- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Anura Premakumara
බලංගොඩ – උඩවෙල ප්‍රදේශයේ සිදු වූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුද හමුදාවට අයත් ගිලන් රථයක් සහ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඕපනායක පොලිසිය සඳහන් කළේ . තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාරිත්වය දරණ සිංගප්පූරු සමාගමේ නීතිඥයින් සහ රක්ෂණකරුවන් සමග නීතිපතිවරයා ඇතුඵ පිරිසක් සාකච්ඡා පවත්වා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ඊයේ සහ පෙරේදා යන දිනවලදී මෙම සාකච්ඡාව පැවති බවයි. මෙම නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු තීරයට සිදු වූ හානි තක්සේරුව පිළිබදවද මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.
උඩවලව ජලාශයේ පෝෂිත ප්‍රදේශට වැසි නොලැබීම නිසා එහි ජල මට්ටම සියයට හත දක්වා පහත වැටී ඇතැයි නේවාසික ව්‍යාපාර කලමනාකාර තාක්ෂණ සේවා තිලක් රණසිංහ මහතා පැවැසුවා. ඉදිරි දිනවල ප්‍රදේශයට වැසි නොලැබුණොත් ගොවි පවුල් 35000 ක් පමණ දැඩි අසරණ තත්වයට පත් විය හැකි බව ද ත් ඒ මහතා සදහන් කළා. දැනට කර ඇති වගාවලට ජලය නොමැති වී විනාශ වීමේ අවධානමක් පවතින බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා. උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 221000 ක් පමණ උවත් දැනට ඇත්තේ අක්කර අඩි 15000 ක් පමණයි. වගාවන් සදහා දිනකට අක්කර අඩි 3000 ක් උවඩලව ජලාශයෙන් මුදා හැරිය යුතු අතර නමුත් දැනට මුදා හරින්නේ …
මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්. විශේෂ කාර්යය බළකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළා. එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එමෙන්ම…
නියෝජ්‍ය කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. ඒ අනුව පෙරවරු 10.30 ට ආරම්භ වූ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පස්වරු 5 දක්වා පැවැත්වෙනු ඇති. ඉන් අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි. පස්වරු 5 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය විසින් ගෙන එන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවද විවාදයට ගැනීමට නියමිතව ඇති බව සදහන්. හෙට දිනයේදී බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අද පෙරවරු 11.30 ට මුදල් කාරක…
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා. පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මෙවර පැවැත්වෙන තරගාවලියට තරග 13 ක් ඇතුළත්. තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මීට පෙර තරගාවලිය අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමටයි නියමිතව තිබුණේ. තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය සැප්තැම්බර් දෙවැනිදා මහනුවර දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙරට පළාත් 09ම ආවරණය වන පරිදි කළ සමීක්ෂණයකින් අවුරුදු 05 අඩු ළමයින් සහ කාන්තාවන් ලක්ෂ 10ට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව පළාත් 09 තුළ අවුරුදු 05 අඩු ළමයින් 300,746ක් සහ කාන්තාවන් 671,142ක් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සදහන් කර ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශන්යකට පිළිතුරු ලෙස මෙම කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අමාත්‍යවරයා ඊයේ කටයුතු කළා. මෙහිදී වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන පළාත බස්නාහිර පළාත වන අතර, බස්නාහිර පළාතේ අවුරුදු 05ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 85,847ක් සහ කාන්තාවන් 196,197ක්…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ දිනයේදී එම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වුණේ. ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුජිත් ප්‍රසන්න නොහොත් ඇන්ටා නමැති රැඳවියෙකු බවට අනාවරණය වී තිබෙනවා. බන්ධනාගාරය තුළදීම සකසන ලද පිහියකින් ඔහුට පහරදී සිදු කර තිබූ අතර, එම පහරදීම බූස්ස ප්‍රදේශයේ පදිංචි කන්දෙ අසංක නමැති රැඳවියෙකු විසින් සිදු කර ඇති බවටයි වැඩිදුරටත් වර්තා වන්නේ.
මෙවර ශ්‍රී දළදා පෙරහැර කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. පෙරහැරට අදාළ විදුලි බිල ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් දියවඩන නිලමේවරයා පැවසුවේ දළදා පෙරහැරට විදුලිය ලබා ගැනීම ගැටළුවකින් තොරව සිදුවන බවයි.
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම නිල සංචාරයට එක්වන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදි ඉන්දිය ජනාධිපති ශ්‍රිමතී ද්‍රෞපදි මුමර් මහත්මිය හමුවීමට ද නියමිතව තිබෙනවා. එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් පහකට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදි අත්සන් තැබීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222