- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Anura Premakumara
පාකිස්තානයේ මුස්ලීම් දේවස්තානයක සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිපිරීම බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තවත පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. මෙම මුස්ලීම් දේවස්තානයේ ත්‍රස්තවාදියෙකු සිටින බවට ලද තොරතුරක් මත මෙම පොලිස් නිලධාරීයා සොයා බැලීමක් කර ඇති අතර, එහිදී එම ස්ථානයේ සිටි එක් ත්‍රස්තවාදියෙක් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව අනාවරණය වී තිබෙනවා. එහි සිටි අනෙක් ත්‍රස්තවාදියා පලායාමට උත්සහ කිරීමේදී අත්තඅඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර 2022 ජූනි 18 වැනිදා සිට මෙම වසරේ ජූනි 18 වැනිදා දක්වා පාකිස්තානය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 15ක් ඇතුළුව…
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි. මෙම තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට පමණක් සීමා කරමින් තරගය නිමා කිරීමට සිදු වුණා. ඊයේ පෙරවරු 10ට ආරම්භ කෙරුණු තරගය පෙරවරු 10.45 ට පමණ වර්ෂාව හේතුවෙන් නතර කළ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. මෙහිදී ක්‍රියාත්මක වූ පන්දුවාර 10 තුළදී පාකිස්තානය ලකුණු 33 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවාර 38යි පන්දු තුනක් අවසානයේ කඩුළු…
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ චීස් නිෂ්පාදනයට සහ ඔලිව් වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීම මෙහි අරමුණයි. ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් මෙරට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කර තිබුණා. ඒ ඉතාලියේ පැවැත්වෙන ජගත් කෘෂිකර්ම සංවිධානයේ 19 වන සැසිවාරයට සහභාගි වීමට ගිය අතරතුරයි. මේ අතර ඔලිව් වගාවට අවශ්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශ ද ශ්‍රී ලංකාව තුළ පවතින බැවින් ඒ සදහා සහාය වන්නේ නම් ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බවයි මහින්ද අමරවීර මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. …
සියලු පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් කප්පාදු කිරීමට රජය සුදානම් වන බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කරන්නේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පවුල්වල දරුවන්ට පමණක් නිල ඇඳුම් ලබා දීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද දිනයේ අත්හිටුවන බව වාර්තා වනවා. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නමය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙන්නේ. පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල සහ අත්තනගල්ල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති .
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ අද පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම නියෝගය නිකුත් කලා . පෑලියගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙනවා. පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳකුටි භාහිර පුද්ගලයන්ට ලබාදෙන බවට චෝදනා කරමින් එහි පොදු වෙළෙඳ සංගමය අද වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුනා . මෙමගින් මහජන පීඩාවක් ඇතිවිය හැකි බව පොලිසිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ සභාපති, ලේකම් ඇතුළු සමාජිකයන්ටයි . මෙම…
මධ්‍යම තුර්කියේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම තුර්කියේ කිලෝමීටර 12 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇති බවයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක ඒකක 5.5 ක් ලෙස සටහන් වී තිබෙනවා.
බිත්තර සදහා පනවා ඇති පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. පාලන මිල ඉවත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව සදහන්. පසුගියදා සුදු බිත්තරයක් සදහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සදහා රුපියල් 46 ක පාලන මිලක් නියම කර තිබුණා.
අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස අවලංගු වී ඇති අතර, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල එක ගමන් වාරය බැඟින් අවලංගු වී තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය ඊයේ පස්වරුවේ අත්හිටවූවද, අද උදෑසන වන විට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවා.
රුසියාවේ මොස්කව් අගනුවරට යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එහි වගකීම යුක්රේනය භාරගෙන ඇති බවයි. මොස්කව් අගනුවර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමෙන් එහි ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදු වී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222