- ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන
- කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්
- නබි සල් නායකකතුමාගෙ ජන්ම දිනයට සමගාමිව විහේෂ සැමරුම් උත්සවයක්
- දිවයින පුරා සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක්
- කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
- පොලිස් ජීප් රථය පැහැරගත් සැකකරු පොලිසියට භාරවෙයි
- තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
- ගංජා පානය කර සිටි බස් රථ රියදුරෙක් අත්අඩංගුවට
Author: Anura Premakumara
මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මේ බව නිවේදනය කළා. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික උත්සව ගණනාවක් සංවිධානය කර ඇති බවයි. මෙවර වෙසක් සතිය මැයි මස 2 වන දා සිට 8 වන දක්වා පැවැත්වීමට නියමිතයි. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරනු වස් සමරනු ලබන මෙම වෙසක් උත්සවය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් උත්සවයක් ද වනවා.
කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ජල කප්පාදුව එදින පෙ.ව 11 සිට එදින රාත්‍රී 9.00 දක්වා සිදුකිරීමට නියමිතයි . ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර,ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ලැබුවා .
පාරිභෝගික ජනතාවට කුකුළු මස් සහ බිත්තර සාධාරණ මිලකට ලබාගත හැකි පරිදි පශු සම්පත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින ගැටලු ක්‍රමානුකූලව විසදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කර තිබෙනවා. බිත්තර හා කුකුළු මස් කර්මාන්තකරුවන් සමඟ අද පැවති සාකච්ඡාවක දී ඔවුන් මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා. එමෙන් ම සත්ත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩඉරිඟු ආශ්‍රිත නිශ්පාදන සහ ඒවායෙහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු කෙරෙහි ද මෙම සාකාච්ඡාවේ දී ප්‍රධාන…
රුසියානු හමුදා මැඩපැවැත්වීමට අවශ්‍ය අවි ආයුද ප්‍රමාණවත් නොමැති බව යුක්රේනය පවසනවා. යුක්රේනනයේ බක්හ්මුත් ප්‍රදේශයේ බලය රුසියාව අත්පත් කර ගැනීමට දැඩි ප්‍රරිශ්‍රමයක් දරන බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එම උත්සහය මැඩපැවැත්වීමට යුක්රේනය හමුදා සමත් වුවද ඉදිරි යුද කටයුතු සදහා ප්‍රමාණවත් තරම් අවි ආයුද නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් යුක්රේනයට ලැබුණු යුධ ආදාර අඛණ්ඩව නොලැබීමෙන් ගැටළු මතුව තිබෙනවා.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා . සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවයි . එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
රැකියා සඳහා විදේශ ගත වී සිට නැවත මෙරටට පැමිණෙන විගමනික ශ්‍රමිකයින් සඳහා අතිරේක තීරු බදු සහනයක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශ්‍රමිකයින් එතෙර සිට උපයන ලද විදේශ විනිමය නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට ප්‍රේෂනය කිරීම දිරිගැන්වීම පිණිස මෙම දීමනාව ලබා දීමට තීරණය කළ බවත් එම නිවේදනයේ දැක්වෙනවා. මෙම සහනය සඳහා කොන්දේසි සහ නිර්නායක කිහිපයක් ඔවුන් විසින් පෙන්වා දී තිබෙන අතර, එතෙර සේවා නියුක්තියෙන් උපයා මෙරට බැංකු පද්ධතිය හරහා ප්‍රතිලාහියාගේ ගිණුමට පමණක් බැර වන මුදල් ප්‍රමාණය මත මෙම සහනය ක්‍රියාත්මකයි. තවද මෙම සහනය සඳහා 2022 වර්ශයේ මැයි මස පළමු වන දා සිට මේ…
කළුතර උතුර කැලිඩෝ පාරේ නිවසක් තුළ ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ආයුර්වේද වෛද්‍යවරියක් මෙලෙස ඝාතනය ලක්ව ඇති බවයි. අද අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර මළසිරුර නිවස පිටුපස තිබියදී ඇයගේ දියණිය දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා. මෙම ඝාතනයට යොදාගත් බවට සැකකෙරන තියුණු ආයුදයක් ද සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වා තිබෙනවා . ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 04කින් සමන්විතයි . ඒ අනුව වර්ෂයේ ආර්ථික කටයුතුවල තත්ත්වය පැහැදිලි කරන පරිච්ඡේද 08කින් හා සංඛ්‍යා පරිශිෂ්ඨ 30කින් පළමු කොටස සමන්විත අතර දෙවන කොටස රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අදාළ ගැසට් හා චක්‍රලේඛ එකතුවකින් සමන්විත වනවා
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද පස්වරු 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා . ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකියි . ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වනවා . ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
අධික උණුසුම නිසා ඇතිවන සෞඛ්‍ය බලපෑම් වලක්වා ගැනීම සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. මෙහිදි වයෝවෘද්ධ සහ රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා දරුවන් උෂ්ණත්වයෙන් පීඩාවට පත් විය හැකි බැවින් විශේෂයෙන් අවධානය යොමු කරන මෙන් අදාළ දැනුම්දීමේ සදහන්. අධික පිපාසය, තොල් කට වියළිම, තද පැහැදි මුත්‍රා පිටවීම, මුත්‍රා පිටවීමේ වාර ගණන අඩු වීම වැනි කරුණු පිළිබද සැලකිලිමත් වන ලෙසයි එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර අද දින වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය කාලීන වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ මහතා අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා. මේ අතර ඩෙංගු රෝගී තත්ත්වය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222