- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Anura Premakumara
මෝදර, මට්ටක්කුලිය, ‘රන්දිය උයන‘ නිවාස සංකීර්ණය අසලදී ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. තුවාලකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ සෙන්දිල් ශන්මුගම් දුෂ්යන්ත් හෙවත් බඩා රංජි නමැත්තෙකි. පොලිසිය සැක පළ කරන්නේ පාතාල කල්ලි දෙකක් අතර කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි. පොලිසිය පවසන්නේ මෙලෙස ඝාතනයට ලක්වූ බඩා රංජි නමැත්තා දැනට ඉන්දියාවට පළාගොස් සිටින පූකුඩු…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අධිසුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන තිබෙනවා. අද(15) දහවල් මෙලෙස ගිනිගෙන ඇත්තේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බවටයි වාර්තා වන්නේ. බස් රථයේ ඇති වූ ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් බස් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවත් වී නිව්ස් වාර්තාකරු කියා සිටියා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔන්ලයින් ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වැටලූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහිදි චීන ජාතිකයින් 5 දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදි මාර්ගගත ක්‍රමයට ණය ලබාදීමේදී ණය ලබාගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයේ ඇති පෞද්ගලික තොරතුරු සමාජයේ වෙනත් අයට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 6 බැඟින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා අදහස් පළ කළා.
බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේෂ්වර යන නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඔහුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා. එසේම මහින්ද කොඩිතුවක්කු නමැති මෙම පුද්ගලයාට අදාළ බැංකු ගිණුම් පරීක්ෂා කරන බලන ලෙසටද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කළා.
හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වී එෆ්.එම් ප්රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් .
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව තීරණය කලේ පළමුව පන්දු රැකීමටයි. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා. එහිදී නායක සිකන්ඩ රාසා පන්දු 42 කින් ලකුණු 62 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්. පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 16 කට කඩුලු 2 ක් සහ වනිදු හසරංග ලකුණු 19 කට කඩුලු…
නවගමුව, තුංඅඳහේන ප්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලද පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඊයේ(10) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. ගලබොඩවත්ත, කොරතොට නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තමන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා නිවසේ සිටි පුද්ගලයෙකු ඔවුන් පැමිණි යතුරු පැදියේම නංවාගෙන රැගෙන ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා නිවසින් බැහැරට රැගෙන යාමේදී ඇති වූ සැකය මත නිවැසියන් යතුරු පැදිය පසුපස ලුහුබැඳ ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරු පැදියේ නංවාගෙන ගිය පුද්ගලයා කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල බෝක්කුව ආසන්නයේ හිසෙහි බරපතල තුවාල සහිතව ඇද වැටී…
පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න පළමුව ඉදිරිපත් කෙරෙනු ඇති. එමෙන්ම පනත් කිහිපයක් අද දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අධිකරණ අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ආර්ථික පීඩාවන්ට එරෙහි සමාජ විරෝධය පාලනය සඳහා රජය යළි ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගරය වෙත ගමන් ගත් තරුණියකගේ ගෙල බැදි රන් මාලය කඩා පලාගිය තරුණයන් දෙදෙනෙකු එම වතුයායේ වතු කම්කරුවන් විසින් අල්ලා ගෙන තිබෙනවා. බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා කියා සිටියේ අදාළ සැකකරුවන් පොලිසිය වෙත අද (10) දින පස්වරුවේ භාරදුන් බවයි. එලෙස අල්ලාගෙන පොලිසිය වෙත භාරදෙනු ලැබූ සැකකරුවන් දෙදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් සහ 27ක් වන දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නනේ. සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් බගවන්තලාව නගරයට පැමිණ බ්‍රිඩ්වෙල් වතුයාය වෙත ගමන් කරන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නගරය වෙත ගමන් කරමින් සිටි තරුණියකගේ ගෙල බැදි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය කඩාගෙන…
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී ඝාතනයට ලක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් වන දුලාංජලී අනුරුද්දිකාගේ ඝාතකයා මේ වන විට විදෙස් රටකට පළා ගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රත්මලානේ ධර්මසිරි නොහොත් ධර්මසිරි නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා බවට අනාවරණ වී ඇති බවයි විමර්ශන අංශ පවසන්නේ. කටුනායක ගුවන් තොටුපොල පොලිසිය විසින් අදාළ සැකකරු ඊයේ රාත්රීයේදීම අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සැකකරු රයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මලයාසිටියාවේ ක්වාලාලාම්පූර් බලා පිටත්ව යාමට පැමිණ සිටියිදීයි. සැකකරු අත්අඩංගුවට ගැනුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇති මුහුණ හඳුනාගැනීමේ ස්වයංක්‍රීය පද්ධතියේ සහයෙන් බවටයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වූ කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222