- ඝණ දෙවි ප්රතිමාවන් කොටගල ජලාශයේ දිය කර හැරීමේ උත්සවය අභිමානවත් ලෙස සමරයි
- ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
- ‘‘කප්තුරු සවිය” හෙට පුදුකුඩුඉරිප්පුවේදී
- ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද සිට
- වන අලි පහරින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
- පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු ගුණ සමරු උත්සවය අද
- තව දවස් දෙකක් පහු වුණා නම් සර්ලට අපේ නැට්ටවත් අල්ලන්න බෑ
- වෙන්නප්පුව ඝාතනයේ තවත් දෙන්නෙක් කොටු
Author: Anura Premakumara
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය යතුරු පැදියකින් ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවළක් ඊයේ(26) රාත්‍රීයේ ගිනිගත්හේන, පොල්පිටිය, කලුගල පොලිස් මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසනවා. ඒ දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 25ක් පමණ සැකකරු සහ ඔහුගේ වයස අවුරුදු 20ක් පමණ වයසැති මාස පහක ගැබිණි බිරිඳත් සමග දර්ගා නගරයේ සිට නුවරඑළිය දක්වා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයි. කලුගල පොලිස් මාර්ග බාධකයේ සිටින පොලිස් නිලධාරීන් යතුරු පැදිය නතර කර පරීක්ෂා කිරීමේදී එම යුවලගේ ඇඳුම්වල සඟවා සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් තිබී සොයා ගත් බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.…
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය ජුනි මස 30 වන දින කහවත්ත, යායින්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. රත්නපුර, පැල්වාඩිය ප්‍රදේශයේදී සැකකරු ඊයේ(25) දහවල් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් පමණ වන රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පලාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර ඉදිරි පැය…
අල්ලස් මුදලක් ලබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිදුපුර, බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය කරන ලද ග්‍රාම නිලධාරිනියක බවටයි වාර්තා වන්නේ. අල්මාරියක් ලබාගැනීමට රුපියල් 23,500ක මුදලක් ගෙවන ලද බිලක් ලබාගන්න අවස්ථාවේදී අදාළ නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. අත්අඩංගුවට ගැනුණු ග්‍රාම නිලධාරිනිය සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
මගී ප්‍රවාහන බස් රථයක් සහ දර ප්‍රවාහන කළ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(26) සිදු වූ අනතුරකින් මගී ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයේ රියදුරා නාවලපිටිය රෝහලට ඇතුළත් කර අති බව නාවලපිටිය පොලිසිය පවසනවා. හැටන් මහනුවර ප්‍රදේශ මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේදී අද(26) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. මහනුවර සිට හැටන් බලා දර ප්‍රවාහනය කළ ලොරි රථයක පසුපස කොටස බස් රථයේ රියදුරු අසුන ආසන්නයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් බස් රථයේ රියදුරුගේ අසුන ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් පොලිසිය පවසනවා. බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථයේ මගීන් විශාල පිරිසක් ගමන් කර ඇති බවත් මගීන්ට කිසිදු…
මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතාව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නොමැති බවත් ජාතික ආරක්ෂාව වත්මන් රජය තහවුරු කර ඇති බව වගකීමෙන් පවසන බවත් ජාතික ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසනවා. නමුත් විවිධ සිදුවීම් මත මෙම වෙඩි තැබීමි පිළිබඳ රජයට යම් සැකයක් මතුව ඇති බවත් ඒ පිළිබඳව කඩිනමින් පරික්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා. මෙරට මාස 09ක් වැනි කෙටි කාලයක් තුළ අඛණ්ඩව සිදුවූ 88 වැනි වෙඩි තැබීම හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල තුළ ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ හෙළිවීමත් සහ සොලිස්ටර් ජනරාල්වරයා ඝාතන සැලැස්මක් පිළිබඳ පළවන විවිධ ප්‍රකාශ පිළිබඳවත්…
මෙරට ගම්වල අහිංසක ජනතා වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශවලට රැවැටුණු බවත් වත්මන් ආණ්ඩුවට මෙතෙක් බේබි සබන් කැටයක මිලවත් අඩු කරන්න බැරි වී ඇති බවත් වැරදුන රට නැවත නිවැරදි කරන්න ගම්වල ජනතාව මේවන විට පෙල ගැසෙමින් සිටින බවද මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා පවසනවා. පවතින දේශපාලනික තත්ත්වය පිළිබඳ සහ වත්මන් රජයේ තීන්දු තීරණ පිළිබඳ මාධ්‍ය වෙත අද(26) මැදවච්චිය නගරයේදී අදහස් දක්වමින් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා එලෙස කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුජීව සෝමපාල මහතා. “මේවන විට දුන්න පොරොන්දු ඉටුකර ගන්න බැරුව ආණ්ඩුව දඟලනවා. කොටින්ම කිවුවොත් මැදවච්චිය ප්‍රාදේශිය සභාව ගත්තාම නගරයේ…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
නාවලපිටිය බස් නැවතුම්පොළ අසල වෙළෙඳ සංකීර්ණයේ උඩු මහලේ පිහිටා ඇති බලපත්‍රලාභී රට බීම මත්පැන් විකුණුම් ස්ථානයෙන් මත්පැන් මිලදීගෙන එම රට බීම වෙළෙඳ සැල ඉදිරිපිට මත්පැන් පානය කර අශෝභන ලෙස හැසුරුණු පුද්ගලයන් 14 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා. බස් නැවතුම්පොළට දිස්වන සේ පිහිටි එම රට බීම මත්පැන්සලෙන් මත්පැන් මිලදී ගන්නා ඇතැම් පුද්ගලයන් එම වෙළෙඳ සැල ඉදිරිපිටම මත්පැන් පානය කර බස් නැවතුම් පොලේ රැඳී සිටින පාසල් ළමුන්ට සහ බස් නැවතුම් පොලේ පිහිටි වෙළෙඳ සැල්වලට පිවිසෙන කාන්තා පාරිභෝගිකයන් ඇතුළු මගීන්ට උසුළු විසුළු කරන බවට නාවලපිටිය පොලිසියට ලද පැමිණිලි කිහිපයක් මත මෙම වැටලීම සිදු කර ති බෙනවා. මෙම මත්පැන් අලෙවිසැලෙන් මත්පැන්…
වර්තමානයේ රටේ මතුව ඇති අපරාධ රැල්ල සම්බන්ධයෙන් අවධානය යොමුකර එය මැඩපැවැත්වීම සඳහා අවධානය යොමු කරන ලෙසත් මෙම තත්ත්වය සාමාන්‍ය ජනතාවට දැඩි තර්ජනයක් බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මෙම ඉල්ලීම කර සිටියේ ජාතික නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. වත්මන් පොලිස්පතිවරයා පහළම මට්ටමේ සිට ඉතා අසීරුවෙන් ඉහළට පැමිණි අයෙක් බවත් පොලිස් සේවයේ දීර්ඝ කාලීන සේවයක් කර පොලිස්පති තනතුරට පැමිණි බවත් උන් වහන්සේ මාධ්‍ය හමුවේදී කියා සිටියා. එසේම එලෙස පහළම මට්ටමේ සිට පොලිස්පති තනතුර දක්වා පැමිණි ඉතිහාසයට එක්වන පොලිස්පතිවරයෙකු ලෙසටද වත්මන් පොලිස්පතිවරයා හැඳින්විය හැකි බවයි රාහුල හිමියන් වැඩිදුරටත් කියා සිටියේ. මාධ්‍ය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222