- හෙද හෙදියන් 3500ක් අලුතෙන් සේවයට
- අද සිට සතොස ගබඩා 06 ක්
- කැරිබියන් දූපත්වල ප්‍රබල භූකම්පනයක්
- සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද
- කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
- දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Author: Anura Premakumara
76 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා . ඒ වෙනුවෙන් වී එෆ් .එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් මෙවර ජාතික නිදහස් දිනය ” හදමු අලුත් රටක් “ යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවැත්වෙනවා . ඒ අනුව ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදි පැවැත්වීමට නියමිතයි . මෙවර නිදහස් සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගි වනු ඇති . මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිදහස් දින පණිවිඩයක් නිවේදනය කර තිබෙනවා . එමගින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළිත් සෞභාග්‍යයමත් දේශයක් නිර්මාණය කර…
ඉන්ධන මිල අද(31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරෙන බව සිපෙට්කෝ සමාගම පවසනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 8කිනුත් ලංකා සුපිරි ඩීසල් රුපියල් 7කිනුත් පහළ දමා තිබෙනවා. එසේම ලංකා භූමිතෙල් ලීරයක මිල රුපියල් 26කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 366ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව රුපියල් 371ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ යාමත් සමගින් මෙතෙක් රුපියල් 358ක්ව පැවැති ලීටරයක මිල රුපියල් 363 දක්වා ඉහළ දමා තිබෙනවා. රුපියල් 464ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල…
සමගි ජන බලවේගය විසින් කොළඹදී අද පැවැති විරෝධතාවයට එක්වූ කොළඹ දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා රෝහල් ගත කර තිබෙනවා. ඔහු ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලටයි. ‘‘මේ දුෂ්ඨ ආණ්ඩුව එළවමු‘‘ යන තේමාවයෙන් යුක්තව සමගි ජන බලවේගය අද පස්වරුවේ විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පවත්වනු ලැබුවා. ඊට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල වූවා. මුජිබර් රහුමාන් මහතාට අමතරව ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත නිලධාරියෙක්ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල්ගත කර සිටින මුජිබර් රහුමාන් මහතාගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද රෝහල වෙත ගොස් තිබෙනවා.
දිවයින පුරා පසුගිය පැය 24 ක කාලය තුළ සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 536 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් බවත් 232 කු අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් බවත් පොලිසිය සදහන් කළා. මෙහිදි හෙරොයින් ග්‍රෑම් 120 ක්, අයිස් ග්‍රෑම් 98 ක්, ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 600 ක්, ගංජා පැල 9708 ක්, මාවා ග්‍රෑම් 249 ක්, මදන මෝදක ග්‍රෑම් 137 ක් සහ මත්පෙති 31,611 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. අදාළ සිදුවීම පාර්ලිමේන්තු සංකීර්ණය තුලදීම සිදුවන්නට ඇති බවට සැකකරන අතර අත්අඩංගුවට ගැනුණු කනිෂ්ඨ සේවකයන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
සමගි ජන බලවේගය විසින් කොළඹදී අද පැවැත්වීමට නියමිත රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමා, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සාමාජිකයන් සහක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගි වන සියලු සාමාජිකයන් වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා. අදාළ අධිකරණ නියෝගයේ දැක්වෙන්නේ උක්ත පිරිසට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදීපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් බව…
2018 වසරේදි එවක ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. මේ පිළිබදව අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසටයි එහි වගඋත්තරකරුවන් පිරිසට අධිකරණය විසින් නියෝග කර ඇත්තේ. එලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතු`ඵ පිරිසටයි. පෙත්සම පිළිබදව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.
76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද සිට ලබන මස 4 වනදා දක්වා කොළඹ කොටුව සහ ගාලුමුවදොර ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව අදාළ දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ පෙබරවාරි මස 03 වනදා පස්වරු 2 සිට, 04 වනදා නිදහස් උත්සවය නිමාවන තෙක් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. බස්රථ සහ සැහැල්ලු වාහන ගාලුපාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ඇතුළු වන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හැරී බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල මන්සන්ධිය, තර්ස්ටන් පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකියි. එමෙන්ම කොල්ලුපිටිය මන්සන්ධියෙන් දකුණට හරවා ලිබර්ටි වටරවුම, ධර්මපාල මාවත…
පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණින් නව සන්ධානයක් ඉදිරියේදී ගොඩනගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති පොදුජන එක්සත් පෙරමුණේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව නව නිලධාරී මණ්ඩලයක් ද පත් කරන බවයි. එමෙන්ම නව සන්ධානය සඳහා බලවේග රාශියක් එක්වීමට නියමිත බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.
පැහැර ගැනීමකට ලක්වූ ලෝරේන්සෝ පුතා – 04 බහුදින යාත්‍රාව මුදාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් එම ධීවර යාත්‍රාව සහ එහි සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස මුදාගෙන ඇති බවයි. එහිදී සීසෙල්ස් නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා කියා සිටියේ. යාත්‍රාව සහ ධීවරයින් හය දෙනාම නිරුපද්‍රිතව සිටින බව සීෂෙල්ස් නාවික හමුදාව තහවුරු කර තිබෙනවා. මේ වන විට එම ධීවර යාත්‍රාව සීෂෙල්ස් හි වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යමින් පවතින බවද සඳහන්. මේ අතර ධීවර යාත්‍රාව මුදාගෙන ඇති බව සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් තහවුරු කළ බව ධීවර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222