- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ අතර අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර අද (19) රාත්‍රියේදීත් තවත් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත් කර යවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු කණ්ඩායම සදහා වන ගුවන් ටිකට්පත් අමාත්‍යවරයා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදී ශ්‍රමිකයින්ට ලබාදුන්නේය. දෙරට අතර මීට පෙර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා…
2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 1.5ක කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව දැන් පැවැත්වෙන ඩුබායිහිදී දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා. වනිදු අලෙවි වූ මිල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකටයි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වනවා. වනිඳු හසරංග මින් පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නමුත් මෙවර වෙන්දේසියට පෙර එම කණ්ඩායම විසින් ඔහු සිය සංචිතයෙන් නිදහස් කෙරුණා. අයි.පී.එල්. තරග 26කට…
පෞද්ගලික අංශය මගින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන ජී.ආර්. 11 නමැති ආදේශක සහලක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව එම සහල් ප්‍රභේදයෙන් සහල් මෙට්ටි්‍රක් ටොන් 50,000 ක් ආනයනය කිරීමටයි තීරණය වී ඇත්තේ. දේශීය වෙළදපොල තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරිත්වයක් ඇතිකරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්. මේ අතර එළඹෙන වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇති බව ද වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් රංජිත් අතපත්තු මහතා සදහන් කළේ ප්‍රමාණවත් පරිදි ඉන්දියාවෙන් බිත්තර ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී…
හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී ඊට අදාළ ඡායාරූප ගාස්තුව ඉහල දමා තිබෙනවා. ඒ අනුව ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්. ඒ අනුව 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මීට පෙර ඒ සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව ලෙස සදහන් වුණේ රුපියල් 150 ක මුදලක් පමණයි .
කටුනායක ගුවන් තොටුපල නිලධාරින්ගේ ඇස් වසා පිටකරගෙන යමින් තිබූ භාණ්ඩ තොගයක් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ භාණ්ඩ වෙනුවෙන් රජයට අයවිය යුතු තීරුබදු ඇතු`ඵ අනෙකුත් බදු නොගෙවා පිටතට රැගෙන ගොස් ඇති බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ. එසේම ගුවන් තොටුපල සියලුම පරීක්ෂණ ආයතන මගහරිමින් එම භාණ්ඩ ගුවන් තොටුපලෙන් පිටකරගෙන යමින් තිබූ බවද පැවසෙනවා. අදාළ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි 3 ක් පමණ වන බවයි අප වාර්තාකරු කියා සිටියේ. මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විවිධ වර්ගයේ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, ස්වර්ණාභරන මෙන්ම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ද වනවා. මෙම භාණ්ඩ තොගය නීතිවිරෝධිව මෙරටට ගෙනවිත් ඇත්තේ කැළණිය, වීරකැටිය, පුත්තලම…
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙනවා. ඩුබායි හිදි පැවැත්වෙන මෙම වෙන්දේසිය මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයන් 333 දෙනෙකු ඉදිරිපත් කරන අතර ඉන් ක්‍රීඩකයන් 214 ක් ඉන්දීය ක්‍රීඩකයන් වනවා. වෙන්දේසියට ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 119 ක්. විදෙස් ක්‍රීඩකයන් අතරින් දෙදෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික නොවන රටවල්වලින් තෝරා ගන්නා බවද සදහන්. වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එහිදි වනිදු හසරංග, ඉන්දීය රුපියල් කෝටි 1.5 ක කාණ්ඩයටත්, කුසල් මෙන්ඩිස්, දිල්ශාන් මධුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර ඉන්දීය රුපියල්…
මරදගහමුල විශේෂිත තොග වෙළඳ මධ්‍යස්ථානය අද දිනයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා . මෙම විශේෂිත තොග වෙළඳ මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණ ඇතිවයි . ඒ අනුව අද සිට සෑම දිනකම පෙරවරු පහේ සිට පස්වරු 3 දක්වා විවෘතව තැබෙන මෙම මධ්‍යස්ථානය තුළින් සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳුන්ට ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති. මෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදුකර ඇති අතර එය වෙළඳ කුටි 115 කින් සමන්විත වනවා . ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 459 ක් බවයි වාර්තා වන්නේ .
උතුර – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පක්ෂවල නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් එළඹෙන බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා පවසනවා. මෙහිදී ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සදහන්. එමෙන්ම පසුගියදා දිවයිනට පැමිණි ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයින් පිරිසක් සහ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉදිරිපත් කළ හිමාලයා ප්‍රකාශනය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. මේ අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ජනවාරි මස 21 වනදා තෝරා ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය…
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා. තවත් 226 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බව ද සදහන්. අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 370 ක්, අයිස් ග්‍රෑම් 556 ක්, ගංජා කිලෝග්‍රෑම් 7 යි ග්‍රෑම් 800 ක්, මාවා කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 500 ක් සහ මත්පෙති 1,075 ක් ද සොයා ගෙන තිබෙනවා . මේ අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ලේකම්වරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙනු ලැබුවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තැබීමටද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එම කාර්යාලයේ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පරීක්ෂා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222