Author: accioAdmin

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තාවනවා. හෙට දිනයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ එය පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ඔවුන් දෙදෙනා අතර හමුවක් හෙට අනුරාධපුරයේ සිදු කිරීමට මීට පෙර සැලසුම් කර තිබූනා. නමුත් නොවැළැක්විය හැකි හේතුවක් මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙරටට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම සාකච්ජ්හ්චාව මෙලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන් බව සඳහන්. ඉදිරි දේශපාලන පියවර මෙන්ම ඉන්දිය නිදහස් දින සැමරුම උත්සවය පිළිබඳ එහිදී වැඩිදුර සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැමැත්ත පල කර තිබෙනවා. කෙසේවෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ. අමත්‍යවරයා සඳහන් කලේ විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය පල කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණය සදහා නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා තුනක් ඉදිපත් වී තිබෙනවා. එහෙත් මැතිවරණ පනතේ ප්‍රපාදනවලට අනුව එම සියලුම විරෝධතා ප්‍රතිෂේප කළ බවත් මැතිවරණය කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසුවේ. ඒ අනුව නාමයෝජනා ඉදිපත් කළ අපේක්ෂකයන් 39 දෙනාම මැතිවරණයට සුදුසුකම් ලබන බව සභාපතිවරයා ප්‍රකාශ කළා

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා. මුද්‍රනාලා ධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය පවසන්නේ අද නාමයෝජනා බාරදීමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුව එම කටයුතු ආරම්භ කරන බවයි. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගියද 2019 වසරේ භාවිතා කළ මැතිවරණ පත්‍රිකාවට සාපේක්ෂව සැලකිය යුතු වෙනසක් මෙවර පත්‍රිකාවේ සිදු නොවන බවයි ඇය සඳහන් කලේ.

තව කියවන්​න

ලංකා T10 තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා කොළඹ, නුවර, ගාල්ල, යාපනය සහ දඹුල්ල කණ්ඩායම් තරග වදින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. කොළඹ කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව තිබෙනවා. දඹුල්ල කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ භානුක රාජපක්ෂ විසින්. ගාල්ල කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාගේටත් නුවර කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ලටත් යාපනය කණ්ඩායමේ නායකත්වය ජනිත් ලියනගේටත් හිමිව ඇති බව සඳහන්. තරගය හෙට සිට 18 වැනිදා දක්වා තර්ස්ටන් සහ කොළඹ බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන් පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

තව කියවන්​න

2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතයි. තෙවන පාසල් වාරයේ පළමු අදියර මේ මස 26වන සඳුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. නිදහස් දින සැමරුම් උත්සවය මෙවරත් නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ. මේ සඳහා 700 කට අධික ආරක්ෂක කැමරා පද්ධති, ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තව කියවන්​න

ජලභීතිකාව රෝගය හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසංගත රෝග විද්‍යායතනයයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන්කරන්නේ , ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවයි. වයිද්යවරුන් ලබා දෙන අවුෂද නිසි ලෙස භාවිත නොකිරීම මෙයට ප්‍රධාන හේතුව බවයි ඒ මහතා පවසන්නේ. ජලභීතිකාව බෝකළ හැකි ක්ශ්‍ර්රපායි සත්වයකු සපාකමෙන් හෝ මිනිස් ශරීරයේ පවතින තුවාලයක එවන් සතෙකුගේ ඛේටය ගල්වුනහොත් මෙම රෝගය ආසාදනය විය හැකියි.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 408ක් ලැබී තිබෙනවා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ සිට මේ දක්වා කාලය තුළ එම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඒ අතරින් එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 392 ක් බව සඳහන්. කෙසේවෙතත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ පසුගිය ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙවර වාර්තා වී ඇති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන පහත මට්ටමක පවතින බවයි.

තව කියවන්​න

අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පැතිර යන වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිය යටතේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම මෙයවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විදෙස් වාර්තා පවසන්නේ මෙම වසංගතය වැළඳීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 450 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මේ වන විට එම වසංගතය මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී පවතිනවා. මෙහි නව ප්‍රභේදය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේද යන්න සහ එහි ඉහළ මරණ අනුපාතය පිළිබඳව විද්‍යාඥයින් සැළකිලිමත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම වඳුරු උණ සම්ප්‍රේෂණයවන්නේ ලිංගික සබඳතා , ස්පර්ශය හා වෙනත් පුද්ගලයෙකු…

තව කියවන්​න