- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: accioAdmin
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා තිබෙනවා. පසුගියදා පැවැති රාජ්‍ය පොහොර සමාගමේ ඉදිරි කටයුතු හා මෙවර යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ දී පොහොර සැපයීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මේ බව සඳහන් කලා. එහිදී අදහස් පළ කළ සභාපතිවරයා පැවසුවේ ඒකාබද්ධ කරන ලද මෙම පොහොර සමාගම් දෙක මගින් පසුගිය වසරේ දී රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇති බවයි.. ඒ අනුව ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 141ක් හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 292ක වශයෙන් ලාභ උපයා තිබෙනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 778කට අයත් පුද්ගලයන් 2872 දෙනෙක් පීඩාවට පත් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඉන් වැඩිම පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කලේ. එම සංඛ්‍යාව 1,256ක්. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 977 දෙනෙක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 639 දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා පවසන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් පළ කළ ගැසට් පත්‍රයේ කොටස් දෙකක් ඇති අතර පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු ද, දෙවැනි කොටසේ අනිකුත් අයට ලබාගත හැකි ලකුණු සඳහන්ව ඇති බවයි. ඒ අනුව වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට දෙවැනි කොටසේ ඕනෑම ලකුණක් ගතහැකි බවයි ඒ මහතා පවසන්නේ.
මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙගොඩවැව ප්‍රදේශයේ ආරන්‍ය සේනාසනයක විසු හිමි නමක් සහ අගලවත්ත හා ආඩියාගල පදිංචි පුද්ගලයන් හත් දෙනෙක් බව සඳහන්.. පුද්ගලයන් පිරිසක් මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටින බවට එම ගම්මානයේ පුද්ගලයන් පිරිසක් විසින් පොලිසියට සිදුකළ දැනුම් දිමක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මස මුලදී ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද =පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා මේ බව සඳහන් කලා. දළ වශයෙන් මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් පමණ දිගකින් යුක්ත බවයි ඒ මහතා සඳහන් කලේ. එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට ලබාදීම එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බවද සඳහන්.
සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්දිය සම්බන්ද සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා.
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් ලක්ෂ 07කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා. ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඊට ඇතුළත් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේ.. ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් මස 04වන දින නියම කර තිබෙනවා. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ සෙසු රාජ්‍ය සේවකයන් සඳහා සැප්තැම්බර් මස 05 සහ 06 යන දිනයන්වල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි. එම දිනයන්වල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් හට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තැපැල් ඡන්ද…
සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කලේ යාබද නිවසේ පොල් ගසකට හේත්තු කර තිබූ වායු රයිපලය අතට ගත් මව එය පරීක්ෂා කිරීමට තැත් කිරීමේදී ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. වායු රයිපලයෙන් නිකුත් වූ උණ්ඩයක් වැදීමෙන් දරුවාගේ නිකට ප්‍රදේශය තුවාල වී ඇති අතර දරුවා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
තායිලන්ත අගමැති ධුරය සඳහා එරට පාර්ලිමේන්තුව මගින් තෝරා පත්කර ගත් පේටොන්ග්ටාන් ශිනවත් සඳහා තායිලන්ත රජතුමා ගේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව එරට ළාබාලතම අගමැති ලෙස ඇය වාර්තාගත වනවා. 37 හැවිරිදි වියේ පසුවන ඇය තායිලන්තයේ හිටපු අගමැතිවරයෙක් වන තක්සින් ශිනවත් ගේ දියණියයි.
ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා නොගන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති අපේක්ෂකයින්ට දන්වා තිබෙනවා. ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගතගොත් ඒ වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කලේ. මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222