Author: Anura Premakumara

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායම හමුවේ තියුණු තරගයකින් පසු ලකුණු 41ක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටයි සමත් වුණේ. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213ක්. මෙහිදී නායක රෝහිට් ශර්මා ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා. අගනා පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ට කඩුළු 5ක් බිඳ හෙළු අතර, මෙය වාර්තා අතරට එක් වූයේ කඩුළු 5ක් දවා ගත් ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට දුනිත් වෙල්ලාලගේ පත්වෙමින්. මීට…

තව කියවන්​න

ලිබියාවේ හටගෙන ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 2,300 ඉක්මවා ගොස් තිබෙනවා. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 10,000ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර, මෙම තත්ත්වය හමුවේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 5,300 ඉක්මවන බවට අනුමාන කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ලිබියාවට සුනාමියක් ආකාරයෙන් බලපෑ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සිරුරු සෙවීම අපහසු වී තිබෙනවා. තවදුරටත් විශාල පිරිසක් ගොඩනැගිලි වල වහල මතට නැග දිවිබේරා දෙන ලෙසට සදහන් කරන බවට දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඒ අනුව මෙම පිරිස් බේරා ගැනීම සදහා…

තව කියවන්​න

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ යළිත් ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා. දැනට ඩෙංගු රෝගය වැළදී ඇති පිරිසෙන් 20%ක් පාසල් දරුවන් බවයි ඒ මහතා සඳහන් කලේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලා.

තව කියවන්​න

මුදල් ලබා නොදී මත්පැන් හලකින් මත්පැන් ලබාගත් පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ නිලධාරියා පසුගිය සැප්තැම්බර් 08 වැනිදා සිය රාජකාරී නිල ඇඳුමින් මත්පැන් අලෙවිසැලක් වෙත ගොස් මුදල් නොදී මත්පැන් මිලදී ගෙන තිබුනා. ඊට අදාලව සිදු කල් විමර්ශනයකින් පසුවයි මෙම තහනම ක්‍රියාත්මක කර ඇත්තේ. එම විමර්ශනයේදී හෙලි වී ඇත්තේ මෙම නිලධාරියා විසින් මෙලෙස මුදල් නොදී මඩකලපුව ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැල් දෙකකින් මත්පැන් මිලදී ගෙන ඇති බවයි. මෙම වැඩතහනම සැප්තැම්බර් 09වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි පනවා තිබෙන බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ

තව කියවන්​න

වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. ඒ අනුව නියඟයෙන් මෙන්ම වර්ෂාවෙන් වගා හානි සිදු වූ ගොවි ජනතාවට නිසි වන්දියක් ලබා දෙන ලෙස තමන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. තංගල්ල නෙටොල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක වර්ෂාවෙන් හානියට පත් කුඹුරු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලා. ඒ අනුව එම නිලධාරීන් විසින් ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත්…

තව කියවන්​න

මෙවර පාසල් අයෝමය ශිෂ්‍යයා තේරීමේ තරගාවලිය ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සහ කායවර්ධන සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ඔක්තෝම්බර් මස 14 වැනිදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල ශාලාවේදී ආරම්භ වන මෙම තරගාවලිය සදහා වයස අවුරුදු 14 සිට 20 දක්වා වන පාසල් සිසුන්ට සහභාගී වීමේ හැකියාව පවතිනවා . මේ පිළිබද වැඩිදුර තොරතුරු 071 4 46 38 37 යන අංකය ඇමතීමෙන් දැනගැනීමේ හැකියාව පවතිනවා .

තව කියවන්​න

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම උදෑසන හා හවස් කාලය තුළ නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් හෙට සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට දින නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

තව කියවන්​න

රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබද නැවති සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පෞද්ගලික රෝහලක පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙරට සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ. මේ අතර මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. ඔහු ඊයේ රාත්‍රියේ ඒ සදහා ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබුණා. ඖෂධ අර්බුදය හා ඉන් ජනතාව පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් එහිදී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම දැනුවත් කරන බවයි වසන්ත යාපා බණ්ඩාර මහතා සදහන් කළේ.

තව කියවන්​න

කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අඛණ්ඩව තරග 13 ක් ජය ගැනීමට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සධිර සමරවික්‍රම පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ බංගලාදේශය සමග ඊයේ පැවති තරගය ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් . මේ අතර 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ 3 න් වන තරගය අද පැවැත්වෙනවා . මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරයි . කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතයි .

තව කියවන්​න

රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සදහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක් සදහා අඛණ්ඩව රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබා දෙනු ඇති. අදාළ නිවාඩුව සඳහා ඉල්ලුම් කිරීමට හදා වඩා ගැනීම සඳහා ලබාගන්නා දරුවාගේ වයස මාස 10කට අඩුවිය යුතු අතර, එම දරුවාගේ උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කළයුතු බව නව චක්‍රලේඛයේ සඳහන්වනවා. ඒ අනුව, වැටුප් සහිත නිවාඩු, අඩ වැටුප් සහිත නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු වශයෙන් උපරිමය මාස 04ක කාලයක් සඳහා කුලවද්දාගත් දරුවෙකු හදා වඩාගැනීම වෙනුවෙන් රජයේ ස්ථීර නිලධාරිනියකට නිවාඩු ලබාගැනීමට හැකියාව…

තව කියවන්​න