සව සමය නිමා වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ඇතියි.
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුණා. ඒ, ලකුණු 174ක් ලබාගනිමින්. එහි අනු ශුරතාවය හිමි වුයේ ලකුණු 134ක් ලබා ගත් ගම්පහ දිස්ත්‍රික්කයටයි. මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී කොළඔ දිස්ත්‍රික්කය දිනා ගත් ලකුණු සංඛ්‍යාව 88ක්. හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය 19 වනදා ආරම්භ වූ 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඊයේ රාත්‍රියේ නිමාවට පත් වුණා.
සෝමවති පුදබිමට පිවිසෙන සුංගාවිල සෝමවති මාර්ගය දෙවන වරටත් ගංවතුරින් යටව පැවතීම හේතුවෙන් ගමනාගන කටයුතු සදහා විවෘත නොකරන බව පොලිසිය පවසනවා. පූජා භූමිය අවට පරිසරය තවමත් ජලයෙන් යටව පවතින අතර එම ජලයද මේ වන විට බැස යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජලය බැස යාමෙන් අනතුරුව පූජාභූමිය ඇතුළු ගොඩනැගිලිවල පවිත්‍රතා කටයුතු සිදුකිරීමට නියමිත බව විහාරවාසී භික්ෂූන් වහන්සේලා පවසනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















