- ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත හඹායාමක්
- බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
- අමෙරිකාවේ ප්‍රදේශ රැසක සරම්ප පැතිරීම ඉහළට
- සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
- ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට
- පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ මට්ටමකට
- තේ කර්මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්
- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
Author: Anura Premakumara
රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරය අදින් අවසන්වනවා. දෙවැනි පාසල් වාරය ලබන 24 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. අදියර දෙකක් යටතේ දෙවැනි පාසල් වාරය ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර අගෝස්තු 17 වනදා දක්වා පැවැත්වෙනු ඇති. දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අගෝස්තු 28 වනදා සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. මෙවර උසස් පෙළ විභාය නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 15 වනදායි.
වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වීම නිමිතිකරගනිමින් විශේෂ පා ගමනක් සංවිධාන කර තිබෙනවා. ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මුලිකත්වයෙනුයි මෙම පා ගමන සංවිධාන කර ඇත්තේ. වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද ඔවුන්ගේ මුලික පහසුකම් ද මෙතෙක් හිමිව නොමැති බවයි ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සදහන් කළේ.
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේදී ඊයේ සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක සිටි මෙම පුද්ගලයාට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ අතර පසුව ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සදහන් කළා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩි තබා පළාගිය පුද්ගලයන් සොයා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි වැලිපාර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉක්වදෝරයේ වයඹදිග වෙරළ තීරයේදී බොරතෙල් බැරල් 1,200ක් පැසිෆික් කලාපයේ සාගරයට කාන්දු වී තිබෙනවා. එරට රජය සතු සමාගමකට අයත් මෙම බොරතෙල් කාන්දු වීම හේතුවෙන වෙරළ තීරයේ කිලෝමීටර් 4ක් පමණ අපවිත්‍රවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස බොරතෙල් කාන්දු වීමෙන් අපවිත්‍ර වූ වෙරළ තීරයේ සහ සාගරයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට සතියක පමණ කාලයක් ගත වන බවද අනාවරණය වී තිබෙනවා.
ආසියානු ක්‍රිකට් කවුන්සලයේ හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහායි. මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී මෙරට පැවැත්වෙන තරග පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද දිනයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් එම ක්‍රීඩාංගනවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එම නිළධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අතර ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ආසියානු කුසලාන…
කිරිපිටි මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනපුරා සතොස අලෙවිසැල්වලින් අඩු මිලට කිරිපිටි මිලදී ගැනීමට අවස්ථාව පවතින බවයි එම ආයතනය නිවේදනය කළේ. සම්පුර්ණ යොදය සහිත ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 999ක මුදලකට ලබා ගතහැකිවනවා. නව මිල සංශෝධනය අද සිට දිවයින පුරා පිහිටි සියලු සතොස අලෙවිසැල් තුළ ක්‍රියාත්මක වන බව ද සතොස ආයතනය නිවේදනය කළා.
ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශිලයේ පිහිටුවීමේ රාජ්‍ය මහෝත්සවයට ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත් පිරිස දායකකර ගනිමින් ථෙරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. මීට අමතරව පස්වරු 05 සිට පස්වරු 05.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න විමසීම සදහා වෙන් කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ චෝදනාවලට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිතුරු ලබා දුන්නා. එහිදි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ විපක්ෂය විසින් තමන්ට ගෙන එන විශ්වාසභංගයට මුහුණ දීමට තමන් සූදානම් බවයි.
ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය පාකිස්ථානයට හිමිව තිබෙනවා. ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අද පැවැත් වුණා. ඊයේ සිව් වන දිනට තරගය නතර කරන විට පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය සදහා ලකුණු 83 ක් පිටුපසින් සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 312 ක් සහ දෙවන ඉනිම සදහා ලකුණු 279 ක් රැස් කළා. පාකිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 461 ක් ලබා ගත් අතර ඔවුන්ට ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය ලකුණු 131 ක් පමණයි. ඊයේ දිනය නිමවන විට පාකිස්ථානය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222