- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: accioAdmin
යාපනයේ ක්‍රියාත්මක ‘ජෝයි ගෘප්‘ නැමති මැරකල්ලියක තිදෙනකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් දමා යතුරු පැදි ඇතුළු රථ වාහන ගිනිතබා නිවසට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයකදියි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. ‘‘ආවා ‘‘ කල්ලියේ ප්‍රබලයකු ලෙස ක්‍රියාකල ජෝයි නැමති අයකු විසින් ඩුබායි සිට මෙම කණ්ඩායම මෙහෙයවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබි කඩු හතරක් සහ දකුණු ඉන්දියානු චිත්‍රපට ආභාෂයෙන් නිශ්පාදනය කළ කෙටේරියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු,ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ, 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා. ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ඇය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමටයි විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත්තේ.
ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර න බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති සන්ධානය පවසනවා. එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කරන්නේ මැතිවරණය නිමාවට පත්වනතුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබාදීමට කටයුතු කරන බවයි. මේ වන විට ග්‍රාම නිලධාරීන් මැතිවරණ නිලධාරීන් බවට පත්ව ඇති බැවින් ස්වාධීන අපක්ෂපාතී සාම නිලධාරීන් ලෙස මැතිවරණ නීතියට අනුගත වෙමින් මහජන සේවාවන් උපරිම ආකාරයෙන් ඉටු කිරීම සඳහා මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගවලින් ඉවත් වන බවයි ඒ මහතා සඳහන් කලේ.
බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. රක්ෂිත ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ. මෙිි වන විටත් ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වැඩි භුමි ප්‍රමානයක් දළ වශයෙන් විනාශ වි තිබෙනවා.
ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කලේ අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතු වනවා.
පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනා මත වැල්ලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් සිය ආයතනයේ සේවකයකුට අතින් පයින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව සඳහන්. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 13 ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙක්.
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 437 දක්වා ඉහල ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ තමන්ටද පැමිණිලි 14ක් ලැබී ඇති බවයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 7ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණීලි 7ක් ඊට ඇතුළත් බව සඳහන්. මේ අතර නාමයෝජනා භාරදීමෙන් පසු නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි 03ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් මේ දිනවල තක්සේරුවක් සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. එම තක්සේරුවෙන් අනතුරුව ලැබෙන වාර්තාව පදනම් කරගෙන ජීවිත තර්ජන ඇති අපේක්ෂකයන්ට මෙසේ විශේෂ ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ. ජනාධිපතිවරණ කාල සීමාවේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවා.
මේ වනවිට මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ 2018 වසර වනවිට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03ක් පමණ හඳුනා ගැනීමට සමත් වුවද මේ වනවිට එම අගය දශම එක දක්වා ඉහළ ගොස් ඇති බවයි . එමෙන්ම මේ වනවිට දිවයින පුරා ඒඩ්ස් රෝගීන් තුන්දාස් පන්සීයක් පමණ හඳුනාගෙන තිබෙනවා. එයට අමතරව ළමුන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඒඩ්ස් රෝගයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ නවතම දත්ත උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිශතය අනුව අවම…
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවලට අනුව අද පෙ.ව. 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය. මේ හේතුවෙන් කුඩා ගඟ හා මඟුර ගඟ අවට පහත් බිම් හරහා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222