- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Anura Premakumara
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා . එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ, මේ මස 21 වෙනි දා දක්වා මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි. 2022 උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි. පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 06 වැනි දායින් අවසන් වුනා . මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා . ඒ අනුව නොවැම්බර්…
ජාතික රෝහල තුළ අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ සෞඛ්‍ය උපකරණ හිඟ වීම ඇතුඵ ජාතික රෝහලේ මතුව ඇති ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි. කෙසේ වෙතත් අද දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අත්හිටවූ බවයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ.
මුලතිව්,අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(10) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ඉඩම් හිමි අයිතිකරුවෙකු සිය ගෙවත්තේ පැවති පැරණි වැසිකිළි වළක කොන්ක්‍රීට් ආවරණයක් ඉවත් කිරීමට යාමේදී අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක ඇති බවයි. අනතුරුව ඉඩම් අයිතිකරු පොලිසිය දැනුවත් කොට ඇති අතර, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානය පරීක්ෂා කෙරිණ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් හා මුලතිව් පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී පැරණි වැසිකිළි වළ තුළ තිබි අත්බෝම්බ 56 ක්,මිලිමීටර 82 වර්ගයේ මෝටාර් උණ්ඩ 49 ක්,මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක්,ෆැරා උණ්ඩ 14 ක්,ආර්.පි.ජි උණ්ඩ හයක් සොයාගෙන තිබිණ. යුධ සමයේ එල්…
මෙම වසරේ ජනවාරි මස පළමුවනදා සිට ජුනි මස පළමුවනදා දක්වා කාලය තුළ මාර්ග රිය අනතුරු 1126 ක ප්‍රමාණයක් සිදු වී ඇති බවත්, ඒ තුළින් 1192 ක පමණ ප්‍රමාණයක් මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා. එමෙන්ම බරපතල රිය අනතුරු 2080 ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, සු`ඵ රිය අනතුරු 4428 ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද ඒ මහතා කියා සිටියා. මෙම අනතුරුවලට ප්‍රධාන හේතුව ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම සියලු අනතුරු සිදු වී ඇති බවයි.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ කණ්ඩායම අයි සී සී ය විසින් නිවේදනය කර තිබෙනවා. තරගාවලිය පුරා දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකු නම් කරමින් මෙම කණ්ඩායම නිවේදනය කර ඇති අතර ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ද ඇතුලත්. ඒ අනුව මෙම සංචිතය නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන්නේ පැතුම් නිස්සංක, වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණයි. අදාළ කණ්ඩායමේ නායකත්වය නෙදර්ලන්ත කණ්ඩායම් නායක ස්කොට් එඩ්වඩ්ස් හට හිමිව තිබෙනවා.
පාකිස්ථානයට පසුගිය ජුනි මස 25 වනදා සිට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයින් 151 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පසුගිය පැය 24 ක කාලය තුල පමණක් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමේ ගැටීමෙන් ගඟට පෙරලී යාමෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවත් ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා. අද(09) රාත්‍රී 7.30ට පමණ අනතුර සිදුව තිබෙනවා. තුවාලකරුවන් පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කෙරුණා. පොලිසිය පවසන්නේ බස් රථයේ මගින් 60කට අධික සංඛ්‍යාවක් ගමන් කර ඇති බවයි. මෙලෙස තුවාල ලබා සහ මියගොස් ඇති පුද්ගලයන් අක්කරේපත්තුවේ පදිංචිකරුවන් බවටද වාර්තා වනවා. ඇසින් දුටුවන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි බස්…
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධිවරයින් 15 දෙනෙකු සමග ඉන්දීය බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. යාපනය, ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී මොවුන් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඉන්දීය ධීවරයන් පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් තිබෙනවා. මේ වසරේ ගත වූ කාලසීමාව තුළ මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 12 ක් සමඟ ඉන්දීය ධීවරයින් 74 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.
බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක පැවැතීම ඊට හේතුව බවයි. එම කොමිසම අහෝසි කිරීම සඳහා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සක්‍රීය කාර්යභාරයක් ඉටු නොකරන මෙවැනි කොමිෂන් සභා විශාල මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සුදුසු නොවන බවයි ඒ මහතා සඳහන් කලේ.
දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් යොදවා තිබෙනවා. පසුගිය දින කීපයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීමට මූලික හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් දුම්රිය මාර්ගයේ පීලි හා සිල්පර කොටන්වලට සම්බන්ධ කර තිබෙන ඇණ ගලවාගෙන යෑම බවයි පරීක්ෂණ වලදී අනාවරණ වුනේ. මෙම තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගී ජීවිත ද ඉතා අනතුරේ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී. එස්. පොල්වත්තගේ සඳහන් කලේ. ඒ අනුව කොළඹ ඇතුළු දිවයිනේ මාර්ගවල ඇණ ගැලවීමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මෙලෙස ආරම්භ කළ බවයි ඒ මහතා කියා සිටියේ.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222