Author: Anura Premakumara

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයින් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය පෞද්ගලික හෝටලයකදී අද(03) පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවේදී කඳුකර ජනතාවට ඉඩම් අයිතිවාසිකම් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන නිවාස සඳහා ඉඩම් හිමිකම් ලබාගැනීම, ඉන්දීය රජයේ සහාය යටතේ වතුකරයේ පාසල්වල උගන්වන ගුරුවරුන් සඳහා අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය (විද්‍යාවර්ධන) ලබාදීමෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත () යන ක්ෂේත්‍රවල ගුරුවරුන්ගේ දැනුම වැඩි කිරීමට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා විසින් ඉන්දීය රජයට ස්තුති කළ අතර එම ව්‍යාපෘතිය දිගටම කරගෙන යන ලෙසටද මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා. කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර…

තව කියවන්​න

පැල්වත්ත, සෙවනගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවීන් මුහුණ දී ඇති ගැටලුවලට රජය වහා විසඳුම් ලබාදිය යුතු බව ගොවි අරගල ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වත්තුහේවා මහතා… “දැන් මාස ගණනාවක් තිස්සේ පැල්වත්ත, සෙවනගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවීන් ඉන්නේ බරපතළ ගැටළු ගොඩක් එක්ක. දැන් කාලයක් තිස්සේ ඔවුන් මේ ප්‍රශ්නය අදාළ බලාධාරීන් එක්ක සාකාච්ඡා කලත් තවමත් ගැටළුවට විසඳුමක් ලැබිලා නෑ. මේ වෙද්දි සීනි මෙට්‍රික්ටොන් 23,000ක් විකුණගන්න විදිහක් නැතුව ගොඩගැහිලා. එතනෝල් විශාල ප්‍රමාණයක් තියනවා විකුණගන්න විදිහක් නෑ. අනිත් පැත්තෙන් උක් වගාවට පොහොර යොදන්න ඕන කාලේ…

තව කියවන්​න

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. විවිධ පාර්ශ්වයන්ගෙන් ලද පැමිණිලි සහ චෝදනා මත කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් කර ඇති බවයි. රත්නායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයට පත් කෙරුණේ 2024 ජනවාරි මාසයේදීයි.

තව කියවන්​න

වැලිමඩ සිට මීගමුව දක්වා නුවරඑළිය හරහා ධාවනය කළ ලංගම බස් රථයක රියදුරු නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අද(03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය ඩිපෝවට අයත් එම ලංගම බස් රථය ධාවනය කරවන අවස්ථාවේ නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීතාඑළිය ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලදාරීන් බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී රියදුරා අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු වූ නිසා බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විශාල මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇති අතර පසුව නුවරඑළිය පොලිසියේ නිලදාරියෙකු විසින් මගීන් සමග බස් රථය නුවරඑළිය පොලිසිය වෙත රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී බස් රථයේ රියදුරාගේ අසුන…

තව කියවන්​න

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසිත් සමග එම ජලාශයේ වාන් දොරටු දෙක්ක අද(03) පස්වරුවේ සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙයසි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ. කාස්ලරී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සමග එම ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත් ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල…

තව කියවන්​න

පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකා දඹුල්ල කඳවුරේ නිලධාරීන් කන්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ගලේවෙල, 02 කණුව ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. වැටලීමේදී අනවසරයෙන් පුරා වස්තු හෝ වටිනා ඛනිජ සම්පත් සෙවීමේ අරමුණින් කැනිම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ කැනීම් උපකරණ සමග එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගලේවෙල පොලිසියට භාරදී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51ක් වන හෝමාගම සහ පල්ලේපොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය…

තව කියවන්​න

හදිසියේම රෝගාතුරවීම නිසා ළමුන් 25 දෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසනවා. රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ අඹේවෙල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි පාසල් ළමුන් පිරිසක් මෙලෙස හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ඊයේ(02) දින රෝහල් ගත කෙරුණු බවයි. පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසල් ළමුන් 75 දෙනෙක් ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් දුම්රියන් අගෝස්තු මස 01 වැනිදා අඹේවෙල දුම්රිය ස්ථානය වෙත පැමිණ මීපිලිමාන ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පලක එදින නතර වී තිබෙනවා. එම සිසුන් පිරිස රැගෙන ආ දිවා ආහාරය ප්‍රමාද වී අනුභව කර ඇති බවත් එදින රාත්‍රීයේ කඳපොළ ප්‍රදේශයේ පෞද්ගලික වෙළෙඳ සැලකින් ලබාගත් ආහාර අනුභව කිරීමෙන් පසු ඊයේ(02)…

තව කියවන්​න

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙක් දඹගල්ල සහ ගිරිබාව ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ දඹගල්ල, බොලගල්ල ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 46ක් පමණ වන මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර ගිරිබාව යාය 04 ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගිරිබාව පොලිසිf් නිලධාරීන් පිරික ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි. එහිදී සෝලේවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් පමණ වන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අහස වළාකුළුවලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල. මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ස හා කාලගුණ අනාවැකියද ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. වැසි තත්ත්වය කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන්…

තව කියවන්​න

කළුතර, පලාතොට නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් යතුරු පැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පලාතොට නගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී නාගොඩ දෙසට එකිනෙකට සමාන්තරව ධාවනය වූ යතුරු පැදි දෙකක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක යතුරු පැදි දෙකම එකවට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදි දෙක එකිනෙක ගැටී මාර්ගයේ පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරුවන් සහ පසුපැදිකරුවන් නාගොඩ රෝහලට ඇතුත් කිරීමෙන් අනතුරුව පසුපැදිකරුවෙක් මියගෙස් තිබනෙවා. වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක් පමණ වූ තරුණයෙක් එලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

තව කියවන්​න