Author: accioAdmin

වී මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 50ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ නියමයෙන් මෙම මුදල ලබාදීම සිදු කර ඇති බවයි. මේ අනුව හෙට සිට අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් වී ගබඩා දෙකක් බැගින් වී මිලදීගැනීම සඳහා විවෘතව තබන බව අමාත්‍යවරයා සඳහන් කලා.

තව කියවන්​න

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් සඳහන් කලේ මිට සුළු වෙලාවකට පෙර මෙය සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කර ඇති බව සඳහන්.

තව කියවන්​න

ආනයනික සුදු සීනි ,පරිප්පු සහ තිරිඟු පිටි තොග මිල අඩු කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසන්නේ සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190සිට175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩුකර ඇති බවයි. මේ වන විට අවශ්‍ය තරම් සුදු සීනි, තිරිඟු පිටි සහ පරිප්පු තොග තමන් සතුව පවතින බවයි ඔවුන් සඳහන් කලේ. එබැවින් එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාධකයකින් තොරව එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ..

තව කියවන්​න

ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ නැගෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් තුළ රට වසර එක හමාරකට පෙර පැවැති තත්ත්වයටත් වඩා බරපතල මට්ටමක් දක්වා ගමන් කළ හැකි බවයි. එබැවින් ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක දී වඩාත් වැදගත් වන්නේ දැනට ක්‍රියාක්මක වන වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යන කණ්ඩායමක් බලයට පත් වීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයීය විදුහලේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වටය මගහැරීමෙන් ම විපක්ෂයේ…

තව කියවන්​න

ආහාර අලෙවි සැල් වල ඒවා නිෂ්පාදනය කරනු ලබන සේවකයින්ට විශේෂ එන්නතක් ලබා දීම මේ වන විට සිදු කෙරෙනවා. සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදියි මෙම වැඩසටහන සුදානම් කර ඇත්තේ. පාරිබෝගික ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම මෙහි අරමුනයි. ඒ අනුව එහි තවත් එක පියවරක් කන්තලේ ප්‍රදේශයේදී සිදුවුනා.

තව කියවන්​න

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා. අද උදැසන 6 වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 25කින් පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 23 කින් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය මිට හේතු වී තිබෙනවා. ජලාශයන් දෙකේම ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැස තිබුණද දෛනික ජල විදුලි උත්පාදනයට දැනට කිසිදු බාධාවක් එල්ල වි නොමැති බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කලා.

තව කියවන්​න

අම්බලන්ගොඩ පොන්නදූව ප්‍රදේශයේ නිවසකට අද අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කලේ මෙරට ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන අම්බලන්ගොඩ සමන්කොල්ලා නමැත්තාගේ නිවසට මෙලෙස වෙඩි ප්‍රහාර එල්ලව ඇති බවයි. ටී පනස්හය වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්. වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන ගේට්ටුවට,තාප්පයට හා නිවසේ දොර ජනෙල්වලට හානිවී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

තව කියවන්​න

වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කලේ මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් කර ඇති බවයි. නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයකට පැමිණ නොමැති අතර මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට අවස්තාව සලසා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ. කොළඹ තරුණ හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පවතින තත්වය මත මොටර් රථ ආනයනයනය කළහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව ඇති බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේ. සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට මේ වනවිට අවසර ලබා දී තිබෙනවා..

තව කියවන්​න

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේ වාර්තා වුණා. එහිදි සියලු කොටස් මිල දර්ශකය ඒකක 10.71කින් ඉහළ ගොස් ඒකක 11,135.74ක් ලෙසින් වාර්තා වී තිබෙනවා. එස් සහ පී එස් එල් 20 දර්ශකය ඒකක -0.27කින් පහළ ගොස් ඒකක 3174.78ක් ලෙස සටහන් වුණා. එමෙන්ම අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකා ඩොලරයක ගැණුම් මිල රුපියල් 302 ශත 62ක් ලෙස පහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 311ශත 98ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිට අද දහවල් පැවැත්වුනා. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ. මෙම විරෝධය දිවයින පුරා තෝරාගත් රෝහල් 17 ක් ඉදිරිපිටදී පැවැත්වුනා..

තව කියවන්​න