- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ශක්තිමත් විපක්ෂයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ඇය සඳහන් කරන්නේ ආණ්ඩුවේ වැඩකටයුතු සඳහා මේ වන විට කිසියම් පුද්ගලයින් පිරිසක් පමණක් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි. ඔවුන් කාලයක් පුරා පවත්වාගෙන ආ ක්‍රමවේදය වෙනස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි ඇය සඳහන් කලේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය, බැංකු මගින් ජනතාවට ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. බැංකු පොලී අඩුවුවහොත් නැවතත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වී ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙනු ඇති බවයි මහා බැංකු අධිපතිවරයා සඳහන් කලේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවා දැමීමට ද අපේක්ෂා කරන බව යි.
නුවරඑළිය වාරිමාර්ග නිලධාරින් සහ නුවරඑළිය බොරලන්ද බුලුඇල ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග ගොස් නොසන්සුන්කාරි තත්ත්වයක් හටගත් බව ප්‍රදේශවාසීන් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා. බොරලන්ද බුලුඇල ප්‍රදේශයේ රජයට අයත් භූමියක් වාර්ෂික බදු පදනම මත පවුල් කිහිපයක් සදහා වගා කටයුතු සිදු කිරීමට ලබා දී තිබෙනවා. රජයේ වාරි සංවර්ධන වැඩ කටයුත්‍තක් සදහා යැයි පවසමින් වාරිමාර්ග නිළදාරින් වගාකරුවන් විසින් ලබා ගත් තහනම් නියෝගයක් තිබියදි එයද නොතකා දහස් ගණන් ආයෝජනන් සිදු කර සැකසු වගාබිම් විනාශ කිරීමට උත්සහ ගෙන තිබෙනවා. එහිදි ඇති වූ බහින් බස්වීමක් දිග දුර යෑමෙන් වාරිමාර්ග නිළදාරින් බැකෝ යන්ත්‍රයේ කුල්ලෙන් ඇල මාර්ගයකින් පුරවාගත් අපිරිසිදු මඩ වතුර හලා හෘද රෝගීන් ඇතුලු අහිංසක ජනතාවට…
ආගම්වලට අපහාස වන අයුරින් සිදු කරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පොලිසිය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ජාතීන් අතර ගැටුම් ඇතිවන ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කුවේට් ජාතිකයෙකු ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවෙන් මිළදී ගත් වායු රයිෆලයක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය නොමැතිව කුවේට් රාජ්‍යය බලා රැගෙන යාමට පැමිණි අවස්ථාවේ. සලීම් මොහොමඩ් නැමැති 75 හැවිරිදි මෙම කුවේට් ජාතිකයා එරට සාප්පු හිමි ව්‍යාපාරිකයෙක්. ඔහු ඊයේ දින රාත්‍රී 06.15 ට කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූගඑල්ග- 229 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම වායු රයිෆලය තිබූ අතර එය කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දෙවන ආරක්ෂක කපොල්ලෙහි පිහිටි…
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ප්‍රවාහණය කරමින් තිබූ ගංජා කිලෝ 03 ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසනවා. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ,තිරැක්කොවිල් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි පුද්ගලයෙක් අද අලුයම 04.30 සිට 08.30 දක්වා පුනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට ක්ෂණික මර්ග බාධක යොදා යාපනය සිට ගමන් ගන්නා මගි බස් රථ පරිකෂා කරීමේ මොහෙයුමක් පූනෑව පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ එම පරිකෂාවේදී යාපනය ඩිපෝවට අයත් යාපනය කොලඹ බලා ධාවනය වූ බස් රථයක් නවත්වා පුද්ගලයින් හා ගමන් මලු පරිකෂා කිරිමේ දි සැකකරැවන්ගේ ගමන් මලු තුල තිබි…
යාපනයේ ක්‍රියාත්මක මැරකල්ලි විසින් භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් යාපනය , අච්චුවේලි , සෙල්වනායගපුරම් ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් බව අච්චුවේලි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලද තොරතුරක් මත ඉඩම පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ හතරක් සොයාගත් බවයි. යතුරු පැදිවල කොටස් භාවිතා කරමින් තියුණු ආයුධ නිර්මාණය කොට තිබූ බවත් පොලිසිය පැවසුවා. යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ තියුණු ආයුධ සඟවා තැබූ පිරිස පැනගොස් සිටි බවත් පොලිසිය සදහන් කළා. පොලිසිය පැවසූයේ යාපනය ක්‍රියාත්මක ‘ආවා‘ කල්ලිය ඇතුළු මැර ක්‍රියා සිදුකරන කණ්ඩායම් විසින් මෙවැනි ආයුධ භාවිතා කරන බවත්, කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට මෙම තියුණු ආයුධ සඟචා තබන්නට ඇති බවට සැක…
අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මුදල් නොතිබීම හේතුවෙන් 50 හැවිරිදි සිය බිරිද මිය ගිය පසු හොර රහසේම 39 හැවිරිදි සැමියා එදිනම රාත්‍රියේම ගේ පිටුපසු වලක් කපා බිරිද වල දමා තිබෙනවා. මරණය නිත්‍යාණුකූලව සිදු කර නොමැති වීම හේතුවෙන් එම ස්වාමියා සැකකරුවෙකු ලෙස අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ පණ්ඩුකාභය පුර,විජය පුර පදිංචි අයෙක්. මියගිය කාන්තාව සති දෙකකට වරක් තම මව බැලීමට මැදවච්චියට පැමිණෙන බවත් මීට දින කිහිපයක සිට ඇය නොපැමිණි බවත් පවසා ඇයගේ පවුලේ ඥාතියෙකු විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඒ පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි…
දකුණු අප්‍රිකානු ” ඒ ” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ක්‍රීඩකයින් සහ නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත මෙම දකුණු අප්‍රිකානු කණ්ඩායම අද උදෑසන 08.20 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ. මෙම කණ්ඩායම පල්ලෙකැළේ හි පැවැත්වෙන එක් දින තරග 03 කට සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දින 04 තරග දෙකකට ද සහභාගී වීමට නියමිතයි. ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ මෙම කණ්ඩායම ගුවන් තොටුපොළේ සිට කොළඹ…
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 ක් වනු ඇති බව සදහන්. මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් ද රුපියල් 50 කින් අඩු කරනු ලැබුවා. එමෙන්ම ලංකා සුපර් ඩීසල් වල මිල රුපියල් 10 කින් ඉහළ දැමුනා. මේ අතර රජය විසින් ඉන්ධන මිල අඩු වැඩි කිරීම මත ත්‍රීරෝද රථ ගාස්තු පිළිබදව තීරණය කළ නොහැකි බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා. ආණ්ඩුව මැදිහත් වී ගාස්තු සමාලෝචන කමිටුවක් මගින් ත්‍රීරෝද රථ ගාස්තු පිළිබදව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222