- කතානායකටත් විශ්වාසභංගයක්
- ගතවූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කගේ වැඩතහනම්
- නේපාල බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිද දමයි
- විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්
- නේපාලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් !
- ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
- අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්
- පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
Author: Anura Premakumara
ධීවර ජනතාවට නොමිලේ භූමි තෙල් බෙදා දීම හෙට උදෑසන 8 ට පානදුර ධීවර වරායේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ග් ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිත බවයි ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. මෙහිදි භූමිතෙල් ඉන්ධන භාවිත කරන බෝට්ටු 2600 කට භූමිතෙල් ලීටර 150 බැගින් බෙදා දීමට නියමිතයි. පසුගියදා චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවර ජනතාවට නොමිලේ බෙදා දීම සදහා මෙම භූමිතෙල් ලබා දී තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ එළි දැක්වීම අද සිදු වුණා. ඒ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදීයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, නිදහස ජනතා සභාව සහ හිටපු කතා නායක කරු ජයසූරිය, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතු`ඵ දේශපාලන නායකයින් රැසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊට අදාළ ගිවිසුම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කළ බවයි. ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා තවත් සමාගම් දෙකක් සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊයේ දිනයේ සිට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාව ඉක්මවා යාම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල වැසියන්ට ආරක්ෂිතව පසුවන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා. අවශ්‍ය නම් වෛද‍්‍ය ප්‍රතිකාර වලට ද යොමු වන්නැයි දැනුම් දී තිබෙනවා.
දේශීය එළවළු සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තම ප්‍රකාශ හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයින්ට සිත් රිදවීමක් සිදු වී ඇත්නම් එයට සමාව ඉල්ලා සිටින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසනවා. මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ පැවති ආගමික දේශනයකට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා නීතිඥයින් විසින් සියලු කටයුතු සූදානම් කිරීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ, හින්දු, මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු මෙහිදි පවසා තිබෙනවා.
ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු පහසු කිරීමේ අරමුණින් ලබන මාසය අවසන් වීමට පෙර ස්ථානපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. තමාගේ ජීවිතයට ද ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බවටයි කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ටිරාන් අලස් මහතා කියා සිටියේ.
ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමන් අරගලයත් රැගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රසිරි පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රස්නායකපුර, ඇදගලහේන ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රස්නායකපුර පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන නිකවැරටිය, කඩිගාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මේ වනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222