Author: Anura Premakumara

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා. අවශ්‍ය නම් සෙසු දුම්රිය ස්ථාන වෙතද මෙලෙස හමුදා ආරක්ෂාව යෙදවීමට තීරණය කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා සදහන් කළේ පොලිස් නිලධාරින්ගේ සහය සදහා යුද හමුදාව යෙදවීමට පියවර ගත් බවයි. දුම්රිය ධාවන කටයුතු සදහා එක්ව සිටින දුම්රිය රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම පියවර ගෙන තිබෙනවා

තව කියවන්​න

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් ඝාතනය කර තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය තාක්ෂණ ශිල්පි සංගමයේ ප්‍රධාන යාන්ත්‍රීක ඉංජිනේරු උප දෙපාර්තමේන්තු ශාඛා කාර්යාලය තුළදි මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු තාවකාලිකව දුම්රිය නිවාසවල පදිංචිව සිටි පුද්ගලයෙකු බවද පොලිසිය සදහන් කළා. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඝාතනයට සම්බන්ධ සැකකරුද දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන බව සදහන්.

තව කියවන්​න

වැඩ බලන අමාත්‍යවරුන් සිවු දෙනෙකු පත් කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්. ඒ අනුව වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද , වැඩ බලන මුදල් අමත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා ද පත් කර තිබෙනවා. ඊට අමතරව වැඩ බලන තාක්ෂණ අමත්‍යවරයා ලෙස කනක හේරත් මහතා පත් කර ඇති අතර වැඩ බලන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස අනූප පස්කුවල් මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කලේ.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන් විසින් මෙරට ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය හෙට සිට ලබන 24 වන දා දක්වා පැවැත්වීමට නියමිත බව සදහන්. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අද දින ජනාධිපතිවරයා කියුබානු සංචාරයකට එක්ව සිටීම හේතුවෙන් එම සාකච්ඡාව අද රාත්‍රියේ හෝ හෙට පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

තව කියවන්​න

චැනල් 4 නාළිකාව සිංහල බෞද්ධ පාලකයෙකු පත්කරගැනීම සඳහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ජීවිත පරිත්‍යාගයෙන් සැලසුම් සකස් කළ බව පැවසීම හාස්‍යයක් වනබව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පවසනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිනිමල නා හිමියන් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ චැනල් 4 නාළිකාව රට තුළ කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන්නේ යැයි පෙනී යන බවයි. එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රට තුළදීම දේශීය හා විදේශීය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කාදිනල් හිමිපානන්ගේද අධීක්ෂණය යටතේ විමර්ශනයක් කිරීම සුදුසු බව උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට තවත් පාර්ලිමේන්තු…

තව කියවන්​න

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා . මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එමගින් හැකි බවයි ඔහු පැවසුවේ . තරගකාරී අධ්‍යාපන ක්‍රමවේදයක් තුළ ගුණගරුක සමාජයක් ගොඩනැඟිය නොහැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් . වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටක කාලීන අවශ්‍යතාවයක් බවත්, විශ්වවිද්‍යාල සඳහා තිබෙන පිළිගැනීම එම ආයතනවලටත් ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කලා .…

තව කියවන්​න

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඊයේ පස්වරු 4 සිට අද පස්වරු 4 දක්වායි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව, මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටයි. අදාළ ප්‍රදේශවල ජීවත්වන පිරිස් මෙම අනතුරු ඇගවීම් සම්බන්ධව නිරතුරු විමසිල්ලෙන් පසුවන ලෙසයි ආපදා කලමණාකාර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මෙන්ම බුලත්කොහුපිටිිය යන ප්‍රදේශවලට ද නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි. එමෙන්ම් දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට සහ වරකාපොල ප්‍රදේශ රැසකට ද නායයාම් අනතුරු ඇගවීම්ි නිකුත් කර තිබෙනවා.…

තව කියවන්​න

කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියකින් බුළුගහගොඩදී තවත් මගියෙකු ඇද වැටි ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහු වයස අවුරුදු 20ත් 25ත් අතර වයසැති තරුණයෙකු වන අතර අනතුරින් ඔහුගේ අතකට හා කොඳු ඇටපෙළට හානි වී තිබුණු බවයි . මේ අතර දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ඊයේ ජීවිතක්ෂයට පත් වුනා . ක්‍රියාත්මක කර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය අඩාල වී තිබුණු අතර ඉන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා .

තව කියවන්​න

හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1,000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මේ වනවිට 3,000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින බවටයි වාර්තා වන්නේ. ඒ අනුව අනෙකුත් අවශ්‍ය බඳවාගැනීම්ද කඩිනමින් සිදු කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා . මෙලෙස පළමු වටයේදී බඳවා ගැනෙන පිරිසට අමතරව අනෙකුත් පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි අදාළ බඳවාගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. අමාතයවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා. කියුබාවේ හවානා නුවර ලබන 15 සහ 16 යන දෙදින තුළ පැවැත්වෙන ජී 77 රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා මුළින්ම සහභාගී වීමට නියමිතයි . අනතුරුව ලබන 19 වැනිදා සිට ලබන 21 වැනිදා දක්වා ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සදහා දූත පිරිසක් ද එක් වී සිටි අතර , ඔවුන් අද දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව යාමටයි කටයුතු කළේ. අනතුරුව…

තව කියවන්​න