- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
උතුරු පලාතට බලපා ඇති අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් උතුරේ පවුල් 5000 කට අධික ප්‍රමාණයක පුද්ගලයින් 15,000කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදා කලමනාකරන කාර්යාල මගින් පෙන්වා දෙනවා. උතුරු පලාතේ වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි වන අතර එම ප්‍රමාණයන් දසදහස ඉක්මවන බවටද ආපදා කලමනාකරන නිලධාරීන් පෙන්වා දෙනවා. කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන රැසක පවුල් 1027 කට අයත් පුද්ගලයින් 4256 දෙනෙකු ඇතිව තිබෙන ගංවතුර තත්වය හෙයින් පීඩාවන්ට පත්ව ඇති අතර එම ජනතාවගෙන් දහසක ආසන්න පිරිසක් රජයේ පාසල් ඇතුළු ආරක්ෂිත ස්ථානයන්හි රඳවා සිටින බවට කිලිනොච්චිය ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙනවා.…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධනය සදහා ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කර තිබෙනවා. ලබන 22 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ. අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.
කුරියර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කළ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 23 ක සිසුවෙකු බව පොලිසිය පැවසුවා. සැකකරු සියඹලාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
රට මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට රජයට නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේවෙතත් ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට සමගි ජන බලවේගයට හැකි බවයි ඔහු සදහන් කලේ . බියගම ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා.
ලබන වසරේ මැයි මාසය දක්වා සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එබැවින් දැනට තිබෙන මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැතිවීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරනායක තටාකයේ පිහිටි ජැටිය යොදාගැනීමටයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතචා තීරණය කර ඇත්තේ. එහි සංවර්ධන කටයුතු සිදුකරන තෙක් පැරණි මගී පර්යන්තයේ සහ ඒ අසළ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටත්, අවන්හල් සහ වෙළඳ භාණ්ඩ අලෙවිසැල් පවත්වා ගෙන යෑමට මෙන්ම අනෙකුත් පහසුකම් සැපයීමට වරාය අධිකාරිය ක්ෂණික වැඩපිළිවෙලක් දියත් කිරීමටත් කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසනවා. එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බව යි එම පෙරමුණ සදහන් කරන්නේ. පසුගිය 16 වනදායින් පසු පක්ෂයේ විධායක සභාව රැස්වී නොමැති බවද පොදුජන පෙරමුණ පැවසුවා. පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයි ද පොදුජන පෙරමුණ සඳහන් කළා. කෙසේවෙතත් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කිරීමේ සුදානමක් ඇති බවටයි.
එළැඹෙන ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත විදුලි බිල සංශෝධනයට වැට් බද්දෙන් බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. කෙසේ වෙතත් වැට් බද්දෙන් ඉන්ධන මිලට බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේ ස්ථාවර රටකට සැවොම ඒක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සහ තීන්දු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා. අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර අවසන්…
අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් ළමුන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ළමුන්ගෙන් අවුරුදු 2, 4, 5 සහ 13 යන වයස්වල පසුවන ළමුන් සිව්දෙනා එකම පවුලේ සහෝදර සහෝදරියන් වන අතර, ජීවිතක්ෂයට පත් වූ අනෙත් ළමයා 11 හැවිරිදි ඥාතියෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසේ වැඩිහිටියන් කිසිවෙකු සිට නොමැති අතර, මෙම ළමුන්ගේ පියා එම අවස්ථාවේ නත්තල් උත්සවය සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සාප්පු සවාරියක ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ ළමුන් ගේ හෝ පියාගේ නම් හෙළි නොකිරීමට…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා එකොලොස් දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් අට දහසකට ආසන්න පිරිසකට ද බලපෑම් එල්ල වී ඇති බවයි එම මධ්‍යස්ථානය සදහන් කලේ . මේ අතර මුලතිව් හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයන්ට අයත් යුද හමුදා නිලධාරීන් ජලගැලීම්වලින් කොටුවී සිටින ජනතාව මුදා ගැනීම් සිදුකරන අතර එලෙස මුදා ගන්නා පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවෙත යොමු කර තිබෙනවා . කෙසේවෙතත් පවතින වැසි තත්ත්වයෙහි අඩු වීමක් ලබන 22 වැනිදායින් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මේ බව සදහන් කලා .
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. හතලිස් එක්ලක්ෂයක දරු පරපුරේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළා. මේ අතර පාසල් තුල පන්ති කව පැවැත්වීම සමබන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පල කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222