Author: Anura Premakumara

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හට ලබා දීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය  හරින් ප්‍රනාන්දු මහතා පවසනවා අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි මේ බව ප්‍රකාශ කලේ . එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ග්‍රාමීයව ව්‍යාප්ත කිරීමට පියවර ගත යුතු බවද ඔහු මෙහිදී කියා සිටියා . එමෙන්ම ඉතා ඉක්මනින් මෙරටට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා . ඒ පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානින් සමග තමන් දුරකථන සංවාදයක නිරත වූ බවයි අමාත්‍යවරයා සදහන් කලේ .

තව කියවන්​න

ජා ඇල, රත්නාවලී ප්‍රදේශයේදී ගජමුතුවක් රුපියල් ලක්ෂ 63ට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජා ඇල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 28 සහ 32 යන වයස් වල පසුවන රත්නපුර සහ මහියංගනය යන ප්‍රදේශ වල පදිංචිකරුන් වනවා.

තව කියවන්​න

2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ විවාදය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා . කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කලේ මෙවර අයවැය තුලින්ද සිය ඉල්ලීම් ඉටුවී නොමැති බවයි . ඒ හේතුවෙන් අද දිනයේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි . මේ ඒ පිළිබද ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය අඛණ්ඩව වත්මන් ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී මාධ්‍යවෙත අදහස් පල කරමින් . ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරමින් විපක්ෂ නායකවරයාට කතා කිරීම සදහා කාලය ලබා දීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා .

තව කියවන්​න

කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහර දීමක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැළණිය විශ්වවිද්‍යාලය අද පස්වරු 2 සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන බවයි. ඒ අනුව සියලුම සිසුන් හෙට උදෑසන 5 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි එම නිවේදනයෙන් දැනුම් දෙන්නේ. මේ අතර නැවත දැනුම්දෙන තුරු කැළණිය විශ්වවිද්‍යාලයේ ද`ඵගම පරිශ්‍රය ඇතු`ඵ විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන්, සියලුම අභ්‍යන්තර මෙන්ම භාහිර නේවාසිකාගාර සිසුන්ට තහනම් කර තිබෙනවා.

තව කියවන්​න

ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඒ සදහා සාමාජිකයින් 15 දෙනෙකු පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය පවසන්නේ. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර තිබෙනවා. එමෙන්ම මීට පෙර එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතායි. මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපති ධුරය හිමිව තිබෙනවා.

තව කියවන්​න

පවතින ආර්ථික වාතාවරණය මත ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. එලෙස සිදු කළහොත් දරුවන්ගේ ප්‍රමුඛතා මගහැරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ පාවහන් තිළිණපත් ලබා දීම සිදු කරන බවද ඔහු කියා සිටියා . අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ අද පැවති පාසල් පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවයට එක්වෙමින් . එමෙන්ම ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සදහා දිවා ආහාරය ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදි පැවසුවා.

තව කියවන්​න

නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් පෞරාණික වටිනාකමකින් යුතු කෞතුක භාණ්ඩ 6 ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව හෙට සිට ලබා දී තිබෙනවා. කොළඹ කෞතුකාගාරයේදී හෙට පෙරවරු 9.30 සිට පස්වරු 4.45 දක්වා මහජන ප්‍රදර්ශනය සදහා ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා. 1765 වසරේදී කන්ද උඩරට රජ මාලිගය අල්ලා ගැනීමෙන් අනතුරුව එහි තිබූ මෙම භාණ්ඩ ලන්දේසින් විසින් පැහැරගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය.

තව කියවන්​න

කොළඹ සහ ඉන්දියාවේ මුම්බායි අතර ගුවන් ගමන්වාර ද්විත්වයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. එමගින් අදාළ නගර දෙක අතර ගමන් කරන මගීන් සංඛ්‍යාව සියයට 50 කින් පමණ ඉහළ යනු ඇති බවයි එම ගුවන් සේවය සදහන් කළේ. මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ දිල්ලි, බැංගලෝර්, හයිද්‍රාබාද් ඇතු`ඵ ප්‍රධාන නගර රැසක් වෙත ගුවන් ගමන්වාර 100 කට අධික සංඛ්‍යාවක් සිදුකරනු ලබනවා.

තව කියවන්​න

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර, ක`ඵතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. මේ අතර මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයාමක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නොර්ටන් බි්‍රජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෙම නායයාම සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන ධාවනය කිරීමේදී අවදානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම…

තව කියවන්​න