- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
Author: Anura Premakumara
ෆේස්බුක් මව් සමාගම වන මෙටා විසින් ට්විටර් සමඟ තරග කරන ත්‍රෙඩ්ස් (Threads) යෙදුම එළිදක්වා තිබෙනවා. එලොන් මස්ක් ට්විටර් අත්පත් කරගැනීමෙන් පසුව ඇතිවූ ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෙය දියත්කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම යෙදුම හරහා ඉන්ස්ටර්ග්‍රෑම් වෙත සම්බන්ධ වීමට ද හැකි බව සඳහන්. එමෙන්ම මෙය ඉන්ස්ටර්ග්‍රෑම් වේදිකාවේම දිගුවක් ලෙස හැඳින්විය හැකි බවයි වාර්තා වන්නේ . මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවයි.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5000ක් පමණ යෙදවීමට පියවර ගෙන තිබෙනවා. පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර එළඹෙන අගෝස්තු මස 21 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් ඊයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවති අතර එහිදී කප් සිටුවීම සුභ මොහොතින් අගෝස්තු 17 වැනිදා සිදු කරන බව ප්‍රකාශ කළා. පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 30 වැනිදා පවත්වා ඊට පසුදින දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහැර පවත්වා ජනාධිපතිවරයා වෙත පෙරහර මංල්‍යය සාර්ථකව නිමාකළ බවට සංදේශය භාරදීම සිදුකරන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ.
ගෙවුම් ශේෂ තත්ත්වයන්හි වැඩි දියුණු කිරීම් හමුවේ තවදුරටත් ආනයන ලිහිල් කිරීම් ඉක්මනින් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමෙන්ම වැඩි දියුණු වූ විදේශ විනිමය ප්‍රවාහයන් සහ වෙළෙඳපළ තත්ත්වය සමඟ, 2023 වසර තුළ මේ දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 19% කින් පමණ ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව වාර්තා කරනවා. මේ අතර, 2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ඔවුන් පවසනවා. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
යාපනය,පලෙයි ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ කැබ් රථයක් පාපැදික ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් පාපැදියේ ගමන්ගත් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. යාපනය,මුල්ලෙඅඩි ප්‍රදේශයේ පදිංචි13 හැවිරිදි දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසුවා. මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබිණා. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
ආන්දෝලනයට තුඩු දුන් මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ඊයේ දින මාධ්‍යට ප්‍රකාශ කර සිටියා. එම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක පැවතීමත්, එම සත්වයා රැකබලා ගැනීම නිසි ලෙස ඉටු නොකිරීම පිළිබදවත් ඔහු කණගාටුව පළ කර තිබෙනවා. මේ අතර තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තායිලන්ත රජයේ අවදානය යොමුව තිබෙනවා. එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්තවය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පශූ වෛද්‍යවරු ඇතුඵ කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බවටයි තායිලන්ත මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා 25 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු නාගලගම්වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදි පුද්ගලයින් පිරිසක් ඔහු පිටුපස ලුහුබැද පහර දීමට උත්සහකර ඇති අතර එයින් බේරීම සදහා මියගිය තරුණය අසල වෙළදසැලක් තුළට දිවගොස් තිබෙනවා. පසුව පිටුපසින් පැමිණි සැකකරුවන් පිරිස තියුණු ආයුදවලින් පහර දී පළාගොස් ඇති බවටයි පොලිසිය පැවසුවේ. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ක්‍රියාත්මකයි.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන් වනවා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ ජූනි 15 වන දින සිට ආරම්භ කර තිබුනා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. භාෂණය හෝ ආගමික නිදහසට මුවාවී කිසිඳු ආගමකට අපහාස කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවයි ඊයේ ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ. මේ අතර මුතු රාජා හස්තියාගේ සිදුවීමත් සමග වෙහෙර විහාරස්ථානවල සිටින අලි ඇතුන් සංගණනයක් ආරම්භ කර තිබෙනවා බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සදහන් කළා.
ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ටේරෂරීස් සමාගමට පනවා තිබු තහනම තවත් මාස 06කින් දීර්ඝ කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි මෙලෙස එම සමාගමට පනවා තිබු තහනම දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත්තේ. දීර්ඝ කාලයක සිට පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ කටයුතු තහනම් කර තිබුණා.
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ ඕමාන කණ්ඩායම කඩුළු 7න් පරාජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 221ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 222ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222