- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
Author: accioAdmin
කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතට ගෙන ඇතැයි වාර්තාවනවා. අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන්. එමෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි එම අධිකාරියේ ප්‍රකාශකයකු සඳහන් කලේ. අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් අදාල නෞකාව මගින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වී තිබුනා.
යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාර පාලිකාව ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. නේවාසිකාගාරයේ සිටි සිටි සිසුවියන්ට පහරදීමේ සිද්ධියකට අදාළව මෙම පාලිකාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි යාපනය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11දෙනෙකු පොලීසියට පැමිණ භාර වී තිබු අතර ඒ අනුව අදාළ නේවාසිකාගාරයේ පාලිකාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ වන විට එම සිසුවියන් 11 දෙනා යාපනය ශික්ෂණ රෝහල ප්‍රතිකාර ලබන බව සඳහන්. සිද්ධියට අදාළව නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණය පොලිසියට නියෝග කර ඇත්තේ කිසිදු බාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොදෙන ලෙසයි.
අධි බලති විදුලි රැහැනක් නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් එම නිවාස ගිනිගෙන විනාශ වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කලේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටා තිබු විශාල රුස්ස ගසක් මාර්ගයට කඩා වැටුණු අවස්තාවේ එම ගසේහි අතු මත පැටලී තිබුණු අධි බලති විදුලි රැහැනක් අදාළ නිවාස මතට වැටි ඇති බවයි. ගින්නෙන් නිවසේ තිබු බඩු බාහිරාදිය ගිනිගෙන විනාශ වි ඇති අතර , ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු සමග සමීප සම්බන්දතා පැවැත්වූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්. අත්අඩංගුවට ගැනුණ එක් සහෝදරයකු පිට පළාතක ධීවර වරායක ද අනෙක් සහෝදරයා කොළඹ කන්ටේනර් අංගනයක ද සේවය කරන බවයි වාර්තා වී ඇත්තේ. අත් අඩංගුවට ගත් මෙම සහෝදරයන් දෙදෙනා ද රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා .
2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වැනි සැසි වාරය සහ අමාත්‍ය හමුව මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා වී ඇත්තේ විදේශ විනිමය ඉපයීම් වැඩිකර ගැනීම, සාමාජික රටවල් අතර ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ප්‍රවර්ධන කිරීම සහ පොල් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසායි. ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය විසින් උපයන ලද ආදායම් හා පොල් අංශයේ පෞද්ගලික ආයතන කිහිපයක දායකත්වයෙන් එකී සැසිවාරය සහ අමාත්‍ය හමුව මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ…
බත්තරමුල්ල නොලුම් මාවතට ඇතුළුවන ස්ථානයේ නොසන්සුන්තාවක් මතුව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කලේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව,”රට වනසන පනත් පරාජය කරමු” යනුවෙන් සටහන් කළ විරෝධතා පුවරු සහිතව පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලය පිහිටි නෙළුම් මාවත වෙත විරෝධතා පා ගමනක් පැමිනි බවයි. නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා කිරීමත් සමගයි මෙම උණුසුම්කාරී තත්වය මතුව ඇත්තේ. එහිදී එම ස්ථානයේ දී විරෝධතාකරුවන් පොල් ගසමින් සිය විරෝධය පළ කර ඇති අතර එම අවස්ථාවේ පක්ෂ මුලස්තානයට යමින් සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට හූ හඬ පල කරමින් විරෝදය දක්වා තිබෙනවා. මේ අතර පොහොට්ටු කාර්යාලයට යාම සඳහා ඩෑන් ප්‍රියසාද් ඇතුළු…
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමත්‍යවරයා සඳහන් කරන්නේ ඉන් සමාගම් දෙකක් විදෙස් සමාගම් වන අතර අනෙක් සමාගම දේශීය සමාගමක් වන බවයි. එම සමාගම් ත්‍රිත්වය අතරින් එක් සමාගමක් තෝරා ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අමත්‍යවරයා කියා සිටියේ ඉදිරිපත්ව ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක බවයි.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තිය සමිති විසින් වරින් වර ඉල්ලීම් ඉදිරිපත් කර තිබුනා. එම නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් මෙම විෂමතා නිවැරදි කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි මෙම විශේෂඥ කමිටුව පත් කිරීමට තීරණය කර ඇත්තේ.
සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කානුවක තිබී කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ලියනගේමුල්ල, කැලෑපල්ලිය අසල මාර්ගයේ කාණුවක තිබී අද උදැසන මෙම මළ සිරුර සොයාගත් බවයි සීදූව පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. මෙම කාන්තාව වෙනත් ස්ථානය ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දැමුවාද, නැත්නම් මම ස්ථානයේ දීම ඝාතනය කළා ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නවුත්තුඩුව කිරන්තිඩිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදී ගුරුවරයකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. අරගල සමයේ දී පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලූපිටියේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකර තිබුනා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියට අදාළව වරින් වර සැකකරුවන් 25 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන. අධිකරණය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














