- මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
- පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි
- පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
- කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
- කෝලි යළි වාර්තා අතරට
- පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
- ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග
Author: Anura Premakumara
මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධයෙන් නඩු කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් පොලිස් විශේෂ කාර්ය බලකාය රන්න, අදුපැලෑන, අංක 227/04 යන ස්ථාන සිදු කරන ලද වැටලීමකදීයි. විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අඳුපැලෑනේ බිංදු යන අන්වර්ථ නාමයකින් හදුන්වන අයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ. ජුලි මස 11 වන දින හම්බන්තොට පොලිස් වසමේදී වෙඩි තැබීමක් සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කිරීම හා කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාළව සහ හක්මණ පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණිලි පුද්ගලයෙකුට පහරදී රුපියල්…
ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කලේ. ඒ මහතා කියා සිටියේ එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි. ඒ අනුව සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව ලබන 03 වනදා විශේෂ සමුළුවක් පැවැත්වීමට ද නියමිතයි. එහිදී මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන බවයි රවී කුමුදේශ් මහතා සඳහන් කලේ.
ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ වැඩසටහනකදී ද අදහස් පලවුණා. මේ එහි විධායක මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා.
පසුගිය මාස හයක පමණ කාලය තුළ පොලිසියේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අගතියට පත්වීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහි පැමිණිලි 11450ක් පමණ ලැබී ඇති බව පොලිස් කොමිසන් සභාව පවසනවා. එයින් පැමිණිලි 9774ක් ලැබී ඇත්තේ 1960 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ බවද එම කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියා. එම පැමිණිලිවලින් 1841කට මේ වනවිටත් විසඳුම් ලබාදී ඇති බවත් ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන හා ඉදිරි නීතිය කටයුතු සඳහා පියවර ගෙන ඇති බවද වාර්තා වනවා. පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පැමිණිලි විභාග නොකිරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. එසේම බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි…
ලබන වසරේ ජුනි මාසය වන විට ජනාධිපතිවරණයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මෝදර පැවැති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස් වීමට එක්වෙමින් රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළා. මේ එහිදී අදහස් පලකළ හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකයෙකු රටේ බලයට පත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා.
විශ්‍රාමික යුද්ධ හමුදා සෙබෙලෙකු විසින් එල්ල කළ උදලු පහරින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකු මියාගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි මහකටුවරගාල වැව තිත්තගෝනෑව ලිපිනයේ පදිංචි විශ්‍රාමික සිවිල් ආරක්ෂක භඨයෙක්. දීර්ග කාලයක සිට පැවැති පුද්ගලික කෝන්තරයක් මුල් කර ගනිමින් මෙම ගැටුම තිත්තගෝනෑව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වී මෝලක් තුලදී සිදුව තිබෙනවා. මෙම දෙදෙනාම එදින සවස වී කෙටීම සඳහා මෙම පුද්ගලික ව්‍යාපාරිකයාගේ වී මොල වෙත පැමිණ තිබුණා. අනතුරුව එහිදී එම දෙදෙනා අතර ඇති වූ බහෙන් බස් වීමක් මුල් කර ගනිමින් විශ්‍රාමික යුද්ධ හමුදා සෙබෙලෙකු තිත්තගෝනෑව ලිපිනයේ පදිංචි 46 හැවිරිදි සැකකරු විසින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයාගේ හිසට උදලු බදු පහරක්…
ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයෙන් කඩුලු 06ක ජයක් ලබන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 40 යි පන්දු 5ක් තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 181ක් පමණයි. ඉශාන් ක්‍රිෂාන් ලකුණු 55ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 36 පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 182ක් ලබා තරගය ජයග්‍රහණය කළා. නායක ෂායි හොප්ස් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තා. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 1 – 1ක් ලෙස සම තත්ත්වයේ පවතිනවා.
අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පැමිණිලි ඉහළගොස් ඇති බව අල්ලස් හෝ දුෂණ විර්ශන කොමිසම පවසනවා. පසුගිය මාස 06 තුළදී පමණක් පැමිණිලි 1405ක් ලැබී ඇති බව අල්ලස් කොමිසම සදහන් කළා. ඒ අතරින් 1129ක් විමර්ශනය සදහා යොමු කර තිබෙනවා. එමෙන්ම අල්ලස් කොමිසමේ වැටලීම් අංශය විසින් සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොමිසම සදහන් කළා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දුන් පිරිස් පිලිබදව සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි ඔහු මේ බව පැවසුවේ . මේ එම අවස්ථාවේදී අදහස් පල කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා . මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන බලමණ්ඩල රැස්වීමද ඊයේ දිනයේ පැවැත්වුණා . එහිදී අදහස් දක්වමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ වසරේ වැඩිම විදේශිකයින් ප්‍රමාණයක් මෙම මාසයේදී පැමිණ ඇති බවයි .
ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගොඩනගා ගනු ලබන ජාත්‍යන්තර සම්බන්ධතා රටේ ඉදිරි ගමනට වැදගත් වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . මෙරට ජනවාර්ගික අර්බුධය දේශපාලනිකව විසදීමට උත්සහ කල එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බවද ඔහු මෙහිදී තවදුරටත් සදහන් කළා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222