- මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
- පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි
- පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
- කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
- කෝලි යළි වාර්තා අතරට
- පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
- ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග
Author: Anura Premakumara
සන්නද්ධ කල්ලියක් විසින් ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි සුඛෝපභෝගී වෙළදසැලකට කඩා වැදී ඩොගර් මිලියන 11කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩා කොල්ල කා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම වෙළදසැල තුළ සුඛෝපභෝගී ස්වර්ණාභරන සහ ඔරලෝසු තිබී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. මෙහිදී කිසිදු පුද්ගලයෙකුට තුවාල වී නොමැති බව එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා. ඒ බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්. ඊයේ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයෙන් කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට 08ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129ක්. එහිදී චරිත් අසලංක ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 27ට කඩුළු 2ක් බිඳ හෙලීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අවුරා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ශීර්ෂය යටතට ගෙන ඇති බවයි. සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශීර්ෂය යටතෙයි ක්‍රියාත්මක වුණේ. එසේම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර ක්‍රියාත්මක වුණේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේයි.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා මෙම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වනු ඇති . එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය හා පක්ෂ සම්මේලනය සැප්තැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට පක්ෂ කළමනාකරණ කමිටුවේදී ගත් තීරණය අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කිරීමට ද නියමිතව ඇති බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසුවා. පක්ෂ සම්මේලනය පැවැත්වෙන ස්ථානය හා සම්මේලනය සංවිධානය කිරීමේ කමිටුව ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමත කර ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.
සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව හෙට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. ඒ අනුව එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ. සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන විශේෂ සමුළුවක් ද හෙට පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සිනොපෙක්හි දෙවන ඉන්ධන තොගය අද දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. මෙරට සිල්ලර විකුණුම් ක්‍රමයට ඉන්ධන අලෙවි කිරීම සඳහා එක්ව සිටින චීනයේ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා අවශ්‍ය පළමු ඉන්ධන තොගය සහිත නැව කොළඹ වරායට ඊයේ පැමිණියා. ඒ අනුව සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ඊයේ ආරම්භ කල බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කලා. ට්විටර් පණිවිඩයක් යොමු කරමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
කුමන මැතිවරණයක් පැවැත්වුවද ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු සදහන් කලේ කුරුණෑගල දිස්ත්‍රික්කය විශාල ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණ කරන බවයි. කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කළා.
මෙම වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් හත් ලක්ෂ 63,000ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවයි ඇය සදහන් කලේ. රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවා. ඇය මෙම අදහස් පළ කළේ,ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් . සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව පෙන්වා දුන් ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට…
දිවයින පුරා සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. අවිවාහක තරුණියන් වැඩි පිරිසක් මේ සදහා යොමු වී ඇති බවයි වාර්තා වන්නේ . මෙවැනි තත්වයන් සදහා ජංගම දුරකතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන හාදකම් ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. 2021 වසරේදී නීති විරෝධී ගබ්සා කිරීම් 48 ක් වාර්තා වී ඇති අතර 2022 වසරේදී එය 65 ක් දක්වා සියයට 35කින්ද ක්‍රමිකව ඉහළ ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානයේ වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ.
තම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඇතැම් විට වත්මන් ජනාධිපතිවරයාම විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා . රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කලේ ජන හමුවකට එක් වෙමින් . ඔහු මෙහිදී තවදුරටත් කියා සිටියේ මීළඟ මැතිවරණයට තම පක්ෂය ඉතා හොද සුදානමකින් පසුවන බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද මැතිවරණය සම්බන්දව සිය අදහස් පල කළා . ඒ මහතා කියා සිටියේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමට පෙර පළාත්සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කල යුතු බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222