- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: accioAdmin
රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග රත්නපුර ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් වෙත පැමිණි අවස්තාවේදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.බදුල්ල සොනාතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු අදාළ ස්වර්ණාභරණ ආයතනය වෙත පැමිණ රන්මාලයක් ඉල්ලා පන්දහසේ නෝට්ටු මිටියක් මේසය මත තබා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ස්වර්ණාභරණ අලෙවිසලේ හිමිකරු විසින් පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරිමේදී ඔහු සතුව තිබූ ව්‍යාජ මුදල් තොගය සහ පෙන්ඩ්‍රියිව් එකක් ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්.
පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී. එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැස තිබෙනවා. මේ හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට අද සිට දින 20 ක කාලයක් ගත වන බවයි කොළඹ නගර සභාව විසින් දැනුම් දී ඇත්තේ. ඒ අනුව එම මාර්ග ඔස්සේ කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැළසුම් දෙකක් යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.
දික්කසාද නඩු සම්බන්ධ සියලු තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අධිකරණ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි උපත්, මරණ හා විවාහ සම්බන්ධ තොරතුරු වාර්ෂිකව දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම සිදුකරනු ලබනවා. එම තොරතුරු පදනම් කරගනිමින් රට තුළ අත්‍යාවශ්‍ය දර්ශක ගණනාවක් ඇස්තමේන්තුගත කිරීම සිදු කරනු ලබන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පවසනේ. ඒ අනුව මෙම වසරේ සිට දික්කසාද නඩු පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී…
පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගින්න්නක් හේතුවෙන් නිවාස 17ක් විනාශයට පත්ව තිබෙනවා මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87කු අවතැන්ව සිටින බව පුඬළුඔය පොලීසිය පවසන්නේ. මෙම නිවාස පෙළේ වතු නිවාස අටක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව, තවත් නිවාස නවයකට දැඩි හානි සිදුව ඇති බව සඳහන්. අවතැන් වු පිරිස අතර, ගැබිණි මව්වරුන් තිදෙනකු හා මාස නයවක් වයසැති කුඩා දරුවකුද සිටින අතර අවතැන් වු සියලුම දෙනා මේ වනවිට ෂීන් වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
රජය හැකි සෑම විටක ම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමත්‍යවරයා සඳහන් කරන්නේ , රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණත් නොමැති බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කලා.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අලි සංගණන කටයුතු කල් දැමිය යුතු බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් ඩබ්.එල්.ඒ.ටී. සඳරුවන් මහතා පවසන්නේ මේ පිළිබඳව වනජීවී හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බවයි. අදාළ වන අලි සංගණන කටයුතු හෙට ආරම්භ කිරීමටයි මින් පෙර තීරණය කර තිබුනේ, අලි සංගණනය මගින් ලැබෙන දත්ත පදනම් කරගෙන වන අලි මිනිස් ගැටුම ඇතුළු වන අලි සම්පත ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට තිරසර විසඳුම් සෙවීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අද දින සිට යළි ක්‍රියාත්මකයි.. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාවට මේ අනුව හිමි වනු ඇති බව සඳහන්.
සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා. අධිකරණය නියෝග කර ඇත්තේ 2015 සිට 2018 වසර දක්වා කැන්බරාහි සේවය කළ ඇය, සිය සේවිකාවවන ප්‍රියංකා ධනරත්න හට ගෙවිය යුතු අවම වැටුප වංචා කර ඇති බවයි. ඒ අනුව ඩොලර් පන්ලක්ෂ හතළිස් අටදහසක දඩයක් ගෙවන ලෙසි අධිකටනය නියෝග කර ඇත්තේ. මෙම වසර 03ක කාලය සඳහා සිය ගෘහසේවිකාවට ගෙවා ඇත්තේ ඩොලර් 11,200ක් පමණක් බවත්, එය පැයට ඩොලර් ශත හැත්තෑපහක් බවත්, අධිකරණය ප්‍රකාශ කළා. අදාළ ගෘහසේවිකාවගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තකයේ තබාගනිමින් ඇයට නිවසින්…
2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් එම මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසන්නේ. විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව පක්ෂයේ තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති බවද සඳහන්.
මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද සාකච්චාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මෙහි අරමුණ බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222