- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එමෙන්ම නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකිය.
මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු මෙලෙස තවදුරටත් අත්හිටුවා ඇති බවයි. බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අදාළ මත්පැන් සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් පවසන්නේ.
ඉදිරි දින කිහිපය ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
මෙම වසරේ දී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව නොවැම්බර් මස 27 වනදා වන විට මෙම වසරේ මුළු රෝගීන් 75,377ක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 15,953 ක්. බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් 35,553 ක් වාර්තා වී ඇති අතර එය පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වනවා. ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අයවැය යෝජනා තුලින් රාජ්‍ය සේවකයන්ට දිමනා ලබාදීමට යෝජනා කර තිබුණද වතුකම්කරු ජනතාවගේ වැටුප් සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් නොකිරීම කණගාටුවට කරුණක් බව සමස්ත ලංකා සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා. ඉලංගෝ ගාන්ධි මහතා මේ බව කියා සිටියේ ඒ මහතාගේ හැටන් කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස කියා සිටියා. මෙවර අයවැය යෝජනා තුළින් රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහාසක දිමනාවක් ලබාදීමට යෝජනා කර තියෙනවා. එත් වතු කම්කරුවන් සඳහා එක රුපියලක් වැඩි කිරීමට කිසිදු ප්‍රකාශයක් කර නැහැ. අද රාජ්‍ය සේවය ගත් විට රාජ්‍ය සේවයේ වැඩි පිරිසක් නිසි ලෙස සේවය නොකර වැටුප් ලබා ගන්නේ. එත් මේ වතු කම්කරුවන් එහෙම…
සාධාරණ පදනමකින් තොරව මාස 8 කට අධික කාලසීමාවක් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මෙසේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි හේතුව ලෙස ආණ්ඩු පාර්ශවය පවසන්නේ මුදල් නොමැති බව වුවද, පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවටයි පැෆරල් සංවිධානය අදාල ලිපියෙන් දන්වා ඇත්තේ. එමෙන්ම මෙම තත්ත්වය පිළිබදව සිය කණගාටුව පළ කරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපියෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා. මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර මෙවැනි සංවාදයක් ද ඇති වුණා.
ජලයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ පිරිවැය අඩු කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. කෙසේ වෙතත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. එමෙන්ම ජල ගාස්තු සංශෝධනය සදහා සූත්‍රයක් ජනවාරි මාසයේ සිට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
සම්බා සහ කීරි සම්බාවලට සමාන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත් මෙම සහල් තොග ලැබීමත් සමගින් සහල් මිල ඉහළ යාම පාලනය කිරීම හා සහල් හිඟය තුරන්වනු ඇති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැති පළතුරු සහ එළවළු ප්‍රදර්ශනයක් සඳහා සහභාගි වූ අවස්ථාවේදී කීරි සම්බා හිඟය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. එම ජනතාවට පිළිතුරු දුන් අමාත්‍යවරයා දෙසැම්බර් මාසයේ දී හා ජනවාරි මාසයේ දි එළැඹෙන උත්සව සමය ඉළක්ක කරමින් ඇතැම් සහල් ව්‍යාපාරිකයින් විසින් කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක්…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ හේතුවෙන් කොළඹ බලා ධාවනය වන ගාලු කුමාරි සහ රුහුණු කුමාරි යන දුම්රිය දෙකම ප්‍රමාද වී ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. ගාල්ල සිට මාතර බලා ධාවනය වන දුම්රියක් කුඹල්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් රටවල් 7 ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මස 24 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මලයාසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222