Author: Anura Premakumara

ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත් වූ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පාර්ලිමේන්තු වටරවුමේදියි මෙම විරෝධතාවය පැවැත්වුණේ. බදු බර, භාණ්ඩ මිල වැඩි කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. එම විරෝධතාවයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ද එක්ව සිටියා.

තව කියවන්​න

අද දිනයේදීත් උදෑසන 9.30 ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා. මේ අනුව අද දින ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ වී ඇති අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිය අදහස් ප්‍රකාශ කිරීමට කතානායකවරයාගෙන් අමතර වේලාවක් ඉල්ලා සිටියා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ වේලාවෙන් විනාඩි 10 ක කාලයක් රොෂාන් රණසිංහ මහතාට ලබාදෙන බවටයි කතානායකවරයාට දැනුම් දුන්නේ. මේ අනුව විජයදාස රාජපක්ෂ මහතාගේ විනාඩි 9 ක කාලයද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ලබා දීමට අද පාර්ලිමේන්තුවේදී කටයුතු කෙරුණා. අදාළ විවාදයට එක්වෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඒ පිළිබදව සිය අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු…

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල් දාහතර ලක්ෂ හයදහස් නවසිය තිස් දෙකක් සදහා ඔක්තෝම්බර් මාසයට අදාළව රුපියල් මිලියන 8775 ක මුදලක් බැංකු වෙත බැර කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිල ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව හෙට සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බවයි එම නිවේදනයේ සදහන් වන්නේ

තව කියවන්​න

කිසියම් ඖෂධ වාර්ගයක් අධිමාත්‍රාවකින් පානය කිරීම හේතුවෙන් දැඩි ලෙස රෝගී වූ තරුණියක් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ විදයා විෂය ධාරාව යටතේ උපාධිය හදාරා මීට මාස දෙකක පමණ ඉහතදී ඉවත්ව ගොස් සිටි 27 හැවිරිදි තරුණියක් පසුගිය දෙවනදා දහවල් කාලයේදී විශ්වවිදයාලයට පැමිණ මෙලෙස කිසියම් ඖෂධයක් අධිමාත්‍රාවකින් පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් අදාළ තරුණිය රෝහලට ඇතුළත් කළද එදිනම මියගොස් ඇති බවයි කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල ස්ප්‍රින්වැලි ප්‍රදේශයේ පදිංචි තරුණියක් . උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේ අදාළ තරුණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලැබූ තරුණයෙකු සමගින්…

තව කියවන්​න

2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත මේ වන විට බඳවා ගැනීම් සිදුකර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියා. අද පාර්ලිමේන්තුවේදී සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

තව කියවන්​න

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ, මිජවුම් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් . කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, උතුර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. මේ අතර මිජවුම් සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින්, දිවයිනෙන් බැහැරට ගමන් කරමින් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට මිජවුම් සුළි කුණාටුව යාපනයේ සිට කිලෝමීටර් 365 ක් ඈතින් ඊශාන දෙසින් පවතින බවයි. මේ ඒ පිළිබදව අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා. මේ…

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා මීට පෙර ලබා දුන් සියයට 15 ක පොලිය යළි ලබා දෙන බවට අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කෙරුණ ද, මේ දක්වා එම පොරොන්දුව ඉටු වී නොමැති බව විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා. සියයට 15 ක්ව පැවති වාර්ෂික පොලී අනුපාතිකය මේ වනවිට සියයට 9.75 ක් දක්වා අඩු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව දැනුවත් කළ ද මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවයි විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් සරත් ලාල් කුමාර මහතා කියා සිටියේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී. ලැනරෝල් මහතාගෙන් කළ…

තව කියවන්​න

කැලණිය වනවාසල දුම්රිය මාර්ගයට යාධ ප්‍රදේශයකදී ඝාතනයට ලක් වූ 59 හැවිරිදි රණසිංහගේ සරත් නොහොත් රාජා නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලකට පළිගැනීමක් ලෙසින් නොවැම්බර් මස 28 වැනිදා මෙම ඝාතනය සිදු කර තිබෙන බවත් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 59 හැවිරිදි මැරතන් ධාවකයෙකු බවත් පොලිසිය පවසනවා. ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු කැලණිය මානෙල්ගම කසළ අංගනයේ සැඟව සිටින බවට පෑලියගොඩ පොලිසියේ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙසැම්බර් 01 වැනිදා අදාළ කසළ අංගනයේ වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී…

තව කියවන්​න

වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එළඹෙන උත්සව සමයේදී බිත්තර මිල ඉහළ නොදමන බව අප කළ විමසීමකදී බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා කියා සිටියා.

තව කියවන්​න

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස කොටසක් අද (04) නායගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (04) උදැසන 10.30 ට පමණ මෙම නායයාම සිදුව ඇති බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ධාවනය කිරීමේදි මාර්ගයේ බැවුම ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසටත් නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. තවද එම මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක නායයාමේ සහ පස් කඳු කඩාවැටිමේ අවදානමක් පවතින නිසා රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න