- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Anura Premakumara
හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ මවක් සහ දරුවෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හේවාහැට රහතුන්ගොඩ රිවඩෙල් කොටසේ පදිංචි විසි එක් හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු එක හමාරක් වයසැති දියණිය බවයි වාර්තා වන්නේ. තම බිරිඳ සහ දරුවා අතුරුදන්ව ඇති බවට සැමියා විසින් පැමිණිල්ලක් සිදු කර ඇති අතර හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර අද අලුයම ගැටුමක් ඇතිවී තිබෙනවා. අදාළ අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අලුයම 02ට පමණ රංගන ශිල්පිනිය හමුවීමට ඇය රැඳී සිටි පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටි නිවසට පැමිණ තිබෙනවා. එහිදී මෙම ආරවුල සිදුවී ඇති බවයි සඳහන් වෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය ට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ අධ්‍යක්ෂවරයා තමන්ට පහරදී මෝටර් රථයේ යතුර ලබා ගත් බවට ජනප්‍රිය රංගන ශිල්පිනිය සහ තවත් කාන්තාවක් විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවා. අදාළ අධ්‍යක්ෂවරයා ද පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ, තමා ලක්ෂ 75කට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති බවත්,…
සමලිංගික ප්‍රජාව වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා. ‘Gay Water’ යන නාමයෙන් හදුන්වන මෙම පානය සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් වෙළෙදපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම පානය නිපදවා ඇත්තේ Hoddeson නම් පුද්ගලයෙක්. එම පුද්ගලයාද සමලිංගිකයකු වන අතර “අපිව නියෝජනයක් ඇති කරන සන්නාමයක් නිර්මාණය කරනවා” ලෙස ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා. මෙම පානය නිර්මාණය කිරීමට සිතුවේ මීට වසරකට පමණ පෙර බීම කර්මාන්තයේ රැකියාවක් ලැබූ තම මිතුරා සමඟ නිවාඩුවක් ගත කරන අතරතුර බව ඔහු වැඩිදුරටත් පවසුවා.
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් එය ව්‍යාප්ත කරන මදුරුවන්ට ප්‍රතිලාභ ලැබෙන බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. එමෙන්ම ඩෙංගු රෝගීන් 2000 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ දී මිලියන 4.2 දක්වා අට ගුණයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
පකිස්තානයේ කයිබර් දිස්ත්‍රික්කයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. එම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානය, රජයේ ගොඩනැගිලි සහ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවේ සිරමැදිරිය පිහිටා ඇති පරිශ්‍රයට පුද්ගලයින් දෙදෙනෙකු අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබෙනවා. එහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයින් දෙදෙනා පරීක්ෂා කිරීමේදි බෝම්බය පුපුරා ගොස් ඇතැයි සඳහන්. ප්‍රහාරය සඳහා පැමිණ ත්‍රස්ත සාමාජිකයින් දෙදෙනා ද එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
පාලනය කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ එම තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ කොලොන්නාව වැනි ප්‍රදේශවල අවදානම් ලෙස පැතිර යන බවයි. සරම්ප රෝගය සඳහා එන්නත් ලබා නොගත් අය සිටීනම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලයට ගොස් එම එන්නත් වහාම ලබා ගන්නා ලෙසයි ඔහු දැනුම් දෙන්නේ .
ඉන්දියන් සාගරය ඇතුළු කලාපයේ කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස කටයුතු කිරීම සමබන්ධයෙන් එකඟතාවකට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද ජනාධිපති මාධ්‍ය ඒකකයේ පවතී මාධ්‍ය හමුවට එක්වෙමින්. ඉන්දීය රජය සමඟ එළැඹි එකඟතා පිළිබඳ දැනුවත් කිරීමක් එහිදී සිදු වුනා . මේ අතර, ලංකාවට පැමිණ වසර 200ක් පමණ වන ඉන්දීය සම්භවයක් සහිත වතුකර දමිළ ජනතාවගේ ප්‍රගතිය උදෙසා ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආධාර ලබා දීම පිළිබඳ ජනපතිවරයා සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසුවා. කෘෂිකර්මය හා සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාගැනීම…
කාම්බෝජයේ හෙට දිනයේදී පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු වශයෙන් මෙරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වීමට නියමිතයි. ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව ඊයේ ඔහු කාම්බෝජය බලා පිටත්ව ගියා. හිටපු ජනාධිපතිවරයා එහි පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්ෂකයෙකු ලෙස ද ඊට එක් වන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ. තෙදිනක් පුරා කාම්බෝජයේ නොම්පෙන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුව සඳහා ද හිටපු ජනාධිපතිවරයා සහභාගි වනු ඇති .
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කිරීමට රජය තීරණය කර ඇති වර්ත වනවා. ඒ අනුව පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ. එලෙස ගෙන්වන බිත්තර සුපිරි වෙළෙඳසල් හරහා රුපියල් 35ක මිලකට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මේ අතර සුපිරි වෙළඳසැල්වල අලෙවියට ඇති බිත්තර තොග වශයෙන් මිලදීගෙන යළිත් වැඩි මිලකට සිල්ලරට අලෙවි කිරීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. මෙම ක්‍රියාව හේතුවෙන් මේ වන විට සුපිරි වෙළඳසැල්වල බිත්තර…
අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. අද්මිරාල් ලීසා ෆැන්චේටී මෙම තනතුර සඳහා යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇය අමරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222