- වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී
- වීසා නොමැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ
- ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
- පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී
- මීගමුවේ නිවසකට සහ පානදුරේ වෙළෙඳ සැලකට වෙඩි ප්‍රහාර
- උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන්අණාවරණයක්
- ප්‍රදේශ කිහිපයකට වැසි
Author: Anura Premakumara
එප්පාවල ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් (සර්විස් සෙන්ටර්) හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන් ගිනිබත්ව තිබෙනවා. විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වෙන්නට ඇතැයි සැක පළ කරන අතර,ගින්නෙන් නිවස හා යතුරු පැදි සේවා ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක්ද සිදුව නැත. රාත්‍රී 7.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙනවා. ගින්න හට ගන්නා අවස්ථාවේ යතුරු පැදි සේවා සැපයුම් ස්ථානය වසා දමා තිබී ඇති අතර, ඊට යාබද කඩකාමරයේ පිහිටි නිවසේ එහි හිමිකාරිය, සිය පුතු හා මව සමඟ නිවසේ මුළුතැන් ගෙයි රැදී සිට තිබෙනවා.…
මස්කෙළිය සාමිමලේ මිලියාකෝට්ටේ එළවළු වගා භූමියක තාවකාලිකව ඉදිකර තිබූ වාඩියක තිබී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සහ ඊට යොදන පතොරම් 02ක් එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සමග සැකකරුවෙක් මස්කෙළිය fාපලිසිය විස්න අත්අඩංගුවට ගෙන තිබෙනවා. මියාකෝට්ට ප්‍රදේශයේ එළවළු වගා කොටුවක සැක කටයුතු පුද්ගලයෙකු සිටින බවට මස්කෙළිය පොලිසියට ලද තොරතුරක් මත මස්කෙළිය පොලිසියේ නිලධාරීන් විසින් 21 වනදා රාත්‍රීයේ මෙහෙයුමක් දියත් කර වාඩිය පරීක්‍ෂා කිරීමේදී ගිනි අවිය සහ ඊට යොදන පතොරම් දෙකක්, එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සොයාගෙන තිබෙනවා. මියාකෝට්ට ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ඉඩමක එළවළු වගා කරන කොටුවක සැකකරු සිටි බවත්, සැකකරු බිංගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක් පමණ වයසැති පුද්ගලයෙක් බවත්…
ප්‍රේම සම්බන්ධයක් මුල්කරගනිමින් අනුරාධපුර, ගලෙන්බිදුණුවැව කලාප කාර්යාලයට අයත් පාසල් දෙකක නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා ඇතිවු ගැටුම දුරදිග ගොස් එක් සිසුවෙකු අනෙක් සිසුවාට පිහි පහරක් එල්ල කර ඇති බවත් ඒ අනුව තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර ඇති බවත් පොලිසිය පවසනවා. දිවුල්වැව, කෝන්වැව හංදිය ප්‍රදේශයේදී ඊයේ(21) සවස 05.00ට පමණ මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එහිදී එක් සිසුවෙකු විසින් අනෙක් සිසුවාගේ කොඳු නාරටිය ප්‍රදේශයට මෙම පිහිපහර එල්ලකර ඇත. පිහි ඇණුම හේතුවෙන් තුවාල ලැබූ 14 හැවිරිදි පාසල් සිසුවා ප්‍රදේශවාසීන් විසින් කහටගස්දිගිලිය රජයේ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. සිදුවීම සිදුවන අවස්ථාව වන විට මෙම ළමුන් දෙදෙනාම පාසල්…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කළාපයේ ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය (ජාතික පාසල) ඉදිරි පිට අද(22) විරෝධතාවයක් පවත්වා තිබනෙවා. ඒ විදුහල්පතිවරයාගේ පරිපාලන කටයුතු දුර්වල වීම හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම හා විනය පිරිහෙමින් පවතින බැවින් මෙම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කරන ලෙස බල කරමින්. වර්තමාන වැඩබලන විදුහල්පති උපාලි හේමන්ත රාජකරුණා මහතා ඉවත් කර වෙනත් විදුහල්පතිවරයකු ලබා දෙන ලෙස බලකරමින් විද්‍යාලයීය පිවිසුම් දොරටුව ඉදිරිපිටදී සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දෙමාපියන් පිරිසක් විරෝධතාවයෙහි නිරතව තිබෙනවා. විරෝධතාවයේ නිරත දෙමාපියන් හමුවට විද්‍යාලයේ ගුරුභවතුන් කීපදෙනෙකු පැමිණ සාකච්ජා කළ අතර, එහිදී උණුසුම් තත්වයක්ද හටගෙන තිබෙනවා. එහිදී දෙමාපියන් මෙලෙස කියා සිටියා. “මෙම පාසල පසුගිය කාළයේ ප්‍රදේශයේ…
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ අද(22) උදෑසන සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණ බවයි. එහිදී හෙරොයින් කිලෝ අටයි ග්‍රෑම් 168ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් 823,000ක්, විද්‍යුත් තරාදි තුනක්, ජංගම දුරකථන හතරක්, ව්‍යාජ අංක තහඩු හයක්, කාර් රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් සහ 42ක් වන හෝකන්දර සහ අම්පාර යන…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේදී අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගි වී ලන්ඩන් නුවර හරහා මෙරටට පැමිණීමේදී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේයි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපතිවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. එලෙස පැයට හතරකට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සූරියවැව, වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සැකකරුවන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් සැකකරුවෙක් මියගොස් තිබෙනවා. වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි හුවමාරුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෙඩි හුවමාරුව අතරතුරු සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. අදාළ ස්ථානයෙහි සැකකරුවන් දෙදෙනෙක් රැඳී සිට ඇති බවටත් ඉන් එක් අයෙක් මෙලෙස අත්බෝම්බ ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවත් වාර්තා වනවා. වෙඩි වැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු බවට පොලිසිය සැක පළ…
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවට අද(22) පෙරවරුවේ පැමිණ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ගොඩනැගිල්ලේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි අකිල විරාජ් කාරියවසම් මහතා කොමිසම හමුවට පැමිණ ඇත්තේ. අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඒ මහතා කොමිසමෙන් පිටව ගොස් ඇති බවටද වාර්තා වනවා.
බගවන්තලාව මැහවැලි රක්ෂිතයේ විශාල පරිසර හානියක් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් අද(22) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා. එම රක්ෂිතය තුළ පරිසර විනාශයක් කරමින් විශාල පිරිසක් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර සැකකරුවන් සහ මැණික් ගැරීමට උපයෝගී කර ගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වන් ගල්කිස්ස සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 45ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවයි බගවන්තලාව පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය පවසනවා.
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණු තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පස්වන දිනටත් අද(22) දිනයේද ක්‍රියාත්මක වනවා. එවැනි පසුබිමක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කොන්දේසිවලට යටත්ව වර්ජනයට අවසන් කිරීමට අදාළ සාකච්ඡා සඳහා සහභාගිවීම ප්‍රතික්ෂේප කරන බවයි වර්ජකයන් පවසන්නේ. කෙසේ වෙතත් අමාත්‍යවරයා ඊයේ(22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල පිළිබඳ තීන්දුව කිසිසේත්ම හකුලා ගැනීමට රජය කටයුතු නොකරන බවයි. ඒකාබද්ධ තැපැල් වෘත්තී සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ. නිහාල් මහතා කියා සිටියේ හමුදාව යොදවා තැපැල් කටයුතු සිදු කරගෙන යාමට කටයුතු කරමින් සිටින…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222